Aug 13, 2012

2016 ඔලිම්පික් සදහා ගොල්ෆ් සහ සත් සාමාජික රග්බි

රියෝද ජැනෙයිරෝ හී 2016 දී පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කිරීමට යෝජනා වී තිබූ ගෝල්ෆ්,සත් සාමාජික රගර් යන ඉසව් පළමු වරට ඔලිම්පික් තරගාවලියක් සදහා ඇතුළත් කිරීමට අනුමැතිය ලැබී තිබෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු වාර්තා පැහැදිළි කරයි.මේ සදහා යෝජනා වී තිබූ කයිට්ස් සර්ෆින්ග් ඉසව්ව වෙනුවට වින්ඩ්සර්ෆින් ඉසව්ව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති අතර මීට පෙර සත් සාමාජික රගර් ක්‍රීඩාව ඇතුළත් නොවුණ ද ඔලිම්පික් ඉතිහාසයෙන් ලැබෙන කරුණු වලට අනුව 1900 දී පමණ ද ඔලිම්පික් සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා කරන රගර් ක්‍රීඩාව ඇතුළත් වී තිබේ.
නමුත් 1924 න් පසු ඔලිම්පික් පිටියේ රගර් පන්දුව දකින්නට ලැබි නැති අතර මෙම ක්‍රීඩා දෙකට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක් ඉදිරියේදී තව දුරටත් රියෝද ජැනෙයිරෝ තරගාවලියට ඇතුළත් වනු ඇතැයි විශ්වාසය පළ වෙයි.
www.supirikrida.com

ලංකාවට අද ජය මගට පිවිසෙන්නට අවස්ථාවක්

The captains of the 16 Under-19 teams pose with the World Cup trophyටවල් 16 ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය වන නැමීබියාවට එරෙහි තරගය අද බ්‍රිස්බේන් හී දී පැවත්වීමට නියමිතය.පළමු තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 249 ට පිළිතුරු ලෙස ලකුණු 224 ක් පමණක් ලබාගත් ශ්‍රී ලංකාව ලකුණු 25 කින් පරාජය වූ අතර ඒ නිසා අද ඇරඹෙන දෙවන තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් ය.
පළමු තරගය පරාජය වුව ද පිතිකරුවෙකු ලෙස ඇන්ජලෝ ජයසිංහ ලකුණු අතරට පිවිසීම කැපී පෙණෙන සිදුවීමක් වූ අතර ඔහු අගනා ලකුණු 83 ක් ලබා ගැනීමට සමත් විය.එසේම නායක සනිත ද මෙල් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 46 ට කඩුලු 3 ක් ලබා ගැනීමෙන් එම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වීය.නමුත් දෙදෙනෙකුට පමණක් තරගය ජය ගැනීම අපහසු කාරියක් වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හොද සබදතා කිහිපයක් වාර්තා නොවීම කැපී පෙණෙන දුර්වලතාවයක් විය.පස්වන කඩුල්ල සදහා ඇන්ජලෝ සමග එක්ව ලහිරු මධුශංඛ (48) ලකුණු 85 ක් එක් කළ ද ලහිරු දුවද්දී දැවී යාම නිසා ශ්‍රී ලංකාවට නිරපරාදේ ඔහුගේ කඩුල්ල අහිමි වීම පරාජයට බෙහෙවින් බල පෑවේය.නායක සනිත ද මෙල් (21) ද ඇන්ජලෝ සමග එක්ව හයවන කඩුල්ලට ලකුණු 53 ක් එක් කළ අතර එහෙත් තරගය ආරම්භයේ හොද අඩිතාලමක් වැටි නොවැටීම මෙන්ම පසුපෙළ කඩුලු රැක ගෙන ලකුණු අතරට ඒමේ කලාව හදුනා ගෙන නොසිටීම යන කරුණු ද්විත්වයම පරාජයට පාදක වූ ප්‍රධාන කාරණා විය.
www.supirikrida.com

Aug 12, 2012

කුරේ ට 55 වන තැන

න්ඩන් ඔලිම්පික් මැරතන් තරගය සදහා බී කාන්ඩයෙන් සුදුසුකම් ලබමින් තරග වැදි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එහි දී 55 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.ආසියාවේ මුල් දස දෙනා අතර සිටිමින් තරගය නිම කළ කුරේ පදක්කමකට පිවිසීමට වඩා මේ තරගයේදී වසර 37 ක් පැරණි ලුසියන් බී රෝසා ගේ පැය 2:14.31 ක් වූ ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යනු ඇතැයි විශ්වාස කළ ද එය ද සිදු නොවිණි.තරගයේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවති අවස්ථාවේ එයට අනුගත විමට නිරායාශයෙන් සිදුවීම කුරේට අදාළ ඉලක්කය ට යාමට නොහැකි වන්නට හේතුව විය හැකි අතර කෙසේ වුව ඔහු තරගයේ දි පියවරින් පියවර ඉදිරියට පැමිනි බවක් තරග දත්ත විමසීමේදී පැහැදිළි වන්නේය.
තරගයේ මුල් කිලෝ මීටර් 5 පසුවන විට 84 වන ස්ථානයේ සිටි කුරේ,අර්ධ මැරතන් දුර ප්‍රමාණය නිමා කරන විට 78 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබිණ.ඒ සදහා පැය 1:08.26 ක් ගත කර තිබුණු අතර ඉන් අනතුරුව තරගයේ සමස්තයේම වේගය බිද වැටීමක් සිදු වූවා දැයි සැක සිතෙන තරමට පසුබැමක් වී තිබෙන පැහැදිළි වන්නේ කුරේ ඉතිරි අර්ධයේදී ක්‍රමයෙන් ඉදිරියට පැමිණ ස්ථාන 23 කින් ඉදිරියට පැමිණ තිබෙන නිසාය.නමුත් මේ බිද වැටීම ඉදිරයෙන්ම සිටි කණ්ඩායම් වලට බලපෑමක් වී නැති අතර පළමු අර්ධයේ දී ඉදිරියෙන්ම සිටි ලෝකඩ පදක්කම්ලාභී විල්සන් කිප්සෑන්ග් සහ කුරේ අතර පරතරය වූයේ විනාඩි 5:11 ක් වූ අතර නමුත් තරගය නිමා වෙද්දී ප්‍රථම ස්ථානය දිනූ උගන්ඩාවේ ස්ටීවන් කිප්රොටිච් සහ කුරේ අතර පරතරය විනාඩි 12:40 ක් විය.
නමුත් කුරේ වඩාත් වැදගත් වන්නේ එංගලන්තයේ පුහුණුවකට නොගොස් එහි විවිධ අනීතික කාරනාද රහිතව රැදී සිටිමින් රැකියාවක් කරන අතරේ,ස්වෝත්සාහයෙන් සිය පුහුණුවීම් කටයුතු වල නියැලී ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තත්ත්වයට පත් වීමය.බොහෝ විට වෘත්තීය මට්ටමේ මලල ක්‍රීඩකයන් සමග එක්ව තරග කිරීමට ලැබීමේ හැකියාව ඒ ආකාරයෙන් ලැබීම වුව විශාල ජයග්‍රහණයක් බැවින් කුරේ ගේ නම සදහන් විය යුත්තේ රටට කීර්තියක් ගෙනා පුද්ගල ලේඛණයේ ය.
පැය 2:08.1 ක් වූ කාලයකින් තරගය නිමා කළ උගන්ඩාවේ සටීවන් රන් පදක්කම දිනා ගනිද්දී දෙවන ස්ථානය අබෙල් කිරුයි කෙන්යාවට දිනා දෙන්නේ පැය 2:08.27 ක කාලයක් ගත කරමින්ය.තෙවන ස්ථානය මේ වසරේ කැපී පෙනෙන විල්සන් කිප්සෑන්ග් ය.ඔහු පැය 2:09.37 කින් තරගය නිම කළ අතර මේ වසරේ හොදම කාලය වාර්තා කළ තරගකරුවන් අතරින් දෙවන ස්ථානයේ සිටි විල්සන් කිප්සෑන්ග් සිය හොදම කාලය වූ පැය 2:04.44 ක් පිලිබදව බලාපොරොත්තුවෙන් තරගයේ මුල් කිලෝ මීටර් 5 සිටම ඉදිරියෙන් සිටිය ද, පසුව තෙවැනියා ලෙස තරගය නිමා කළේය.වඩාත් වැදගත් කාරනය වූයේ දුර දිවීමට කෙන්යානුවන් සමග කරට කර සිටින කිසිදු ඉතියෝපියානුවෙක් තරගය නිමා නොකිරීම ය.ඒ අතර මේ වසරේ හොදම කාලය (2:04.23) වාර්තා කළ අයිලේ ඇබ්සෙරෝ ද විය.
මේ අතර දකුණු සුඩානයේ දේශපාලනික ස්වභායෙන් පීඩා විදින මැරිල් ගෝර් තරගාවලියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ සහභාගී වුව ද ඔහුට හිමි වුණේ 47 වන තැන ය.ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය පැය 2:19.32 ක් විය.තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 105 ක් අතරින් තරග කරුවන් 85 දෙනෙක් තරගය නිම කිරීමට සමත් වූ අතර ස්ටීවන් ගේ තරග නිමි කිරීමේ කාලය වැටෙන්නේ කාලින දක්ෂතා අතර  ලොව 65 වන ස්ථානයට ය.ස්ටීවන් මේ වසරේ හොදම කාලය ලෙස පැය 2:07.50 ක් වාර්තා කර තිබුණද එම කාලයට පිවිෂීමට මෙම ජයග්‍රහණයේදී ඔහුට නොහැකි විය.ඔහුගේ හොදම කාලය ලෙස ගැනෙන්නේ පැය 2:07.20 ය.
www.supirikrida.com

මලල ක්‍රීඩාවෙන් අසමත් වූ චීනයට මෙවර ඔලිම්පික් ජයග්‍රහණය අහිමි වෙයි

Gold medallists Usain Bolt, Yohan Blake, Michael Frater and Nesta Carter of Jamaicaලල ක්‍රීඩාවෙන් පදක්කම් ලබා ගැනීමේදී ඇමෙරිකාවට වඩා දුර්වල තත්ත්වයක පසු වීම නිසා දෙවන වරටද ඔලිම්පික් පදක්කම් සටහ‍නේ පළමු තැනට පත් වීමට චීනයට තිබූ හැකියාව අහිමි වන ලකුණු පහළ වී ඇත.අද ක්‍රීඩා උළෙලේ අවසාන දිනය වන විට මේ වන විට චීනයට වඩා පදක්කම් හයක් ඉදිරියෙන් සිට සමස්ථ පදක්කම් සටහනේ පළමු තැන පසු වන්නට ඇමෙරිකාවට හැකි වි ඇත.
සමස්ත පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින ඇමෙරිකාව රන් 44 ක් සහ රිදී 29 ක් සහ ලෝකඩ 29 ක් සමග ඉදිරියෙන් පසුවන අතර දෙවන තැන පසුවන චීනය රන් පදක්කම් 38 ක් සහ රදිී 27 ක් ද ලෝකඩ 22 ක් දලබා සිටියි.සමස්ත පදක්කම් සටහනේ හයක වෙනසක් පෙනෙන්නට තිබුණද රටවල් දෙක අතර බෙදී ගිය මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණය අතර වෙනස බැලීමේදී ඇමෙරිකාව ජැමෙයිකාවට වඩා රන් පදක්කම්  අටක් ඉදිරියෙන් සිටියි.
ඇමෙරිකාව මලල ක්‍රීඩා ඉසව් වලදී රන් පදක්කම් 9 ක්,රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් ලෙස ලබා පෙරමුණේ සිටිය ද,චීනය 13 වැනි ස්ථානයේ පසු වන්නේ රන් එකක් සහ ලෝකඩ හතරක් ලබා ගෙනය.මෙම ප්‍රතිපලය චීනයට මලල ක්‍රීඩාව පිළිබදව සිතන්නට අලුතින් සිතන්නට කෙරෙන සංඥාවක් ලෙස සිතිය හැකි අතර ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වූ මීටර් 110 කඩුලු පැනීමේ සූරයා සියු ෂියැන් ද මූලික තරග වටයෙන්ම ඉවත්වීම නිසා ඒ අවස්ථාවද චීනයට අහිමි වී ගියේය.
මලල ක්‍රීඩා පදක්කම් සටහනට මේ සබදතාවය හරහා පිවිසෙන්නට හැකියාව ඇත. http://www.london2012.com/athletics/medals/medal-standings/
සමස්ථ පදක්කම් සටහනට පිවිසීමට මෙම සබදතාවය තෙරමීමෙන් එළැඹිමේ හැකියාව ඇත.http://www.london2012.com/medals/medal-count/
www.supirikrida.com

4x 100 පිරිමි පළමු වරට තත්පර 37 න් මෙපිටට

Gold medallists Usain Bolt, Yohan Blake, Michael Frater and Nesta Carter of Jamaicaපිරිමි මීටර් 4x 100  ඉසව්ව ඉතිහාසයේ පළමු වරට තත්පර 37 න් මෙපිටට කැද වූ ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම සදහා හිමිකම් කීවේ තත්පර 36.84 ක දක්ෂතාවයක් දක්වමින්ය.දෙපා ජෙට් යන්ත්‍රයක් බදු උසෙයින් බෝල්ට් ප්‍රමුඛ වූ එම ‍ෙඔතිහාසික ජයග්‍රහණය වාර්තා කළ ජැමෙයිකානු කණ්ඩායමට යොහාන් බ්ලේක්,නෙස්ටා කාටර් සහ මයිකල් ෆ්රේටර් අයත් වූහ.
කාටර්,ෆ්රේටර්,බ්ලේක් සහ බෝල්ට් ලෙස පෙළ ගැසී සිටි ජැමෙයිකානු වේග බලකායට සැළකිය යුතු තර්ජනයක් වූ ඇමෙරිකාව නියෝජනය කළ ටයිසන් ගේ,ජස්ටින් ගැට්ලින්,රේන් බේලි සහ ට්‍රෙල් කිමන්ස් තත්පර 37.04 ක් වූ පැවති ලෝක වාර්තාව සම කරමින් නව ඇමෙරිකානු ජාතික වාර්තාවක් තැබීමට සමත් වූහ.තරගය තෙවන තැනට හමාර කළ කණ්ඩායම කැනඩාව වුව ද තරගය අතර මැද දී යශ්ටි හුවමාරුවේ දී නීතිමය නොවන ප්‍රදේශයකදී එය සිදුකර තිබීම නිසා තරගයෙන් ඉවත් වන්නට සිදුවිය.එම හේතුව නිසා ට්‍රිනිටෑඩ් සහ ටුබෑගෝ කණ්ඩායමට තෙවන ස්ථානය හිමි විය.
www.supirikrida.com

ජාතික ටෙනිස් වසන්තයේ පළමු දිනය අද

ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවලිය,විවාත තරගාවලිය සහ රෝද පුටු තරගාවලිය පැවත්වීමට නියමිත මෙම මසට අදාළ ටෙනිස් තරගාවලි කිහිපයෙන් පළමුව ඇරඹෙන ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවිලය 11 දා සිට 26 දා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී පැවත්වේ.අවුරුදු 10 න් පහළ,12 න් පහළ,14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ වයස් ඛාණ්ඩ යටතේ පැවත්වෙන මෙම තරගාවලිය සදහා එයාර්ටෙල් සමාගමේ අනුග්‍රාහකත්වය හිමි වී ඇත.
මේ අතර එම තරගාවලිය යටතේ පැවත්වෙන විවෘත හා රේද පුටු තරගාවලි අගෝස්තු 18 සිට 26 දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී ම පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

SLPL ආරම්භයේදීම ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව තේරීම් කමිටුවට මතක් කර දෙයි

Tillakaratne Dilshan celebrates his centuryමෑත ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින සහ 20 - 20 තරග වල ජයග්‍රහණ ලබා දීම සදහා තුන් ඉරියව් දක්ෂතා වලින් ඉහළ දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයෙකු බවට අවිවාදිත ටීඑම් ඩිල්ෂාන් ගේ  පන්දු යැවීමේ හැකියාව නොදුටු නියාවෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට SLPL තරගාවලිය ආරම්භයේදීම තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව සිහිපත් කර දෙමින් තමන් නායකත්වය දරන බස්නාහිර කණ්ඩායමට ලකුණු 34 ක ජයක් ලබා දීමට සමත් විය.තරගාවලියේ දෙවන තරගය වූ බස්නාහිර සහ කදුරට අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම වෙනුවෙන් පන්දු 39 දී නොදැවී ලකුණු 66 ක් ලබා ගත් ඩිල්ෂාන් තෙවන කඩුල්ල වොනුවෙන් බ්‍රැඩ් හොග් (27) සමග ලකුණු 70 ක සබදතාවයක් ද,සිව්වන කඩුල්ල වෙනුවෙන් කැමරන් බෝර්ගස් (15) සමග නොබිදි ලකුණු 36 ක සබදතාවයක් ද පවත්වමින් බස්නාහිර කණ්ඩායම වර්ෂාව නිසා ඔවර් 13 ට සීමා වූ තරගයේ බස්නාහිර ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 129 දක්වා රැගෙන ගියේය.
පන්දු යැවීමේදී සොහේල් තන්වීර් දැවී ගිය කඩුලු 3 ම ලකුණු 31 ට දවා ගත් අතර පිලිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තිසර පෙරේරා පන්දු 21 දී ලකුණු 35 ක් ලැබූව ද,බස්නාහිර ඉලක්කයට සමීප වීමට එය ප්‍රමාණවත් දක්ෂතාවයක් නොවිණි.පන්දු යැවීමේදී ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගැනීමටත් එක් දුවද්දී දැවී යාමකට දායක වෙමින්ද තරගය සියතට ගත් ඩිල්ෂාන් කදුරට කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට මුල් විය.ඒ අනුව තරගයේ වීරයා වෙමින් ඩිල්ෂාන්,බස්නාහිර කණ්ඩායමට ලකුණු 34 ක ජයක් ලබා දෙන්නට සමත් විය.
තරගාවලිය අරඹමින් පැවති නැගෙනහිර සහ රුහුණ තරගයේ තීරණයක් ලැබීමට  වර්ෂාව බාධාවක් විය.පළමුව පන්දුවට පහර දුන් නැගෙනහිර කණ්ඩායම සිය පන්දු ඕවර් 20 තුළ ලකුණු 134 ක් ලබා ගත්තේ සියල්ලන්ම දැවී යමින්ය.ලහිරු තිරිමාන්න වැඩිම ලකුණු ලාබියා වෙමින් පන්දු 33 දී ලකුනු 34 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක පිතිකරු සහීඩ් අෆ්රිඩී ගේ වේගය දුවද්දි දවා ගැනීමකින් නතර වෙද්දි ඔහු පන්දු 12 දී ලකුණු 18 ක් ලබා සිටියේය.පන්දු යැවිමේදී රුහුණ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන සමින්ද එරංග ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින් ආරම්භක දිනයේ හොදම පන්දු යැවීම සනාත කළ අතර රුහුණු කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දු ඕවර් 12 නිමා වෙද්දී වර්ෂාවට ගොදුරු වන විට ඔවුන් කඩුලු 2 ට ලකුණු 77 ක් ලබා සිටි අතර ට්‍රෙවිස් බර්ට් ලකුණු 33 ක් නොදැවි ලබා සිටි අතර ඉණිම ඇරඹු යොවුන් ක්‍රීඩක උදාර ජයසුන්දර ලකුණු 25 ක් ලැබීය.ලසිත් මාලිංග පන්දු ඕවර් 2 ක් යවා ලකුණු 4 ක් දී එක් කඩුල්ලක් ලබා සිටියේය.
බස්නාහිර සහ කදුරට ලකුණු පූවරුව http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571354.html මෙම සබදතාවයෙන් ලබා ගැනීමට හැකි අතර නැගෙනහිර සහ රුහුණ අතර ලකුණු පූවරුව  http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571353.html සබදතාවයෙන්ද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com