Aug 27, 2012

වයඹ රුහුණ පළවා හරිති

Dinesh Chandimal celebrates his fiftyස්එල්පීඑල් තරගාවලිය යටතේ පැවති වයඹ සහ රුහුණ කණ්ඩායම අතර තරගයෙන් රුහුණ කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත් කළ වයඹ කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ සිටින්නට අවශ්‍යය පසුබිම සකසා ගනිද්දී රුහුණ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළ වයඹ කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස් කරන්නට යෙදුණ ප්‍රවේගකාරී ලකුණු 75 සහ ඔහු සහ තමීම් ඉක්බාල් (36) අතර පළමු කඩුල්ලට රැස් කළ ලකුණු 66 සබදතාවය හේතුවෙන් වයඹ ඉණිම ලකුණු 162 දක්වා දිගු විය.කඩුලු හතක් එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් බිලි දීමට වයඹ කණ්ඩායමට සිදු වූ අතර එම කඩුලු වලින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා වූ දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් ලකුණු 32 ට දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ රුහුණ කණ්ඩායම ලකුණු 148 ට සීමා වූ අතර එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 40 රැස් කරන්නට සමත්විය.තිරිමාන්න නොදැවී රැස් කළ එම ලකුණු ප්‍රමාණය මෙන්ම සියළු දෙනාම දැවී යාම වළකමින් ලසිත් මාලිංග තරගයේ අවසාන මොහොතේදී පන්දු 15 කින් ලකුනු 22 ක් නොදැවී ලබා ගැනීමද කැපී පෙණින.ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමෙන් පසුව අකිල ධනංජය සහභාගි වූ පළමු තරගයේදී එතරම් සාර්ථක වූයේ නැති අතර ඔහුගේ පන්දු ඕවර් 3 ට ලකුණු 37 ක් ලබා ගැනීමට රුහුණ කණ්ඩායම සමත් වූ අතර ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.
තරගයේ සමස්ත ලකුණු විස්තරය මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571372.html
www.supirikrida.com

බෘනායි කෝඩුකාරියෝ තරගාවලියේ වැඩිම ලකුණුලාභියෝ වෙති


ටවන ආසියානු දැල්පන්දු තරගාවලියට ඉදිරිපත්වන කෝඩුකාර බෘනායි කණ්ඩායම වසරක් ඇතුළත ශ්‍රී ලංකා ජාතික පුහුණුකාරිණියව සිටි තිලකා ජිනදාස ඉදිරියේ ලබා ඇති ප්‍රගතිය අපූරුවට පැහැදිළි කරමින් පකිස්තානයට එරෙහිව ලකුණු 91 - 13 ක ජයක් ලබමින් තරගාවලියේ වැඩිම ලකුණුලෘභිණියන් වන්නට සමත්විය.පකිස්තානු ක්‍රීඩිකාවන අතින් සිදු වූ වැරදි නිසා වරින්වර අවවාද සහ නිදහස් පහර සදහා තරගය නො'නවත්වන්නට ප්‍රතිපලය ඊටත් වඩා වෙනස් වන්නට තිබුණු අතර එසේ වූවා නම් ලකුණු ප්‍රමාණය 100  ඉක්මවා යන්නට බොහෝ විට ඉඩ තිබිණි.

බෘනායි කණ්ඩායම මෙම තරගය පුරාවට පැහැදිළි කළ වේගවත්බව සහ ශක්තිවන්ත භාවය ඉතා ඉහළින් කැපී පෙණුන අතර පකිස්තානයට සිදු වූ ලොකුම හානිය සිදු වූයේද බෘනායි කණ්ඩායමේ දරා ගැනීමේ ශක්තියෙන් වූ අතර එම ශක්තිය සහ වේගයට සමීප වන්නටවත් නොහැකි තරමට අසරණ වූ පකිස්තානු කණ්ඩායම තරග නරඹන්නන් පමණක් බවට පත් විය.මාල දිවයින අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ඉදිරියට පිවිසි බෘනායි,එමපළමු තරගයේදී දක්වන්නට යෙදුණු සබකෝලයෙන් මිදී දිනක් ඇතුළත ලබා තිබූ ප්‍රගතිය අති විශිෂ්ඨ විය.
විශේෂයෙන් ඔවුන්ගේ මැද පෙළ,පෙර පෙළ සහ පසු පෙළ අතර අන්තර් සම්බන්ධය ඉතා ඉහළින් පැවතීම සහ සමබරව තරගය ඉදිරියට ගෙන යාමට දක්වන දක්ෂතාවය තුළින් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය පැහැදිළි කරන අතර තිලකා ජිනදාස දැල් පන්දු ක්‍රීඩිකාවක් මෙන්ම මලල ක්‍රීඩිකාවක් ලෙස ලද ආභාෂයද මේ සදහා බල පාන්නට ඇත.කෙසේ හෝ මෙම තරගාවලියේදී ඉන්දියාව,මාල දිවයින වැනි රටවල් දක්වන දක්ෂතා දකින විට ලූඩ්ස් ජයසේකර වැනි පුහුණුකාරියන් එම රටවල දැල් පන්දුව පෝෂණය කිරීමට දක්වා තිබෙන දායකත්වය ඉහළින් කැපී පෙනෙන අතර,තිලකා ජිනදාස ගේ නම ද ලංකාවට ආඩම්බරයක් විය හැකි ජාත්‍යන්තර ඇගයීම් ලබන නාමයන් අතරට වසරක බෘනායි දැල්පන්දු වික්‍රමය හරහා පත්වනු නිසැකය.තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි බෘනායි කණ්ඩායම 21-3,25-5,25-2 සහ 21 -3 ක් ලෙස කාර්තු හතර  ඉදිරියෙන් සිටිමින් සිය ශක්තිවන්තභාවය මෙම තරගයේදී කදිමට ප්‍රදර්ශණය කළේය.
සිංගප්පූරුව සහ මාල දිවයින අතර පැවති තරගය ලකුණු 82 -11 ක් ලෙස ජය ගැනීමට සිංගප්පූරුව සමත් විය.තරගයේ මුල සිටම සිංගප්පූරුව ඉදිරියෙන් සිටි අතර මෙහිදී ශ්‍රී ලංකා ලකුණු යන්ත්‍රය අක්‍රිය කිරිම පිණිස සොයා  ගත් ඔවුන්ගේ සෙමි 196 ක් උස චෙන්ග් ලී ලී පළමු වරට තරගය සදහා යොදවා තිබුණු අතර එය ශ්‍රී ලංකාවට සිංගප්පූරුව අතර තරගයේදී අලුත් උපක්‍රම ගැන සිතීමට ලැබුණු යහපත් අවස්ථාවක් කර ගැනීමට තරගය නැරඹූ ශ්‍රී ලංකා පුහුණුකාියගේ උපක්‍රමශීලී මානසිකත්වය පොළඹවන්නට ඇත.
18 -01,22-0,21-4 සහ 21-6 ක් ලෙස ලකුණු පූවරුව සටහන් වූ එම තරගයේදී මාල දිවයින ක්‍රීඩිකාවන්ට කිසිදු ඉඩක් ලබා නොදෙමින් ලකුණු රැස් කළ සිංගප්පූරුව එම තරගයට තරගකාරී අවස්ථාවකට වඩා පෙර පුහුණු අවස්ථාවකට මෙන් විවිධ අත්දැකීම් ලබා ගැනීමට යොදා ගන්නා ආකාරයක් දක්නට තිබිණ.වර්ථමානයේ ආසියාතික රටවල් අතර ජගත් ශ්‍රේනිගත කිරීම්වල අංක එකට සිටින කණ්ඩායම වන සිංගප්පූරුව මෙම තරග‍ාවලියේදී එම කීර්තියට ආසියානු සූරතාවලියේ දී අංක එක වීම ගැනත් විශේෂයෙන් සිතනු නො'අනුමානය.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේදී  මේ වන විට ශ්‍රේණිගත කිරිමවල දී ආසියාවේ අංක එක අහිමි වී තිබීම නැවත ලබා ගැනීමට දරණ උත්සාහයේදී සිංගප්පූරුවට බොහෝ විට බොහෝ බලාපොරොත්තු අහිමි කර ගන්නට වනු ඇත.
ජපානය සහ නේපාලය යන රටවල් දෙකම තරගාවලියට කෝඩුකාරයින් වූ බැවින් තරගය විවෘත ස්වභාවයක් ගත් අතර එහිදී ජපානය ලකුණු 52 ක් ලබන්නට සමත්විය.තරගාවලියේ පළමු අර්ධයේ සිටම ඉදිරියෙන් සිටි ජපානයට එරෙහිව නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 27 ක් පමණි.ප්‍රථම කාර්තුවේදී ලකුණු 13 - 7 ක් ලෙස ඉදිරියට එන්නට පටන් ගත් ජපානයට නේපාලයෙන් දෙවන වටයේදී දැඩි තර්ජනයන් එල්ල වූ අතර එම වටයේ ලකුණු ප්‍රමාණය 10 - 9 ක් ලෙස ලකුණු එකකින් පමණක් ඉදිරියෙන් සිටීමට ජපානයට හැකි විය.තෙවන වටය 15 - 4 ක් සහ කෙවන වටය 14 -7 ක් ලෙස නිමා කළ ජපානය සිය කෝඩුකාර සහභාගීත්වයේ පළමු ජය සමුරන්නට සමත් විය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව ජය මාවතේ දැවැන්ත සටහනක් තබයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 85 - 29 ක අති විශිෂ්ඨ ජයක් ලැබීය.තරගයේ මුල සිටම ඉන්දියාව අභිබවමින් පෙරට පැමිණි ශ්‍රී ලංකාව තරගයේ ප්‍රථම කාරතුවේදීම ලකුණු 23 -06 ක් ලෙස පෙරට පැමිනියේ ය.දෙවන කාර්තුවේදී තවත් ලකුණු 25 -09 ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව තෙවන කාර්තුවේදී දැඩි අපහසුතාවයකට පත් කළ ඉන්දියාව,ශ්‍රී ලංකාව ලකුණු 14 ක් ලබන විට ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් විය.තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ තරුණ වීම ඉන්දියාව තෙවන වටයේ දී කළ ආක්‍රමණය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කළ අතර ඒ අනුව ඉන්දියාවට හැකි වූයේ ලකුණු 04 කින් සෑහෙන්නට ය.නමුත් අවසාන වටයේදී ආරක්ෂක අංශයේ මැදිහත් වීම මත පන්දුව 31 වතාවක්ම ශ්‍රී ලංකා දැල වෙත පැමිණියද එයින් සාර්ථක කර ගැනීමට ලැබුණේ අවස්ථා 23 ක් පමණි.
තරගයේ ලකුණු යන්ත්‍රය සක්‍රිය කිරීමට තර්ජනී සිවලිංගම් ට ඇති හැකියාව මෙහිදී ද පැහැදිළි වූ අතර ඇය උත්සාහයන් 55 කින් 53 ක් ම සාර්ථක කර ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 96 ක් විය.ශසිකා සමරසිංහ උත්සාහයන් 11 කින් 09 ක් ම සාර්ථක කර ගත් අතර ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතය සවිබල ගැන්වීම පිණිස වඩා වැදගත් වන තිසාලා අල්ගම උත්සාහයන් 24 කින් 20 ක් ද සේමිණි අල්විස් උත්සාහයන් හතකින් 03 ක් ද සාර්ථක කර ගැනීමට සමත් විය.
තරගයේ කාර්තු හතර වෙනස් ක්‍රීඩිකාවන් යොදවමින් ජ්‍යෙෂ්ඨයන්ට විවේකය ලබා දීම හොංකොං තරගයේදී මෙන්ම මෙම තරගයේදී ද දකින්නට ලැබුණු අතර නමුත් කණ්ඩායමේ ආරක්ෂක පෙළ බිද ගෙන ගොස් ඉන්දියාව ලකුණු 29 ක් ලැබීම පිළිබදව නැවතත් සිතා බලන්නට සිදු වෙයි.තරගයේ දී නව මුහුණු වැඩි පුර දකින්නට ලැබුණු සිව්වන වටයේදී ඉන්දීය දැල ආක්‍රමණය 31 වතාවක් සිදු කිරිමට තරම් ශ්‍රී ලංකා ප්‍රහාරක අංශය සාර්ථක වීම හොද තත්ත්වයක් මෙන්ම එය තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී දැල ආක්‍රමණයට පිවිසි වැඩිම අවස්ථා ගණනද විය.එසේම ඉන්දීය ප්‍රහාරක අංශයට ද ශ්‍රී ලංකා දැල වෙත පිවිසීමට අවස්ථාවක් නොලැබුණු අතර එය අවස්ථා අටකට පමණක් සීමා වීම ද,ශ්‍රී ලංකා අාරක්ෂක අංශයේ හොදම මැදිහත් වීම විය.
මේ තත්ත්වය මවන ච්‍රිත්‍රය අතිශයින් වැදගත් වන අතර විශේෂයෙන් සේමිණි අල්විස් සහ තිසාලා අල්ගම ලකුණු ලබා ගැනීමට අමතරව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරිම වැළක්වීමට ගත් පැසසිය යුතු දායකත්වය ද අවධානයට ලක් කර තරගාවලිය ගමන් කරන ආකාරයට බොහෝ විට ශ්‍රී ලංකා - සිංගප්පූරු විය හැකි අවසාන තරගයේදි කණ්ඩායමේ සංයුතිය සැකසීමට  ශ්‍රී ලංකා බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය.ඒ නිසා ඉදිරි තරගවලදී එම ක්‍රීඩිකාවන් දෙදෙනා ගෝල් කීපර් සහ ගොල් ඩිෆෙන්ස් යන ස්ථාන වල යොදවා ක්‍රීඩා කර යම් කිසි අධ්‍යයනයක යෙදිය හැකිනම් ශ්‍රී ලංකාවට තරගාවලියේ තීරණාත්මක තරග සදහා පිවිසීමේදී එය වැදගත් වනු ඇත.
මරීෂා ප්‍රනාන්දු,ශසිකා සමරසිංහ මෙන්ම ගයත්‍රි ලංකාතිලක ද මෙම තරගයේදි ද සිය ජ්‍යෙෂ්ඨත්වයේ සහ පළපුරුද්දේ වටිනාකම පැහැදිළි කරන්නට සමත් විය.ප්‍රථම තරගයේදී පැවසූ ආකාරයටම තර්ජණී තව දුරටත් සැහැල්ලු වීමට අවශ්‍යය බව මෙම තරගයේදී ද පැහැදිළි කළ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමණට බෙහෙවින්ම අත්‍යවශ්‍ය ය.
www.supirikrida.com

භාරතයේ හෙට දවස පැහැබරයි

ස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් සූරතාවලියේ අවසාන තරගයේදී සත්කාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු හයක විශිෂ්ඨ ජයක් ලබන්නට ඉන්දියාවට හැකිවිය.ඉන්දියාව තරගය ජය ගැනීම මෙන්ම ඔවුන් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් තීරණ ද පැහැදිළි බව ද පෙන්වමින් නියම නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ උන්මුක්ට් චාන්ඩ් මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව විසින් රැස් කළ ලකුණු 225 එඹා යාමේදී දැක් වූ දක්ෂතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිණ.නායකත්වය පීඩනයක් නොව වගකීමක් බව පැහැදිළි කළ චාන්ඩ් පන්දු 130 දී නොදැවී ලකුණු 111ක් රැස් කළේ හතරේ සීමාව බිම දිගේ ඉක්මවා ගිය පහරවල් හතකින් සහ සීමාවට ඉහළින් එල්ල වූ පහරවල් හයක් ද සහිතවය.
ඕස්ට්‍රේලියාව මෙම තරගයේ සිය පන්දු වාර පනහෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් නිම වෙද්දී ද දැඩි අසරණ බවක ගිලී සිටි අතර ලකුණු 38 ක ට කඩුලු හතරක් බිද වැටීමෙන් පසුව නායක විලියම් බොසිස්ටෝ (නොදැවී 87),ට්‍රෙවිස් හෙඩ් (37) සහ ඇස්ටන් ටර්නර් (43) විසින් දක්වන දායකත්වය මත ඕස්ට්‍රේලියාවේ ලකුණු පූවරුව 225 ක් බවට පත්විය.පන්දු යැවිමේදී යළිත් දක්ෂතා දැක්වූ සන්දීප් ෂර්මා ලකුණු 54 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.
ඉන්දීය පිලිතුරු ඉණිමට ද ඕස්ට්‍රේලියාවට සිදු වූ දෙයම සිදු විණි.25 වන ඕවරයේ දෙවන පන්දුවේදී සිය සිව්වන කඩුල්ල අහිමි වන විට ඉන්දිය ලකුණු පූවරුව 97 ක් පමණක් විය.නමුත් ඉන් අනතුරුව ලකුනු පූවරුවේ දැවීම් වල සංඛ්‍යාව වෙනසක් නොවන්නට වග බලා ගත් නායක චාන්ඩ් සහ ස්මිත් පටෙල් (නොදැවී 62) නොබිදුණු ලකුණු 130 ක සබදතාවයක් පවත්වමින් 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ඉන්දීය ලකුණු පූවරුව 227 ක් බවට පත් කළේය.පහත සබදතාවයෙන් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554564.html
www.supirikrida.com

Aug 26, 2012

බස්නාහිර පහළටම වැටෙයි

Ruhuna's Nasir Jamshed hits through the leg sideස්එල්පීඑල් තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් හොද ආරම්භයක් ලබා ගත්තද ඉන් අනතුරුව දිගින් දිගටම පරාජය විදි බස්නාහිර කණ්ඩායම ඊයේ රුහුණ කණ්ඩායම ඉදිරි‍යේ යළිත් කඩුලු 4 ක පරාජයක් ලැබීය.පලඹුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම වෙනුවෙන් නායක ටීඑම් ඩිල්ෂාන් ලකුණු 15 ක් ලබා සිටියදි දැවී ගිය පසු කැමෙරන් බ්‍රෝගස් ලකුණු 40 ක් සහ තරගයෙන් ඉවත් වූ රයිලි රොසොව් ලකුණු 31 ක් ලබා ගත්තද සිය පන්දු ඕවර් 20 නිම වන විට ලකුණු පූවරුව 123 දක්වා පමණක් ඔසවා තැබීමට හැකි විය.කඩුලු හතරක් පමණක් දැවී ගියද රැකුණු කඩුලු ප්‍රමාණයට සාපේක්ෂව ලකුණු ප්‍රමාණය ඉහළ ගියේ නැති නිසා රුහුණට අසීරු ඉලක්කයක් ලබා දීමට අපහසු විය.
දැවී ගිය කඩුලු හතරෙන් දෙකක්ම පකිස්තානය නියෝජනය කරන පන්දු යවන්නෙකු වන වහාබ් රියාස් වෙත හිමි වූ අතර ඔහු ඒ වෙනුවෙන් ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි.පිළිතුරු ඉණිමට පිවිසි රුහුණ කණ්ඩායමේ පිතිකරුවන්ද පිටියට පැමිණි විගස ආපසු හැරි යන පෙරහැරක් බවට පත් කිරිමට බස්නාහිර පන්දු යවන්නෝ සමත් වූහ.එහෙත් රුහුණ වෙනවෙන් යොදවා තිබෙන පකිස්තානු බල‍ය නැවත ක්‍රියාවට නැගුණු අතර ආරම්භක පිතිකරු නසීර් ජම්ෂෙඩ් නොදැවී ලකුණු 51 ලබමින් තරගය නිමවන තුරු පවත්වා ගෙන යමින් කැපී පෙණින.ඒ අනුව ඔහු තරගයේ වීරයාද විය.තරගයේ සමස්ත ලකුණු පූවරුවට ‍පහත සබදතාවය තෙරපා ප්‍රවේශ විය හැකිය.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571369.html
www.supirikrida.com

අද 19 න් පහළ අවසාන තරගය-තෙවන තැන තරගයකින් තොරවම දකුණු අප්‍රිකාවට

William Bosisto and Unmukt Chand with the U-19 World Cup ahead of the finalස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගය අද ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවත්වෙන අතර ඊයේ පැවති තෙවන ස්ථානය තීරණය කරන තරගයෙන් අපහසුවකින් තොරව ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉණිම ලකුණු 90 ට සීමා කරමින්ය.පන්දු ඕවර් 36.5 ක් තුළ ලකුණු 90 ට දැවී ගිය නවසීලන්ත ලකුණු ප්‍රමාණය 94 දක්වා ගෙන යන්නට දකුණු අපිකාවට ගත වූයේ පන්දු ඕවර් 14.4 ක් පමණක් වූ අතර ඒ සදහා වැය වූයේ කඩුලු  2 ක් පමණි.
මෙම සටහන තැබෙන විට මෙවර අවුරුදු 19 න් පහළ ලෝක සූරයන් තීරණය කෙරෙන තරගය ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්හිල් හී ක්‍රියාත්මක වන අතර පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව ලකුනු 88 ට කඩුලු 4 ක් ලබා දුෂ්කර තත්ත්වයක පසු වෙයි.ලකුණු 38 ට කඩුලු 4 ක් දැවී ගොස් දැඩි අවදානමකට මුහුණ දී සිටි ඕස්ට්‍රේලියාව එම තත්ත්වයෙන් යම් තරමකට නිදහස් කරගෙන ක්‍රීඩා කරන නායක විලියම් බොලිස්ටෝ (13) සහ ට්‍රේවිස් හෙඩ් (32) ලකුණු 50 ක් එක් කර ගෙන සිටින නමුත් පන්දු ඕවර් 26 ක් ම ගෙවී අවසන්ය.අලුත් වන ලකුණු පූවරුව මෙම සබදතාවයෙන් දැක ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/current/match/554564.html
www.supirikrida.com

කෝඩුකාර බෘනායි විසේකාර අාරම්භයක

සරක පමණ කාලයක ඇවෑමෙන් සත් වන ආසියානු දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ පුහුණුකාරිණිය තිලකා ජිනදාස ගේ මග පෙන්වීම යටතේ ආසියානු දැල් පන්දු තරගාවලියට පිවිසි බෘනායි කණ්ඩායම මාල දිවයින සමග පැවති තරගය 26 - 26 ලෙස නිමා කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.තරගයේ ඇරඹුමේ සිටම තමන්ට වඩා අත්දැකීම් ඇති මාලදිවයින ට කරට කර තරගයක් ලබා දුන් බෘනායි කණ්ඩායම ඇතැම් අවස්ථාවක මාලදිවයින අභිබවමින් පෙරට ආව ද,තරගයේ අවසාන තත්පර කිහිපයේදී මාලදිවයින ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටිය අතර ඒ අවස්ථාවේදී දැඩි විසේකාර ක්‍රීඩා රටාවකට පිවිසි බෘනායි කණ්ඩායම ශක්තිවන්ත සහ වේගවත් ක්‍රීඩා රටාවකට පිවිසෙමින් ලකුණු දෙකක් ලබා තරගය සම ලකුණු තත්ත්වයකින් අවසාන කළේය.
දැල් පන්දු ක්‍රීඩිකාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මලල ක්‍රීඩිකාවක ද වන තිලකා ජිනදාස ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ඔලිම්පික් පිටියට පා තැබූ කාන්තාව ලෙස ද ඉතිහාසයට එක් වි සිටින අතර ඇය කණ්ඩායමක දරා ගැනීමේ ශක්තිය ඉතා ඉහළින් රදවා ගැනිමට හැකි පුහුණුකාරියක ලෙස ප්‍රකටය.මාලදිවයිනට එරෙහි තරගයේදී බෘනායි කණ්ඩායමෙන් ඒ බව කදිමට පැහැදිළි වූ අතර එය බෘනායි කණ්ඩායම ලද ජයක් මෙන්ම ශ්‍රී ලංකා දැල් පන්දුව ආසියාවේ ඉහළ අවධානයකට ලක් වන තරගයක් ද වූයේ තිලකා ගේ පුහුණුකාරීත්වය වසරක පමණ කාලයකදී එරට දැල්පන්දු ක්‍රීඩාවේ ඇති කර තිබෙන ප්‍රගතිය එයින් පැහැදිළි වන නිසාය.
තරගයේ පළමු කාර්තුවේ ලකුණු 8 - 7 ක් ලෙස මාල දිවයින පෙරමුණේ සිටි අතර,දෙවන කාර්තුව නිම වන විට ලකුණු පූවරුවේ පෙරමුණ 15 -13 ක් ලෙස බෘනායි කණ්ඩායම විසින් අත් කරගෙන සිටියේය.තෙවන කාර්තුව නිමා වන විට ලකුණු පූවරුව දිස් වූයේ 21 -  20 ක් ලෙස වූ අතර පෙරමුණේ සිටියේ බෘනායි කණ්ඩායමය.තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩිය එළැඹෙන්නට සුළු මොහොතකට පෙර ලකුණු පූවරුව 26 -24 ක් ලෙස දිස් වූ අතර ඒ අවස්ථාවේදී නැවත තරගයට පිවිසි බානායි ක්‍රීඩිකාවෝ ලකුණු දෙකක් ලබා ලකුණු පූවරුව 26 - 26 ක් ලෙස සම කිරීමත් සමග තරගය අවසාන කරන නලාව නාද විය.
ඊයේ දිනයේ පැවති ප්‍රබලතම තරගය වූ මැලේසියාව සහ සිංගප්පූරුව අතර තරගයේ ප්‍රථම වට තුනම ඉදිරියෙන් සිටි මැලේසියාවට අවසාන වටයේදී සිය වේගය සහ ජවය පෙන් වු සිංගප්පූරුව ලකුණු 38 - 34 ක් ලෙස මැලේසියාව පරාජය කළේය.තරගයේ පළමු කාර්තුවේ සිංගප්පූරුව දැඩි අපහසුතාවයකට පත් කළ මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 11-5 ක් ලෙස පෙරමුණට පැමිණි  අතර,දෙවන කාර්තුව නිම වන විට එම තත්ත්වය ඉදිරියට ගොස් තිබුණේ ලකුණු 19 -14 ක් ලෙස මැලේසියාවටම වාසිය අත් වන ආකාරයෙන්ය.තෙවන කාර්තුව නිම වන විටද මැලේසියාව ලකුණු 28 -25 ක් ලෙස පෙරමුණේම සිටි අතර ලකුණු පරතරය තුන දක්වා අඩු කර ගන්නට සිංගප්පූරුව සමත් වී තිබිණි.නමුත් තරගයේ අවසාන කාර්තුවට පිවිසීමත් සමග දැඩි වේගයක් සහ පාලනයක් ඇතිව තරගයට අවතීර්ණ වූ මේ වන විට ජගත් ශ්‍රේනිගත කිරීම්වල ආසියාවේ අංක එකේ සිටින සිංගප්පූරුව සිය තත්ත්වය කදිමට පැහැදිළි කළ අතර සිය සමස්ත ලකුණු ප්‍රමාණයට ලකුණු 13 ක් එක් කර ගනිද්දී,මැලේසියාවට ලබා දුන්නේ ලකුණු හයක් පමණක් රැස් කිරීමටය.
ඉන්දියාව සහ ජපානය අතර තරගයේ දී කෝඩුකාර ජපනෙය සිය පාලනයට සම්පූර්නයෙන් යටත් කර ගත් ඉන්දියාව ලකුණු 64 - 17 ක් ලෙස තරගය නිම කළේ පහසු ජයක් ලබමින්ය.නමුත් ජපානය තරගයට කෝල බවක් නොපෙන්වා තරගය පුරාම ලකුණු හොයමින් වෙහෙස වූ ආකාරය ප්‍රශස්ත මට්ටමක විණි.ජපාන කණ්ඩායම කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වීම හදුනා නොගැනීම එහිදී මැනවින් පැහැදිළි වූ අතර ඔවුන්ගේ හොදම ලකුණු ලබන්නිය බවට පත් වූ නකතානි උත්සාහයන් නවයෙන් නවයක්ම සාර්ථක කර ගත්තද ඇය ලවා ලකුණු ලබා ගැනීමට පන්දුව යොමු කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම පසෙක ලා,තමන්ට ලකුණු ලැබීමට ලැබුනු අවස්ථාවන් 25 න් 16 ක් ම අනෙකුත් ක්‍රීඩිකාවන්ට පවරා තිබෙනු දැකීම ඒ බව පැහැදිළි කරන්නේය.ඉන්දීය කණ්ඩායමද ජපානයේ දුර්වල කමින් ලකුණු ලබා ගත්තේද යන්න කීමට වඩා ඇයගේ දැල ප්‍රහාරිකාව වූ කොවුර් විසින් සිය උත්සාහයන් 47 න් 40 ක් ම නිසි ඉලක්කයට යොමු කිරිමත් කැපී පෙණින.
www.supirikrida.com