ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ විශ්වාස කළ නොහැකි ලෙස ඉන්දියාව ඉදිරියේ පරාජය වීම යළිත් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20 - 20 ලෝක කුසලානය ආශ්‍රිතව පැවති පුහුණු තරගය ඉන්දියාවට ලකුණු 26 ක ජයක් හිමි කර දෙමින් අවසන් වුණා.කඩුලු 4 ක් ලකුණු 51 ට අහිමි කර ගෙන සිටි ඉන්දියාවට රෝහිත් ෂර්මා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 78 ක් එක් කරමින් ලබා දුන් දායකත්වය මත ඉන්දියාවට සිය පන්දු ඕවර් 20 කඩුලු 5 ට ලකුණු 146 ක් ව තිබියදී අවසන් කරන්නට හැකි වුණා.
ඉන්දියාව ඉදිරියේ අසාර්ථක සහ අසරණ වීමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්වන ලසිත් මාලිංග මෙම තරගයේදී ද දෝනි ඉදිරියේ දැඩි අසාර්ථක තත්ත්වයකට පත් වුණා.අවසාන පන්දු ඕවරයේ අවසන් පන්දු 5 ට මාලිංග ගෙන් ලකුණු 17 ක් උදුරා ගැනීමට ඉන්දියාවට හැකි වූ අතර ඒ නිසා ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට රැස් කර ගත යුතු ලකුණු ප්‍රමාණය 147 දක්වා වර්ධනය වුණා.දෝනි ඉන්දීය ඉණිම ගොඩ ගනිමින් පන්දු 42 ක් තුළ ලකුණු 55 ක් නොදැවී ලබා ගත් අතර රෝහිත ෂර්මා ලකුණු 37 ක් ලබා ගත්තේ පන්දු 26 ට යි.
පිළිතුරු ඊනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් යුගලයම ලකුණු 15 ක් වන විට ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට ඉර්ෆාන් පතාන් සමත් වුණා.තරගයේ ආරම්භයේදී මෙන්ම අවසාන භාගයේදී ද ශ්‍රී ලංකා ඉණිමට අවහිර කළ පතාන් ලකුණු 25 ට කඩුලු 5 ක් ලබා ගනිමින් ගෙවුණු එක්දින සහ 20 - 20 තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට අපහසුය ඉන්දීය බලවේගය බව තමා බව යළිත් තහවුරු කළා.
සංගක්කාර 32,මැතිව්ස් 16,ජීවන් මෙණ්ඩිස් 26 සහ ලහිරු තිරිමාන්න 24 ක් ලෙස ශ්‍රී ලංකා ඉණිම ගොඩ ගැනීමට යම් වෙහෙසක් දැරුවද ලකුණු 118 දී හයවන කඩුල්ල ලෙස තිසර ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මහේල ලකුණු නොලබාම දැවී ගියා.118 දී කඩුලු දෙකක් අහිමි කර ගන්නා ශ්‍රී ලංකාව ලකුණු 120 දී කඩුලු තුනක් අහිමි කර ගන්නා අතර දැවී ගිය කඩුලු පහෙන් තුනක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා නොදි (මහේල,කුලසේකර සහ මාලිංග) දැවී ගිය කඩුලු වූණා.ඒ සමගම ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 19.3 දී සියල්ලම දැවී ලකුණු 120 ට නිමාවට පත් වෙනවා.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/578137.html මෙම සබදතාවයෙන් තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
www.supirikrida.com