Jul 4, 2012

බස්නාහිර පාසල් ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා නව වාර්තා 16 ක්


මෙවර බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ  අවසාන දිනයේදී තවත් නව වාර්තා 4 ක් එක් වූ අතර ඒ අනුව මෙම වසරේ මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා නව වාර්තා 16 ක් සහ වාර්තා සම කිරීම් 2 ක් වාර්තා විය.සමස්ත තරගාවලියේ දී ඒ ඒ ක්‍රීඩාවන් හී පළාත් සූරතාවයන් දිනූ පාසල් සහ අවසාන දිනයේදී වාර්තා වූ නව වාර්තා හතරද පහත දැක්වෙන අතර මෙම ජයග්‍රාහකයන් ඉදිරියේදී පැවත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිතය.

1.         බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.15 න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය මීගමුව කලාපයේ දවිසමර මහා විද්‍යාලයයි.
2.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.17 න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය දිනාගන්නේ මීගමුව කලාපයේ දවිසමර මහා  විද්‍යාලයයි.
3.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය දිනාගන්නේ මීගමුව  කලාපයේ දවිසමර මහා  විද්‍යාලයයි.
4.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.15 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය දිනාගන්නේ ගම්පහ කලාපයේ මහගමසේකර මහා විද්‍යාලයයි.
5.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.17 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය දිනාගන්නේ ගම්පහ කලාපයේ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයයි.
6.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය දිනාගන්නේ කළුතර  කලාපයේ පානදුර බාලිකා මහා විද්‍යාලයයි.

7.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.15 න් පහළ බාලිකා නෙට්බෝල් ශූරතාවය දිනාගන්නේ කොළම කලාපයේ ගෝතමි බාලිකා විද්‍යාලයයි.
8.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.17 න් පහළ බාලිකා නෙට් බෝල් ශූරතාවය දිනාගන්නේ කළුතර කලාපයේ කළුතර බාලිකා ජාතික පාසල.
9.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලිකා නෙට් බෝල් ශූරතාවය දිනාගන්නේ ~ කොළඹ කලාපයේ විශාකා විද්‍යාලයයි

10.            බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලක එල්ලේ ශූරතාවය දිනාගන්නේ කොළඹ  කලාපයේ රාජකීය විද්‍යාලයය
11.       බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලිකා එල්ලේ ශූරතාවය දිනාගන්නේ මීගමුව  කලාපයේ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයයි.

12.      බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලක සැහැල් ලුපන්දු  ක්‍රිකට් ශූරතාවය දිනාගන්නේ  කළුතර කලාපයේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයයි.
13.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු.19 න් පහළ බාලිකා සැහැල්ලුපන්දු ක්‍රිකට් ශූරතාවය දිනාගන්නේ මීගමුව කලාපයේ ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලයි.

14.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලක පාපන්දු ශූරතාවය දිනාගන්නේ කළුතර කලාපයේ සිරිකුරුස විද්‍යාලයයි
15.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 17 න් පහළ බාලක පාපන්දු ශූරතාවය දිනාගන්නේ මීගමුව කලාපයේ පිටිපන ශාන්ත මරියා විද්‍යාලයයි
16.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක පාපන්දු ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ සහිරා විද්‍යාලයයි
17.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා පාපන්දු ශූරතාවය දිනාගන්නේ මීගමුව කලාපයේ ඩී එස් සේනානායක විද්‍යාලයයි

18.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක ශාරීරික අභ්‍යාස ශූරතාවය දිනාගන්නේ මිනුවන්ගොඩ කලාපයේ හුණුමුල්ල සී ඩබ් ඩබ් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයි
19.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා ශාරීරික අභ්‍යාස ශූරතාවය දිනාගන්නේ කළුතර කලාපයේ කළුතර බාලිකා ජාතික පාසල

20.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලක ත්‍රෝබෝල් ශූරතාව දිනා ගන්නේ කළුතර කලාපයේ බොලොස්සගම මහා විද්‍යාලයයි
21.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලිකා ත්‍රෝබෝල් ශූරතාව දිනා ගන්නේ කොළඹ කලාපයේ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයයි

22.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලක වූෂූ ශූරතාව දිනා ගන්නේ කොළඹ කලාපයේ රාජකීය විද්‍යාලයයි
23.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලිකා වූෂූ ශූරතාව දිනා ගන්නේ කොළඹ කලාපයේ විශාකා විද්‍යාලයයි

24.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලක චෙස් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ ආනන්ද විද්‍යාලයයි
25.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලිකා චෙස් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ විශාඛා විද්‍යාලයයි
26.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක චෙස් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ ආනන්ද විද්‍යාලයයි
27.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා චෙස් ශූරතාවය දිනාගන්නේකොළඹ කලාපයේ මියුසියස් විද්‍යාලයයි

28.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක පැසිපන්දු ශූරතාවය දිනාගන්නේකොළඹ කලාපයේ ශාන්ත බෙනදික්ත විද්‍යාලයයි
29.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා පැසිපන්දු ශූරතාවය දිනාගන්නේ පිළියන්දල කලාපයේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයයි


30.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලක කබඩි ශූරතාවය දිනාගන්නේ හොරණ  කලාපයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි
31.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා කබඩි ශූරතාවය දිනාගන්නේ කැලණිය  කලාපයේ මල්වාන යටිහේන කනිෂ්ඨ විද්‍යාලයයි
32.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක කබඩි ශූරතාවය දිනාගන්නේ හොරණ  කලාපයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි
33.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා කබඩි ශූරතාවය දිනාගන්නේ හොරණ කලාපයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි

34.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාවය දිනාගන්නේකොළඹ කලාපයේ ආනන්ද විද්‍යාලයයි
35.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලිකා බැඩ්මින්ටන් ශූරතාවය දිනාගන්නේ ජයවර්ධනපුර කලාපයේ අනුලා විද්‍යාලයයි
36.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා බැඩ්මින්ටන් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයයි

37.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලක මේසපන්දු ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ රාජකීය විද්‍යාලයයි
38.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලිකා මේසපන්දු ශූරතාවය දිනාගන්නේ පිළියන්දල කලාපයේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයයි
39.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලක මේසපන්දු ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ රාජකීය විද්‍යාලයයි
40.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා මේසපන්දු ශූරතාවය දිනාගන්නේ කොළඹ  කලාපයේ මියුසියස් විද්‍යාලයයි


41.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15න් පහළ බාලක කැරම් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ රාජකීය විද්‍යාලයයි
42.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 15 න් පහළ බාලිකා කැරම් ශූරතාවය දිනාගන්නේ ජ පුර  කලාපයේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා මහා විදයාලයයි.
43.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19න් පහළ බාලක කැරම් ශූරතාවය දිනාගන්නේ කොළඹ  කලාපයේ රාජකීය විද්‍යාලයයි
44.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ වයස අවු. 19 න් පහළ බාලිකා කැරම් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ සියලු ශාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයයි

45.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ බාලක ජිම්නාස්ටික් සම ශූරතා දිනාගන්නේ
     කොළඹ  කලාපයේ රාජනකීය විද්‍යාලය හා මීගමුව කලාපයේ ද මැස‍නද් විද්‍යාලයයි
46.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ බාලිකා ජිම්නාස්ටික් ශූරතාවය දිනාගන්නේ කොළඹ කලාපයේ විශාකා විද්‍යාලයයි

47.    බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ ඇරොබික් ජිම්නාස්ටික් බාලක ශූරතාවය දිනාගන්නේ කළුතර කලාපයේ පොතුවිල නවෝද්‍යා විද්‍යාලයයි
48.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ ඇරොබික් ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය දිනාගන්නේ කැළණිය කලාපයේ මහාමයා බාලිකා විද්‍යාලයයි

49.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කරාතේ බාලක ශූරතාවය දිනාගත්තේ මීගමුව කලාපයේ හරිස්චන්ද්‍ර විද්‍යාලය.
50.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කරාතේ බාලිකා ශූරතාවය දිනාගත්තේ කැලණිය කලාපයේ කිරිමැටියාගාර ශුද්ධවු පවුලේ බාලිකා විද්‍යාලයයි.

51.     බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලක අර්ධ මැරතන් ශූරතාවය දිනා ගන්නේ මතුගම කලාපයේ නවුත්තුඩුව මහා විද්‍යාලයයි
52.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලිකා අර්ධ මැරතන් ශූරතාවය දිනා ගන්නේ මීගමුව කලාපයේ මිගමුව දකුණ ජාත්‍යන්තර පාසලයි
53.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලක පාපැදි ශූරතාව දිනා ගන්නේ පිළියන්දල කලාපයේ ගල්කිස්ස විද්‍යා විද්‍යලයයි

54.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලක හොකී ශූරතාව දිනා ගන්නේ කොළඹ කලාපයේ වෙස්ලි විද්‍යාලයයි
55.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවු 19න් පහළ බාලිකා හොකී ශූරතාව දිනා ගන්නේ ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයයි


2012 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්


56.            15 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා` -          මීගමුව අධ්‍යාපන කලාපයේ මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයේ
කේ.එම්.සංඛ පූර්ණ වන්නිතිලක දුර පැනීම මීටර් 5.71
මීටර් 100 ඉසව්ව තත් 11.3 (නව තරග වාර්තාවකි) දක්ෂතාව දැක්වූ කොළඹ කලාපයේ
ආනන්ද විද්‍යාලයේ ආරෝෂ් කාරියවසම්
57.   15 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව –      කැලණිය අධ්‍යාපන කලාපයේ ගුරුකුල ජාතික පාසලේ
කේ.එච්.මහේෂි සෙව්වන්දි මීටර් 400 තත්පර 60.4 (නව තරග වාර්තාවකි) කලාපයේ
ගේට්වේ ජ්‍යාතන්තර පාසලේ ශානිකා ඩී ප්‍රනාන්දු

58.            17න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ` -          කොළඹ අධ්‍යාපන කලාපයේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ
නවීන් මුතුආරච්චි මීටර් 100 තත්පර 10.7 (නව තරග වාර්තාවකි) ත්ත විසිකිරීම ඉසව්ව මීටර් 52.28 දක්ෂතාව දැක්වූ කොළඹ
ශාන්ත බෙනදික්ත  විද්‍යාලයේ එන් එච් එස් ධනංජය තිසේරා

59.   17 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව –      කළුතර අධ්‍යාපන කලාපයේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා  
විද්‍යාලයේ එස්.ලක්ෂිනී සාරාංගි සිල්වා දුර පැනීම මීටර් 5.59 (නව තරග වාර්තාවකි)
මීටර් 200 ඉසව්ව තත් 26.3 දක්ෂතාව දැක්වූ කොළඹ කලාපයේ
ගේට්වේ ජ්‍යාතන්තර පාසලේ රුවන්ති ෆර්ඩිනැන්ඩස්
60.            19 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ` -         හොරණ අධ්‍යාපන කලාපයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ
ඩබ්.ඒ.නිරාන් මධුසංඛ වික්‍රම දුර පැනීම මීටර් 7.12
මීටර් 200 ඉසව්ව තත් 22.2 දක්ෂතාව දැක්වූ මිනුවන්ගොඩ කලාපයේ
පස්යාල මහා  විද්‍යාලයේ ආර් ඒ දු මධුසංඛ
61.            19 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – කොළඹ අධ්‍යාපන කලාපයේ මියුසියස් විද්‍යාලයේ   
                                                                                 නෙත්මි ද සිල්වා මීටර් 100 තත්පර 12.7
මීටර් 400 ඉසව්ව තත් 58.0 (නව තරග වාර්තාවකි) දක්ෂතාව දැක්වූ කොළඹ කලාපයේ ගේට්වේ ජ්‍යාතන්තර පාසලේ  නදීනි හෙන්ඩර්සන්
62.   21 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ` -     කැලණිය අධ්‍යාපන කලාපයේ හේනේගම මධ්‍ය  
 මහා විද්‍යාලයේ කේ.ඒ.දිමුතු ජයනාත් දුර පැනීම    
දුර පැනීම ඉසව්ව මීටර් 6.85 දක්මීටර් 6.67ෂතාව දැක්වූ මීගමුව කලාපයේ
මාරිස් ස්ටෙල්ලා  විද්‍යාලයේ සුමාල් රේෂාර් රණසිංහ
63.   21 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව         කොළඹ අධ්‍යාපන කලාපයේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ
නදීශානි හෙන්ඩර්සන් මීටර් 200 තත්පර 25.2

මීටර් 100 ඉසව්ව තත් 13.1 දක්ෂතාව දැක්වූ කොළඹ කලාපයේ

ගේට්වේ ජ්‍යාතන්තර පාසලේ අංජානි පුල්වංශ

64.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~  සහාය දිවීම බාලක ශූරතාවය දිනාගන්නේ මීගමුව කලාපයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල‍ය යි

තෙවන ස්ථානය කැලණිය අධ්‍යාපන කලාපයේ කැලණිය ගුරුකුල ජාතික පාසල  ලකුණු 18
තෙවන ස්ථානය කොළඹ අධ්‍යාපන කලාපයේ කොළඹ ශාන්ත පිතර විද්‍යාලය    ලකුණු 18 දෙවන ස්ථානය කොළඹ අධ්‍යාපන කලාපයේ කොළඹ රාජකීය විද්‍යාලය            ලකුණු 20‍

ලකුණු 39 ලබා ගනිමින් සහාය දිවීම බාලක ශූරතාවය ලබා ගන්නේ මිගමුව අධ්‍යාපන කලාපයේ  මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය


65.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ සහාය දිවීම බාලිකා ශූරතාවය දිනාගන්නේ මිගමුව කලාපයේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාල‍ය යි

තෙවන ස්ථානය හොරණ අධ්‍යාපන කලාපයේ           තක්ෂිලා මධ්‍ය හොරණ               ලකුණු 14
දෙවන ස්ථානය මිගමුව අධ්‍යාපන කලාපයේ         ආවේ මරියා බාලිකා විද්‍යාලය      ලකුණු 18

ලකුණු 36 ලබා ගනිමින් සහාය දිවීම බාලිකා ශූරතාවය ලබා ගන්නේ මිගමුව අධ්‍යාපන කලාපයේ  මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය

66.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ 2012 වසරේ අති ශූර ක්‍රීඩකයා වශයෙන් අභිෂේක ලබන්නේ හොරණ අධ්‍යාපන කලාපයේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාල‍යේ ඩබ්.ඒ.නිරාන් මධුසංඛ වික්‍රම

67.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ 2012 වසරේ අති ශූර ක්‍රීඩිකාව වශයෙන් අභිෂේක ලබන්නේ කොළඹ අධ්‍යාපන කලාපයේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නදීශානි හෙන්ඩර්සන්
ස්ථානය         ලකුණු 15   කොළඹ කාන්තා විද්‍යාලයයි

68.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගන්නේ

තෙවන ස්ථානය කොළඹ අධ්‍යාපන කලාපයේ කොළඹ නාලන්ද විද්‍යාලය                 ලකුණු   82
දෙවන ස්ථානය කොළඹ අධ්‍යාපන කලාපයේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය      ලකුණු         106

ලකුණු 237 ලබා ගනිමින් සමස්ත බාලක ශූරතාවය ලබා ගන්නේ මිගමුව අධ්‍යාපන කලාපයේ  මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

69.   බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ~ මලල ක්‍රීඩා සමස්ත බාලිකා ශූරතාවය දිනාගන්නේ

දෙවන ස්ථානය කොළඹ අධ්‍යාපන කලාපයේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල  ලකුණු 87
දෙවන ස්ථානය මිගමුව අධ්‍යාපන කලාපයේ මිගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලය ලකුණු 87

ලකුණු 93 ක් ලබා ගනිමිනි සමස්ත බාලිකා ශූරතාවය හිමි කර ගන්නේ මිගමුව අධ්‍යාපන කලාපයේ  මිගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය

70.   කලාපයට පිරිනමන 2012 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා හා කණාඩායම් ක්‍රීඩා වලින් ලබාගත් ශූරතා අනුව පිරිනැමෙන පාසල් ඒකාබද්ධ ශූරතාවලිය සඳහා

11‍ ස්ථානය       මතුගම                   කලාපය ලකුණු       62
10 ස්ථානය.      මිනුවන්ගොඩ         කලාපය ලකුණු       96
09 ස්ථානය       හෝමාගම              කලාපය ලකුණු       128
08 ස්ථානය       පිළියන්දල             කලාපය ලකුණු       228
07 ස්ථානය       හොරණ                 කලාපය ලකුණු       259
06 ස්ථානය       ගම්පහ                            කලාපය ලකුණු       271
05 ස්ථානය       ශ්‍රී ජයවර්ධනපුර      කලාපය ලකුණු       361
04 ස්ථානය       කළුතර                  කලාපය ලකුණු       411
03 ස්ථානය       කැලණිය                කලාපය ලකුණු       589
02 ස්ථානය       මීගමුව                            කලාපය ලකුණු       1006

ශූරතාව දිනාගනු ලබන්නේ  ලකුණු   1579  ලබාගත් කොළඹ අධ්‍යාපන  කලාපයයි.








අවසාන දිනයේ බිහි වූ නව මලල ක්‍රීඩා වාර්තා



 15 න් පහළ බාලිකා මීටර් 400 X 4

විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
ගුරුකුල ජාතික පාසල කැලණිය
කැලණිය
වි 4:27.9
2011
නව වාර්තාව
ගුරුකුල ජාතික පාසල කැලණිය
කැලණිය
වි4:17.3
2012


නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
රංග විමලවංශ
ශා පීතර වි බම්බලපිටිය
කොළඹ
තත් 48.8
1998
නව වාර්තාව
ජේ ලහිරු ප්‍රසංජිත්
තක්ෂිලා මධ්‍ය වි හොරණ
හොරණ
තත් 48.8
2012




  


Jul 3, 2012

වැස්ස පකිස්තානයේ සහ ලංකාවේ හැකියාවන්ට බාධා කරයි


Rain interrupted play on the third day as wellකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය කඩුලු 6 ට ලකුණු 551 රැස් කරමින් ඉණිම අත් හිටුවා පන්දුවට පහර දීමේ වාරය හ්‍රී ලංකාවට පැවරූ අතර ශ්‍රී ලංකාව ඊයේ වර්සාව නිසා තරගය අතහැර දමන විට ඊට පිළිතුරු ලෙස කඩුලු 1 ට ලකුණු 70 ක් ලබා සිටියේය.ප්‍රථම කඩුල්ල ලෙස තරංග පරණවිතාන දැවී යැමෙන් පසු පිටියේ එක් වූ ඩිල්ෂාන් සහ සංගක්කාර ලකුණු 551 විහාල තර්ජනාත්මක ලකුණු ප්‍රමාණයක් සේ සැළකීම වෙනුවට සැහැල්ලුවෙන් පන්දුවට පහර දෙන ආකාරයක් දකින්නට ලැබිණ.
පන්දු ඕවර් 15 ක් තුළ ගලා ආ ලකුණු 70 න් ලකුණු 46 ක් ඩිල්ෂාන්ට හිමි වූ අතර ඒ සදහා ඔහු වැය කළ පන්දු ප්‍රමාණය පන්දු 54 ක් වැය වී තිබිණ.සංගක්කාර පන්දු 24 දී ලකුණු 22 ක් වාර්තා කර තිබිණ.දිගු කාලයක සිට ලකුණු සොයමින් සිටින තරංග පරණවිතාන මෙහිදි ද ලකුණු නොලබා ම ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට ජුනයිඩ් ඛාන් සමත් වූ අතර සෙසු පන්දු යවන්නන්ට ඊයේ දිනයේ පකිස්තානු පිතිකරුවන් රැස් කළ ලකුණු ප්‍රමාණයට සාධාරණය ඉටු කිරීම සදහා කිසිවක් කිරීමට හැකි නොවිණ.
තරගයේ දෙවන දිනයේ අර්ධයක් වර්ෂාව විසින් ගිල ගත් පසු ඊයේ දිනය ආරම්භයේ පටන්ම පකිස්තානු පිතිකරුවන් උත්සාහ කළේ වේගයෙන් පන්දුවට පහර දී මට වුවත් ශ්‍රී ලංකා පන්දු රැකීම ඉදිරියේ ලකුණු ලබා ගැනීම පහසු වූයේ නැහැ.නායක මිස්බා උල් හක් පමණක වඩා පහසුවෙන් සිය දෙපා චලනයන් සමග ලකුණු අතරය පැමිනිය අතර ඔහු තරගය නිම වන විට ලකුණු 66 ක් නොදැවී ලබි සිටියා.අබ්දූර් රෙහෙමාන් අවසාන බාගයේදී පිතිකරු සීමාවෙන් පිටතට විත විශාල ප්‍රහාරයක් දියත් කිරීමට ගත් උත්සාහය යම් පමණකින් සාර්ථක වූ අතර එහිදී ඔහු ලකුණු 18 ක් පන්දු 18 කින් ලබා නොදැවී සිටින්නට සමත් වුනා.
තරගයේ තෙවන දිනය නිමා වන විට තරගයේ සමස්ත ලකුණු සටහන වෙත පිවිසීමට http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562445.html මෙම සබදතාවය භාවිතා කිරීමට හැකි අතර අද තරගයේ සිව්වන දිනය යි.

ආරියදාස සිල්වා සූරතා ලේඛාට සහ ලසිතට

 ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාව නැංවීමේහිලා පුරෝගාමී මෙහෙවරක් කළ ආරියදාස සිල්වා ශ්‍රීමතාණන් ස්මරණය කරමින් පවත්වන ආරියදාස සිල්වා අනුස්මරණ බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත කාන්තා සූරතාවය පළමු යොවුන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය ලත් ලේඛා ෂෙහානි විසින් දිනා ගත්තාය.ඇය වෙතින් අවසාන තරගයේදී පරාජය ලද්දේ වර්ථමානයේ තරග පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ පළපුරුදුම ක්‍රීඩිකාව වන රේණු චන්ද්‍රිකා ද සිල්වා ය.පිරිමි සූරතාවය ලසිත මේනක විසින් දිනා ගත් අතර ඔහු අවසාන තරගයේදී ලක්ෂිත මාදුවගේ පරාජය කළ අතර ලසිත ඊට අමතරව චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගත්තේය.
ලේඛා ෂෙහානි ද කාන්තා කේවල සූරතාවයට අමතරව චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව කාන්තා යුගල අනු සූරතාවය දිනා ගත් අතර තිලිණි ජයසිංහ, උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල සූරතාවය ද,හසිත චානක සමග එක්ව මිශ්‍ර යුගල අනු සූරතාවය ද දිනා ගත්‍තාය.පිරිමි යුගල සූරයන් වූයේ හසිත චානක සහ ආර්එස් දහනායක ය.අනු සූරතාවය ඉරේෂ් මධුරංග සහ ආර්එස් කසුන් විසින් දිනා ගනු ලැබීය.
අවුරුදු 35 න් පහළ පිරිමි කේවල සූරතාවය ලක්ප්‍රිය එදිරිසිංහ විසින් දිනා ගත් අතර එම යුගල අනු  සූරතාවයද ලක්ප්‍රිය,බීඑච් හේමන්ත සමග එක්ව දිනා දුන්නේය.ලක්ප්‍රිය ඉදිරියේ කේවල අනු සූරතාවය දිනූ සුභාෂ් චානක යුගල සූරතාවය දිනා ගත්තේ එම්ඩබ්ලිව් ධනේෂ් සමග එක් වෙමින්ය.
අවුරුදු 40 න් ඉහළ පිරිමි සූරතාවය සම්පත් පීරිස්ට හිමි වූ අතර එහි යුගල සූරතාවය කමල් ගම්ලත් සහ ඩී සේනාරත්න විසින් දිනා ගන්නා ලදී.අවුරුදු 50 න් ඉහළ තරග වටයේ දී බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායකට සිදු වූයේ ඩබ්ලිව්එම් ආරියසේන ඉදිරියේ පරාජය වන්නටය.ඉන් නොනැවතුණු ආරියසේන එස් ගලබඩ සමග එක්ව එම වයස් ඛාණ්ඩයේ යුගල සූරතාවය ද දිනා ගත්තේය.
තරගාවලිය ආශ්‍රිතව කණිෂ්ඨ තරග කිහිපයක් ද වයස් ඛාණ්ඩ අනුව ක්‍රියාත්මක වූ අතර එහි සූරතාවයන් බෙදී ගිය ආකාරය දැක්වෙන තරග සංවිධාන කමිටුව නිකුත් කළ නිල ප්‍රතිපල ලේඛනයේ කොටසක් මේ සමග දැක්වේ.
Under 11 Boy's Singles
Runner up – E.Madushanka

Winner – G.M.Dinura

Under 11 Girl's Singles
Runner up – S.Vidanage
Winner – N.Wijewardena

Under 13 Boy's Singles -Runner up – J.Perera -Winner – T.Gonapinuwala
Under 13 Girl's Singles -Runner up – S.De Silva -Winner – Anurangi.H
Under 17 Boys singles -Runner up – K.Amarasena -Winner– B.Gunathilaka
Under 17 Girls singles -Runner up – B.Deemanthi - Winner – M.Dilrukshi








 
 

වීදී පැසි පන්දුව අදුරත් පරදා වැස්සත් පරදයි


ශ්‍රී ලංකා පැසිපන්දු පරිපාලනය පැසි පන්දු ක්‍රීඩාව වඩා ජනප්‍රිය ක්‍රීඩාවක් පත් කිරීමට මෙන්ම 2016 දී රියෝද ජැනෙයිරෝ නුවර පැවත්වෙන ඔලිම්පික් තරගාවලියේදී පැවත්වීමට නියමිත 3x 3 පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ඇති ඉඩ පහසුකම පිළිබද අවධානය යොමු කරමින්ද කොළඹ නවම් මාවත රථ වාහන අංගනය ආශ්‍රීතව ක්‍රියාත්මක කරන ලද 3x 3 පැසි පන්දු තරගාවලියේ දෙවන අදියර සාර්ථකව නිමා කරන්නට ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනයට හැකි විය.පළමු අදියරේ දී තරගාවලිය සම්පූර්ණ කිරීමට කාලයෙන් බාධාවක් ඇති කර ගත්තද එයින් පැඩම් උගත් සංවිධායකත්වය දෙවන අදියර කාලයෙන් බාධාවක් ඇති නොවන ආකාරයෙන් නිමා කිරීමට  සමත් වූ නමුත් දෙවන අදියර ට වර්ෂාවෙන් එල්ල වූ බාධාව දැඩි ගැටළුකාරී එකක් විය.එහෙත් ක්‍රීඩා සංවිදායකත්වය සමග එකග වෙමින් එම වර්සාව මධ්‍යයේ ක්‍රීඩා කිරිමට එකග වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම විනිශ්චය කිරීමට ඉදිරිපත් වූ විනිසුරුවන් ද නිසා සියළු වයස් ඛාණ්ඩ වල ජයග්‍රාහකයන් කවුද යන්න තීරණය වෙමින් 3x 3 පැසි පන්දු තරගාවලියේ දෙවන අදියර සාර්ථකව නිමා කරන්නට හැකි විය.
තරගාවලියේ අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවය Track Masters ක්‍රීඩා සමාජයට හිමි වූ අතර අනු සූරියන් වූයේ මහනුවර පුෂ්පදාන විද්‍යාලීය කණ්ඩායම ය. කොළඹ St Lawrence විද්‍යාලීය කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගත්තේය.අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය දිනා ගනු ලැබුවේ Asian International School  කණ්ඩායම වූ අතර අනු සූරතාවය කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට හිමි විය.තෙවන ස්ථානය හිමි වූයේ Colombo International School  කණ්ඩායමටය.
අවුරුදු 18 න් පහළ බාලිකා සූරියන් වූයේ Track Masters ක්‍රීඩා සමාජය ය.අනු සූරතාවය Josephions ක්‍රී ඩා සමාජයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ St Lawrence කණ්ඩායමට ය.එම වයස් ඛාණ්ඩයේ බාලක සූරතාවය කොළඹ රාජකීයන් දිනා ගත් අතර අනු සූරතාවය හිමි කර ගත්තේ Colombo International School  කණ්ඩායම ය.තෙවන ස්ථානය St Benedict  කණ්ඩායමට හිමි විය.
විවෘත පිරිමි සූරතාවය හිමි වූයේ Nation Trust Bank කණ්ඩායමට ය.අනු සූරතාවය හිමි වූයේ Colombo Lakers කණ්ඩායමට ය.තෙවන ස්ථානය Carlton කණ්ඩායමට හිමි විය.කාන්තා සූරතාවය හිමි වූයේ 4 For Ever කණ්ඩායමට වූ අතර අනූ සූරියන් ලෙස Shepherdions කණ්ඩායම තේරී පත් විය. Paulions කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගත්තේය.

Jul 2, 2012

මංජුල ගේ පිම්ම වරදියි

සකස්තානයේ පැවති ආසියානු ඕල් ස්ටාර් මලල ක්‍රීඩා සූරතාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමේ අපේක්ෂාවෙන් තරග වැදි මංජුල කුමාරට එම කඩ ඉමට පිවිසීමට නොහැකි විය.මීටර් 2.22 ක උසක් තරණය කළ මංජුල එහිදී තෙවන ස්ථානය දිනූ අතර පිළිවෙලින්  ප්‍රථම සහ දෙවන ස්ථාන ලැබූ කසකස්තානයේ විටාලි ටෙසිකුනොව් සහ සර්ජි ෂෙසිමොවිච් ට ද ඉක්මවා යාමට ලැබුණේ,මිටර් 2.22 ක් පමණි.
විශාල බලාපොරොත්තු ඇතිව මෙම ක්‍රීඩා උළෙලට මංජුල මෙන්ම සිය පෞද්ගලික වියදමෙන් සහභාගි වූ මංජුල ගේ විශේෂඥ පුහුණුකරු නාගලිංගම් එදිරිවීරසිංහම් මෙහිදී ලද පන්නරය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ පැවත්වෙන තේරීම් තරග වලදී සිය උපරිමයට පිවිස ඔලිම්පික් වරම් ලැබීමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com

පකිස්තාන පිතිකරුවන් යළි පිබිදෙයි


Azhar Ali celebrates his century, his second against Sri Lanka
අසාර් අලි

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට කඩුලු 4 ට ලකුණු 488 ක් ලබා සිටින පකිස්තාන පිතිකරුවන් ගාලු ‍ටෙස්ට් තරගයේදී  තමන් අතින් සිදු වූ වැරදි සහ අතපසුවීම් නිවැරදි කර ගනිමින් ප්‍රකෘති තත්ත්වයට පත්ව ඇත.කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීම සදහා පකිස්තානයට ආරාධනා කළ අතර පකිස්තානය පළමු දිනයේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් කඩුලු 1 ට 334 ක් ලැබීය.
පන්දු ඕවර් 90 ක් තුළ ගලා ආ එම ලකුණු ප්‍රමාණයට ඊයේ වැස්සෙන් එල්ල වූ බාධා නිසා තවත් ලකුණු 154 ක් පමණක් එක් වූ අතර ඊයේ පළමු දිනයට වඩා වේගවත් ක්‍රීඩා රටාවකට පිවිසෙන්නට පකිස්තානු පිතිකරුවන් උනන්දු වන බවක් පෙනෙන්නට තිබුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස එම ලකුණු 154 තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තවත් පකිස්තානු කඩුලු 3 ක් දවා ගැනීමට හැකියාව ලැබිණ.
කෙසේ නමුත් මේ සටහන තැබෙන විටත් තෙවන දිනයේ තරග ආරම්භය පිළිබද සැක මතු කරමින් කළු වළාකුළු එස්එස්සී ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මුදුන් වෙමින් පවතින අතර එය පකිස්තානයේ ප්‍රබල පිතිප්‍රහාරයේ ශක්තිය ජයග්‍රහණයක් බවට පත් වීම වැළක්වීම පිණිස ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වනු ඇත.නායකත්වයේ වගකීමෙන් නිදහස් වූ මොහොමඩ් හෆිස්ගේ පිත්ත ශ්‍රී ලංකාවට වඩාත්ම බල පෑ හිසරදය වූ අතර ඔහු ලකුණු 196 ක් රැස් කළ අතර කල්පනාකාරී පිතිකරුවෙකු ලෙස පකිස්තානු කණ්ඩායමේ ස්ථානය තහවුරු කරමින් සිටින අසාර් අලි යළිත් සාර්ථක වෙමින් ලකුණු 157 ක් රැස් කර ගත්තේය.
රංගන කඩුලු 2 ක්,මැතිව්ස් සහ සුරාජ් එක් කඩුල්ල බැගින්ද දවා ගෙන සිටින අතර තරගයේ දෙවන දිනය නිමා වන විට සමස්ත තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.

Jul 1, 2012

බොල්ට් ට වරදියි


සෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින සිය රටේම,සිය ක්‍රීඩා සමාජයේම සගයා වන යොහාන් බ්ලේක් ජැමෙයිකානු ඔලිම්පික් සහභාගීත්වය තහවුරු කිරීම පිණිස පැවති තේරීම් තරගයේදී මීටර් 100 ඉසව්වේදී උසෙයින් බෝල්ට් පරාජය කරන්නට සමත් විය.තත්පර 9.75 ක් ලෙස මේ වසරේ වාර්තා වූ හොදම කාලය වාර්තා කළ බ්ලේක් තරගය නිමා වන විට පැහැදිළි ඉදිරියක සිටිමින් තරගය ජය ගැනීම කැපී පෙණින.
හොද තරග ආරම්භයක් ලබා නොගත් බෝල්ට්,තරගයේ අවසාන මීටර් 30 ට ප්‍රවේශ වන විටත් මුල් තිදෙනා අතර දකින්නට නොලැබුණු අතර ඔහු අවසාන මීටර් 30 තුළ උත්සාහ කරන්නේ තරගය ජය ගැනීම වෙනුවට අසාෆා පවෙල් පරාජය කරමින් තරගයේ දෙවන ස්ථානය තහවුරු කර ගන්නටය.බෝල්ට් එම උත්සාහය සාර්ථක කර ගනිමින් තත්පර 9.86 ට දෙවන ස්ථානය දිනා ගනිද්දී අසාෆා පවෙල් තත්පර 9.88 කින් තෙවන තැන ද,මයිකල් ප්රැටර් තත්පර 9.94  කින් සිව්වන තැනද දිනා ගන්නේ ජැමෙයිකාවේ ලන්ඩන් ඔලිම්පික් 4 x 100 බලාපොරොත්තු ගැනද සැකයක් නොතබමින්ය.
කාන්තා මීටර් 100 ඉසව්වද ජැමෙයිකාවේ ඔලිම්පික් බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් ප්‍රතිපල ඇති කළ ඉසව්වක් විය.එහි ජයග්‍රාහිකාව ෂෙළී ඈන් ප්‍රෙසර් වූ අතර ඇය තත්පර 10.70 කින් එම ඉසව්ව නිම කළාය.දෙවන ස්ථානය දිනා ගත්තේ වෙරෝනිකා කැම්බල් ය.