Jul 24, 2012

රටක් නැති ධාවකයා ඔලිම්පික් ධජයෙන් ලන්ඩන් තරග බිමට

කුණු සුඩානයේ සරනාගත කදවුරක සිට සිය දුෂකර දුර දිවීමේ ජීවිතය නඩත්තු කරන ගෝර් මරියල් ට මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය සදහා මැරතන් ඉසව්ව නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම සපුරමින් පැය 2:12:55 ක කාලයක් වාර්තා කළ ද ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්නට රටක් නොවිණ.දැඩි අයහපත් දේශපාලනික තත්ත්වය නිසා ජාත්‍යන්තර වශයෙන් කොන් වූ රටක් බවට පත් ව තිබෙන රටක් වන දකුණු සුඩානය දරිද්‍රතාවයෙන් සහ නූගත්කමෙන් ලැබෙන පීඩාව වර්ධනය කර ගනිමින් සිටින රටකි.
එවැනි රටක ජීවත්වන 28 හැවිරිදි මරියල් ගේ පවුලේ 28 දෙනෙකු යුධමය තත්ත්වය මත ආරක්ෂක හමුදා වල ගොදුරු බවට පත් වි සිටියි.එක්සත් ජනපද සරණාගත කදවුරක ජීවත් වන මරියල් මෙන්ම ඔවුන්ගේ මුළු පවුලම සරනාගතයින් වන අතර මරියල් ගේ ඔලිම්පික් ධාවනය නැරඹීමට ඔහුගේ පියාට අල්ලපු නගරයක් දක්වා රුපවාහිණියක් සොයා දිගු ගමණක් එන්නට සිදුවනවා ඇත.
දිගු කාලයක්,දිගු දුරක් දරා ගනිමින් ධාවනයේ යෙදෙන්නට ඇති ශාරිරික හැකියාව, දිගු වෑයමකින් උණ්ඩයට හසු නොවි සිටීමේ අවස්ථාව නිර්මාණය කරගත් මරියල් ට එතරම් අපහසුවක් දනවන දෙයක් නොවන බව ප්‍රායෝගික ඇත්තකි.ඒ නිසා දකුණු සුඩානයෙන් තරග වැදීමේ සිය පෞද්ගලික අවශ්‍යයතාව පිළිගත් ලෝක සදාචාරය විසින් අහිමි කර දැමුව ද,ලෝකය තුළ සිය හැකියාව වසා නොතබා විවර කරන්නට මගක් ඇති බව පසක් කරමින් ජගත් ඔලිම්පික් කමිටු ධජය යටතේ මැරතන් ධාවනයට එන මරියල් ට,ජය සංඛේත පූවරුව මතට ගොඩ වන්න ද හැකියාවක් නැතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

මොරොක්කෝ ඔලිම්පික් රන් පැතුම බොද වෙයි

L'athlète marocaine Mariem Alaoui Selsouli est privée des jeux Olympiques de Londres (27 juillet/12 août), dont elle était une des favorites du 1500 m, après avoir été contrôlée positive à un diurétique début juillet, a indiqué lundi une source proche du dossier.මෙවර කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතව සිටි  මොරොක්කොවේ Mariem Alaoui Selsouli, මේ වසරේ එම ඉසව්ව වෙනුවෙන් හොදම කාලය වාර්තා කර තිබුණ ද,ඇයට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට තබා තරගාවලිය නියෝජනයටවත් අවස්ථාවක් නොලැබෙමින් තහනම් උත්තේජන ගැනීම සම්බන්ධයෙන් වරදකාරියක වී ඇත.විනාඩි 3:56.47 ක කාලයක් වාර්තා කරමින් මේ වසරේ හොදම කාලය පැරීසියේ දී සටහන් කළ මේරියම් මීට පෙරද තහනම් උත්තේජන නිසා තරග තහනමට ලක් ව සිටි ක්‍රීඩිකාවකි.
2009 සිට 2011 දක්වා තහනම් උත්තේජන භාවිතය නිසා දෙවසරක තරග තහනමකට ලක් ව සිටි ඇය,මෙවර මාර්තු මාසයේදී යළි තරග පිටියට පිවිස ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තාය.ජූනි මස ඇයගේ මීටර් 3000 ඉසව්වේ හොදම කාලය වන විනාඩි 8:34.47 ක වාර්තා කළ මේරියම්,මේ වසරේ මීටර් 1500 හොදම කාලය වාර්තා කළේ ජූලි 6 වන දිනය.
www.supirikrida.com

ජවන හා පිටිය ලංකා බැංකු ගිණුමට


ලාංකේය මලල ක්‍රීඩාවේ අනුග්‍රාහකයා ලෙස නිල වශයෙන් ලංකා බැංකුව කටයුතු කරන බවට සහතික කරන  ගිවිසුම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ වැඩ බලන අලෙවි ප්‍රධානි ටී මුතුගල විසින් ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ දී අත්සන් තබන්නට යෙදුණා.ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග සංවිධානය,සංචාර,ක්‍රිඩාවේ ප්‍රවර්ධන කටයුතු සහ පරිපාලන කටයුතු සදහා වසරකට මෙම ගිවිසුම අනුව ලංකා බැංකුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලැබෙන්නට නියමිත මුදල මිලියන 23 ක් වෙනවා.
වසරක් සදහා සැපයෙන මෙම අනුග්‍රාහකත්වය පස් වසරක්ට දිගු  කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මෙන්ම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ඉල්ලීමට ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහයන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ද මෙහිදී ලාකේය මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදි බලාපොරොත්තු තැබිය හැකි සංඥාවක් ලෙස හැදින්විය හැකියි.
ඡායාරූපයේ දැක්වෙන්නේ රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ටී තලගල විසින් එම ගිවිසුමට අත්සන් තැබු අවස්ථාව වන අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි,මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ද ඡායාරූපයේ වෙති.

30 ක් තෝරන්න තරග 3140 ක්


ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ පුනරුදය වෙනුවෙන් අනාගතය සකස් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීම හරහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් තරග 3140 ක් පවත්වා ක්‍රීඩකයන් 30 ක් ජාතික සංචිතයට තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 314 ක මෙම තරග පැවත්වීමට නියමිත අතර එක් කොට්ඨාශයකට තරග 10 ක් ඇතුළත් වී ඇත.
ඔක්තෝම්බර් 1 දා සිට 31 දා දක්වා මෙම ප්‍රාදේශීය කොට්ඨාශ ලේකම් තරග පැවත්වෙන අතර මෙම තරගාවලියේ අවසාන තරගය දෙසැම්බර් 15 දා පැවත්වීමට නියමිතය.මෙම තරග අතරින් තෝරා ගන්නා 30 දෙනෙකු වෙත මාසිකව රුපියල් 75,000 ක් මසකට වැය කර ඔවුන්ගේ පෝෂණ තත්ත්වය රැක ගැනීමට අවධානය යොමු වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබදව විමසිලිමත් වීමේ වගකීම ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් පවරා ගෙන ඇත.
www.supirikrida.com

Jul 23, 2012

ලංකා වොරියර් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා මංජුල කුමාර


මංජුල කුමාර

මීටර් 1500 ජයගත් සහෝදරියෝ තිදෙන
ළමු වරට සංවිධානය කරන්නට යෙදුණ ලංකා වොරියර් මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාණනීය වන්නට ජාතික උස පැනීමේ තරග වාර්තාලාභියා වන මංජුල කුමාර සමත් වුණා.උස පැනීමේ ඉසව්වේ දී මීටර් 2.20 ක දක්ෂතාවයක් දැක් වූ මංජුල,ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව,තරගාවලියේ දක්ෂතා අනුව ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ගත් තරගකරු ලෙස මෙහිදී සම්මාණනීය වූවා.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට සාපේක්ෂව,ශ්‍රී ලංකාවේ පවතින ජාතික වාර්තා ඒ,බී සහ සී ලෙස වර්ගීකරණය කර එහි ඒ ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් ලක්ෂයක්,බී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් පනස් දහසක් සහ සී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් විසිපන් දහසක් පිරි නැමීමට කටයුතු යොදා තිබුණත් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් එවැනි හැකියාවක් පෙන් වූයේ නැහැ.
තරගාවලියේ ලයන් වොරියර් අනුග්‍රහය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා පත් කර ගන්නට නියමිත වූ අතර,එහිදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන එම් ජීඑස් ගුණතිලක,ඩීඑම් එරන්ද,අයිඩීඑස්එස් ජයසිංහ,ඒඩබ්ලිව් ආර් සචිත්,මිලාන් මධුෂ්ක දිසානායක,තරංගා විනෝදනී,අචලා ඩයස්,ටීජීඑස් ප්‍රනාන්දු,සලින්ද රන්දීව සහ එම්ජීඑස් ගුණතිලක  සුදුසුකම් ලබා ගත්තා.
තරංගා විනෝදනී
තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙක් විසින් ජය ගැනීම දුර්ලභ සිදු වීමක් වූ අතර එසේම කාන්තා තුන් පිම්ම ඉසව්වේ ප්‍රථම සහ දෙවන ස්ථාන නිවුන් සොහොයුරියන් විසින් දිනා ගැනීමත් කැපී පෙණුනා.කලකට පසුව හොද කාලයක් වාර්තා කිරීමට අපොහොසත් වුව ද, උමංග සුරේන්ද්‍ර මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය ලැබීම කැපී පෙණුනා.
තරගාවලියේ සමස්ථ ප්‍රතිපල සටහන www.supirikrida.com වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඡායා.: සුන්දර් රාජ්

ගේල් නැවත ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකාවේදී 2010 වසරේ පැවති ටෙස්ට් තරගයට සහභාගි වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ දකින්නට නොලැබුනු ක්‍රිස් ගේල් නැවත නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට කැදවීමට තීරණය කර ඇත.දක්ෂතා හීන වීම මත නොව,ගෙවීම් සම්බන්ධ ඇති වූ ප්‍රතිපත්තිමය තීරණයක් මත කණ්ඩායමෙන් වෙන් වී සිටි ගේල් හා කොදෙව් පරිපාලනය සමග පැවති නෝක්කඩු නිමා කරමින් නවසීලන්ත තරගාවලියේ එක්දින තරග සදහා කැදවුම් ලැබූ ගේල් එහිදී ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.හිටපු කොදෙව නායකයා ද වන ගේල් ටෙස්ට් ශතක 13 ක හිමිකරුවෙකු වන අතර ඔහු ගේ හොදම ටෙස්ට් ඉණිම ලකුණු 333 කි.
www.supirikrida.com

Jul 22, 2012

කුලේගේ බලේ බිදුණු ලංකාව සැලේ

Nuwan Kulasekara attempts to dismiss Virender Sehwag by taking a tumbling catch
කුලේ ගේ බල  බිදි ගිය තැන
කාසියේ වාසිය ලැබීමෙන් පසුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ට දිවා රාත්‍රි තරගයක පළමුව පන්දුවට පහර දීමේ වාසිය මෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරිතම එක් දින පන්දු යවන්නෙකු ලෙස අවිවාදිත,නුවන් කුලසේකර සිය පන්දුවාර ප්‍රමාණය නිමා කිරීමට පෙර ආබාධයකට ලක් විමද තරගය ඉන්දියාව දෙසට හැරීමට බෙහෙවින් බල පෑවේය. ඒ වන විට පන්දුවාර 5 දී ලකුණු 20 ක් පමණක් ලබා දී සිටි කුසේකරට යළි පන්දු යැවීමට හැකියාවක් නොලැබුණු අතර,මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට අහිමි වූ සුළු වාසිය ඉන්දියාවේ ජයග්‍රහණයට විශාල රුකුලක් වූ බව පෙන්වමින් තරගයේ ජය ලකුණු 21 න් ඉන්දියාවට හිම් විය.
මෑත කාලයේ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රබලතම ඉන්දීය අභියෝගය බවට පත් වී සිටින විරාට් කෝලි යළිත් ලක්‍රණු අතරට පිවිසෙමින් අනගි ශතකයක් ලැබූ අතර පන්දු 113 කින් වාර්තා වූ ඔහුගේ ලකුණු 106 සදහා යාමේ දී ඔහු විරේන්ද්‍ර ෂෙවාග් (96) සමග දෙවන කඩුල්ලට ලකුණු 173 ක් ද,එකතු කිරීම හ්‍රී ලංකාවට මහත් වූ හිසරදයක් විය.ඉන්දීය ඉණිමේ අවසාන භාගයේ දී සුරේෂ් රයිනා පන්දු 45 න් ලකුණු 50 ක් ද,නායක දෝනි පන්දු 29 න් ලක්‍රණු 35 ක් ද එකතු කරමින් කෝලි සහ ෂෙවාග් ඇති කළ අත්තිවාරම මත සහ කුලසේකර ගේ හිස් වීම මත ශක්තිමත් ඉන්දීය ඉණිමක් නිර්මාණය කළ අතර පන්දු යැවිමේ ී තිසර පෙරේරා කඩුලු 3 ක් ලබා ගැනීමෙන් සාර්ථක වුව ද සිය පන්දු ඕවර් 10 තුළ ලකුණු 70 ක් ලබා දුන්නේය.
පිලිතුරු ඉණිමට පිවිසි හ්‍රී ලංකාවේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 6 ට ටීඑම් ඩිල්ෂාන් දැවී යන අතර අනතුරුව පන්දු ඔවර් 17.3 ක් තුළ ලකුණු 75 ක් එක් කිරීමට සංලක්කාර සහ උපුල් තරංගට හැකියාව ලැබිණ.ලකුණු 28 ට තරංග දැවී යාමෙන් අනතුරුව සංගක්කාර පිටියේ හුදෙකලා වන අතර පැමිණ ආපසු විගසින් හැරී යන පිතිකරු පෙරහැරට තිරිංග වැටෙන්නේ හත්වන කඩුල්ල සදහා සංගක්කාර සහ තිසර පෙරේරා ඇති කරන ලකුණු 78 ක සබදතාවය හේතුවෙන්ය.
පන්දු ඕවර් 8.5 දී එකතු වන එම ලකුණු 78 කඩුලු දැවී යාමට මෙන්ම ඉන්දීයාව අපේක්ෂා කළ පහසු ජයග්‍රාහණයේ බලාපොරොත්තුවට ද තිරිංග යෙදවීමට සමත් වූ අතර සංගක්කාර මිල කළ නොහැකි ලකුණු 133 ට දැවී යාමෙන් ඉනික්බිති,යළිත තරගය ඉන්දියාව දෙසට හැරිණ.තිසර පන්දු 28 ක් තුළ ලකුණු 46 ක් ලබා හිමිවිය යුතුවම තිබූ අර්ධ ශතකය ස්පර්ශ කිරීමට පෙර ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන අතර තරගයේ අවසාන මොහොතේදී දැවැන්ත හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 10 ක් තුළ ලකුණු 19 ක් නොදැවී ලබා ගන්නට ලසිත් මාලිංගට හැකි විය.
ඉන්දීය පන්දු යවන්නන්ට ද තිසර සහ සංගක්කාරගේ ප්‍රහාරය හමුවේ සැළකිය යුතු ප්‍රහාරයක් අත් විදින්නට සිදු වූ අතර නමුත් ඉර්ෆාන් පතාන් හොද පාලනයකින් යුතු පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දු ඕවර් 10 ලකුණු 37 ක් දී කඩුලු 2 ක් ලබා නිමා කරන්නට සමත් විය.රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 46 ට කඩුලු 2 ක් ලබා ගත් අතර  උමේෂ් යාදෙව් ද පිළිවෙළින් ලකුණු 76 ට කඩුල් 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවය උපයෝගී කර ගෙන පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564781.html
www.supirikrida.com