Jun 19, 2012

මාල දිවයිනට නිවිතිගල දී ගුවන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ මාල දිවයින් ජාතික වොලිබෝල් සූරයන්ට නිවිතිගලදී ගුවන් හමුදාව ඉදිරියේ වට 3 - ද පරාජයක් ලබන්නට සිදු විය.මාල දිවයින් කණ්ඩායම වෙනුවෙන් අබ්දූල් කරීම් සිය බැහු ශක්තිය මැනවින් පෙන්වමින් පන්දු පිරිනැමීමේදී මෙන්ම ප්‍රහාරයන් වලදී ද ප්‍රදර්ශනාත්මක තරග රටාවක නියැලුණ ද,ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ පළපුරුද්ද හමුවේ මාල දිවයිනට ජයග්‍රහණය කරා යන්නට කරීම් ගේ ශක්තිය ප්‍රමාණවත් නොවිණි.
තරගයේ පළමු වටයේ දී ගුවන් හමුදාව ලකුණු 25 / 20 කින් ජය ගත් අතර දෙවන වටය ජය ගත්තේ ලකුණු 25 /19 කින් ය.තෙවන වටයේදී මාල දිවයින් කණ්ඩායම මෙම තරගයේ ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුණ ද,යළිත් අත්දැකීම් සමග ලත් උපායශීලීත්වය හමුවේ තරගයට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය ලකුණු 25 /22 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.නිවිතිගලට නුහුරු අත්දැකීමක් වූ ජාත්‍යන්තර වොලිබෝල් තරගය නරඹිමට විශාල ජන සමූහයක් සහභාගි වීමේ අඩමානයක් පැවතියද තරගය සංවිධානය කිරීමට මැදිහත් වූ සබරගමු පළාත් සභා මංත්‍රී සහ ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කාංචන ජයරත්නයන් විසින් කර තිබූ ආකර්ශණීය ප්‍රචාරය හේතුවෙන් නිවිතිගල මහජන ක්‍රීඩාංගණය පමණක් නොව ඒ අවට ගොඩනැගිලි පවා තරග නරඹන්නන්ගෙන් පිරී ඉතිරී තිබිණ.
තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බලශක්ති නියෝජය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර එක් වී සිටියේය.   

රාජකීය අපරාජිත වාර්තාව බිද දැමූ ත්‍රිත්ව පෙරමුණට

බ්‍රැඩ්බි කුසලානය සදහා පැවති තරගයෙන් අපරාජිත රාජකිය විද්‍යාලයට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයේ අපරාජිත වාර්තාව බිද දැමීමෙන් නොනැවතී පාසල් රග්බි තරග ලකුණු සටහනේ පෙරමුණට එන්නට ද සමත් විය.තරගයේ ඇතැම් සිදුවිම් රාජකීයන්ට වාසිදායක කරනු පිණිස පසුබිම සකස් කළ බවට චෝදනා තරගය අරම්භයටත් පෙර සිට වාර්තා වුව ද,ත්‍රිත්ව ක්‍රඩකයෝ තමන් ඉදිරියේ සිටින්නේ තකුණු සටහනේ පෙරමුණේ සිටින අපරාජිතයන් යන්න කිසිදු තැකීමකට නොගෙන ආක්‍රමණකාරී තරග රටාවකට පිවිසෙමින් තරගයේ මුල සිටම රාජකීයන්ගේ ආත්ම විශ්වාසය පළුදු කරමින් තරගාවලියේ අවසානය පෙනි පෙනී කන්ද උඩරට රගර් කීර්තිය සුරැක ගන්නට පෙරට පැමිණියේය.
ඒ අනුව සිංගර් පාසල් රග්බි තරගාවලියේ නවතම ලකුණු සටහන පහත දැක්වේ.

Jun 18, 2012

සම්පත් බැංකුව සම්පත රැක ගනියි

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137fd493357a403b&attid=0.7&disp=inline&realattid=f_h3kurhbb6&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1339984863599&sads=GuvMXqoVjiYJ5hbW9Efm6vygQVMතිළිණි ජයසිංහ,හසිත චානක වැනි ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරටු කොට පිටියට බට සම්පත් බැංකු ඒ කණ්ඩායම glits අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණු වෙළද සේවා යුගල බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත සූරතාවය දිනා ගන්නට සමත් වුණා.අවසාන තරගයේදී නදීශා ගයත්‍රී,හෂාන් අනුරාධ වැනි ක්‍රීඩකයන් නියෝජනය කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව වට 3 - 1 ක ජයක් අත් කර ගත් සම්පත් බැංකුව වෙළද සේවා යුගල බැඩ්මින්ටන් තරගාවලියේ තමන් සතුව පැවති සූරතාවය තව දුරටත් රැක ගන්නට සමත් වීම මෙහිදී කැපී පෙණුනා.
ජුනි 13 දා පටන් 17 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ දී ඉහත නම් සදහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව චන්ද්‍රිකා ද සිල්වා,අමාලි අමරසිංහ,සේනක විජේකෝන්,ලක්ෂාන් ද සිල්වා,නදුන් හෙට්ටිආරච්චි වැනි ක්‍රීඩ ක්‍රීඩිකාවන් රැසක් ද මේ තරගාවලියට එක් වී සිටීම නිසා තරගාවලියේ උනුසුම ඉතා ඉහළ අගයක පැවතුණා.
තරගාවලියේ පළිහ සූරතාවය දිනා ගන්නට සමත් වුණේ කොමර්ෂල් බැංකු කණ්ඩායම වූ අතර අනු සූරතාවය සදහා ඩයලොග් ඒ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.වට 3 - 2 ක් ලෙස විසැදි එම සූරතාවය මෙන්ම සෙලාන් බැංකු කණ්ඩායම සහ ශ්‍රී ලංකන් අතර පැවති පළග කුසලාන අවසාන තරගයද උණුසුම් මුහුණුවරක් ගත අතර එහි ජයග්‍රහණය වට 3 - 2 ක් ලෙස සෙලාන් බැංකුව දිනා ගත්තේ ශ්‍රී ලංකන් කණ්ඩායමට අනු සූරතාවය හිමි කර දෙමින්.
බදුන කුසලානය සදහා පැවති අවසාන තරගයට ගුවන් තොටුපළ සහ පර්යන්ත සේවා කණ්ඩායම සහ සම්පත් බැංක් බී කණ්ඩායම තේරී පත් වී සිටි අතර එහි ජයග්‍රහණය වට 3 - 0 ක් ලෙස ගුවන් තොටුපළ සහ සේවා පර්යන්ත කණ්ඩායම විසින් දිනා ගත්තා.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය වෙනුවෙන් glits විලාසිතා නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරී ඒ හසන් අම්ජාඩ් එක් වී සිටි අතර, මෙහෙයුම් කළමණාකරු ඒඑම්එම් සෆීක් සහ වෙළද කළමණාකරු ඒඑල්එම් අකීල් ද ඒ අතර සිටියා.
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සබාපති නිරෝධ ද කොස්තා සහ එහි සාමාජිකයන්ගේ සංකල්පයක් අනුව glits එක් වීමෙන් මෙහිදී කොළඹ ලුම්බිණි,කළුබෝවිල බුද්ධඝෝෂ,අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික සහ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාල සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා අවශ්‍යය වන උපකරණ බෙදා දීමක් ද සිදුවුණා.මීට අමතරව තරගාවලියේ මූලික වටයේ ඒ ඒ කණ්ඩායම් නියෝජනය කළ කාණ්ඩ වල සූරතාවයන් පිරිනැමීමක් ද සිදු වූ අතර එහි දී ඒ කාණ්ඩයේ සූරයන් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තේරී පත් වූ අතර බී කාණ්ඩයේ සූරතාවය දිනා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් වුණා.සී කාණ්ඩයේ සූරතාවය පළමු වරට තරගාවලියට අනුග්‍රාහකයන් ලෙස එක් වූ glits ආයතනයට අදාළ නෝ ලිමිට් කණ්ඩායම විසින් දිනා ගත් අතර සෙලාන් කණ්ඩායම ඩී කොටසේ සූරතාවය දිනා ගත්තා.
ඊ කාණ්ඩයේ සූරතාවය අබාන්ස් බී කන්ඩායමට හිමි වූ අතර ජී කාණ්ඩයේ සූරතාවය හිමි වූයේ මාස් හෝල්ඩින්ග්ස් කන්ඩායමට යි.එච කොටසේ සූරතාවය දිනා ගැනීමට එච්එස්බීසී කණ්ඩායම සමත් වුණා.
www.supirikrida.com

ඔලිම්පික් ටිකට් මගඩි ගැන හදිසි රැස්වීමක්

න්ඩන් ඔලිම්පික් උළෙල ආශ්‍රීතව ප්‍රවේශපත් අලෙවිය තව දුරටත් නීත්‍යාණුකූල නොවන මට්ටමෙන් ක්‍රියාත්මක වීම පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත් පත කළ හෙළිදරව්වෙන් ඉනික්බිති ඔලිම්පික් උළෙලේ විධායක කමිටුව ඒ පිළිබදව සාකච්ඡා කරන්නට ඊයේ රාත්‍රයේ හදිසියේම රැස් වී තිබෙන බව වාර්තා වෙනවා.මෙහිදී ජනප්‍රිය ඉසව් ඇතුළත් වන දින වලට අදාළ ප්‍රවේශපත් ඉතා වැඩි මුදලකට අලෙවි වන බව සන්ඩේ ටයිමිස් පුවත්පත පෙන්වා දී ඇති අතර ඔවුන් උදාහරණයක් ලෙස පිරිමි මීටර් 100 ඉසව්ව පවතින දිනයේ ප්‍රවේශපත් වැඩි මුදලකට අලෙවි වීම උදාහරණ ලෙස පෙන්වා දී තිබෙනවා.
දැඩි නීති රීති වලට යටත්ව මෙම ප්‍රවේශපත් අලෙවිය විවිධ රටවල් වෙත පවරා ඇති නමුත් මේ වන විටත් එම ප්‍රවේශපත් අලෙවිය අයුතු ලෙස කළ බවට චෝදනා එල්ල වූ ඇතැම් නිලධාරීන් පවා වාර්තා වී තිබෙන නිසා මෙම තත්ත්වය වෙනස් කර ප්‍රවේශපත් අපේක්ෂාවෙන් සිටින්නන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න ඊයේ විධායක කමිටු රැස්වීමේ දී සාකච්ඡෘ වීමට නියමිතව තිබුණා.
www.supirikrida.com

මැද පෙරදිග අත්පන්දු කණ්ඩායම් වලින් ඉහළ දස්කම්


චීනයේ පැවත්වෙන තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී මැද පෙරදිග අත් පන්දු කණ්ඩායම් ඉහළ දස්කම් වාර්තා කරමින් සිටියි.එහිදී කටාර් පිරිමි අත්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට සහ හොංකොං කණ්ඩායම් වලට එරෙහිව ජය වාර්තා කළ අතර ඔමානට ජපානය ඉදිරියේ ජය ලැබීය.මෙම ජය ග්‍රහණ තුනම පරාජිත කණ්ඩායම් වලට එරෙහිව වට 2  - 0 ජයග්‍රහණ ලෙස වාර්තා වීම කැපී පෙණින.
ශ්‍රී ලංකාව සහ කටාරය අතර පැවති තරගයේදී කටාරය ප්‍රථම වටය ලකුණු 30 – 11 ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන වටයේදී කටාරයේ ලකුණු ලබා ගැනීම 21 දක්වා පාලනය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුව ද ශ්‍රී ලංකාවට ද එම වටයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8 ක් පමණි. 

Jun 17, 2012

ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ආසියානු සිහිනය බොද වෙයි


Picture Gallery of the Opening Ceremony of the Third Asian Beach Gamesචීනයේ හායියැන්ග් හී පැවත්වෙන තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වෙන් පදක්කමක් කරා යාමට ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ වන විට ‍බිද වැටිණි.ශ්‍රී ලංකාවේ අංක එකේ වෙරළ වොලිබෝල් යුගලය ලෙස වැජඹි මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල පරාජය කරමින් පෙරළිකාර ගමණක් ඇරඹූ අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ට අවසන් 16 දෙනාගේ වටය දක්වා එන්නට අවස්ථාව සැළසුණේ නැති අතර පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් පමණක් සිය අත්දැකීම් සමග යමින් අවසාන කණ්ඩායම් 16 අතරට පිවිසෙන්නට සමත් විය.
නමුත් මැලේසියාවේ කිව් චියොන්ග් උන්ග් සහ රාෆි අස්රුෆී නෝර්ඩින් වෙතින් එම වටයේදී ලද 21 /17 සහ 21 / 16 ලෙස ලද පරාජයත් සමග අවසාන අටදෙනා අතරට පිවිසෙන්නට තිබූ අවස්ථාව සම්පත් සහ පුබුදුට අහිමි විය.
කාන්තා කන්ඩායම් දෙකම අවසාන කණ්ඩායම් 16 අතරට පැමිණීම විශේෂ සිදුවීමක් විය.ඒ අතරින් තක්ෂිලා ග්‍රණසිංහ සහ ගීතිකා ගුණවර්ධන මූලික වටයේ තරග වලදී සිය ක‍ාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා අවසාන කණ්ඩායම් 16 අතර තරගයේදී න්ගුයෙන් ති තිප් සහ පාන් තී කැම් හොන්ග් වෙතින් ලකුණු 22 /20 සහ 21 /17 ලෙස පරාජය ලැබීය.නිරෝෂා ගුණසිංහ සහ සාගරී ගුණසිංහ අවසන් 16 දෙනා අතර තරග වටයේදී චීන තායිපේ කණ්ඩායමේ කොව් නාල් හන් සහ චාන්ග් හුයි මින් වෙතින් පරාජය ලැබුවේ 21/ 17 සහ 21 /12 ලෙස ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල අරඹමින් ඊයේ පැවති චමත්කාරජනක සමාරම්භක උළෙලේ අවස්ථාවකි.

තිසර, පකිස්තානය ජය මාවතෙන් ඉවතට තල්ලු කරයි


Thisara Perara ripped through Pakistan's middle orderශ්‍රී ලංකා‍ව විසින් ලබා දුන් ලකුණු 243 වෙත ඉතා පහසුවෙන් ගමන් කරමින් සිටි පකිස්තානය එම මාර්ගයෙන් ඉවත් කරවීම සදහා මැදිහත් වූ තිසර පෙරේරා කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සහ එම පන්දු ඕවරයේදීම දක්ෂ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් දුවද්දී දවා ගැනීමක් ලබා ගනිමින් ද තරගය ශ්‍රී ලංකාව වෙත හරවා දුන්නේය.තරගයේ 40 වන ඕවරයේ දෙවන පන්දුවේදී තිසරගේ සංග්‍රාමය ඇරඹි අතර ඒ වන විට පකිස්තානය ලකුණු කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය.තිසරගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු ලෙස යුනිස් ඛාන්,සහීඩ් අෆ්රීඩී සහ සෆ්රාස් අහමඩ් යන ප්‍රබලතම පිතිකරැවන් තිදෙනෙකු සිටීම නිසා යළි පකිස්තානයට හිස එසවීම ගැන සිතන්නටවත් අපහසු වූ අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි අසාර් අලි ට සිදු වූයේ ඉණිම නිමා වන තුරු කඩුල්ලේ රැදෙමින් වාර්තා පොත් අතරට එක් වීමටය.ඔහු පමණක් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමට සහ පන්දු රැකීමට අවනත නොවී සිය ඉණිම නිම වන විට නොදැවී ලකුණු 81 ක් රැස් කර සිටියේය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දු ඕවර් 50 නිමා වන විට ලකුණු 243 දක්වා රැගෙන යාමට කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් ‍සිව්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ ලකුණු 110 ක සබදතාවය ඉවහල් විය.ලකුණු 90 ක් ව තිබියදී පිටියේ එක් වූ මහේල සහ සංගක්කාර ගේ සබදතාවය නවතා දමමින් සොහීල් ටන්වීර් විනසුරුවරයන්ගේ නොසැළකිල්ලද ප්‍රයෝජනයට ගනිමින් මහේල ගේ කඩුල්ල දවා ගත්තේ නිපන්දුවකට ය.එවිට ලකුණු 200 ක් වූ ශ්‍රී ලංකා ඉණිමට මහේල ගේ දැවී යාමෙන් පසුව පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 43 ක් එක් වූ අතර  මහේල ගේ ලකුණු 40 සහ සංගක්කාරගේ ලකුනු 97 හැරෙන්නට වෙනත් කිසිදු විශාල ඉණිමක් ශ්‍රී ලංකාව වෙතින දකින්නට නොලැබිණි.
පිළිතුරු ඉණිම එතරම් අසීරු ඉලක්කයක් ලෙස නොපෙනුන ද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පකිස්තානු පිතිකරුවන්ට නිදහසේ අත දිග හරින්නට අවසර ලබා නොදුන්න හ.ප්‍රථම ඕවරයේදීම ලසිත් මාලිංග ක්‍රියාත්මක වූ අතර මොහොමඩ් හෆීස් පිටියෙන් ඉවත් වූයේ ලකුණු නොලබාම ය.නමුත් අසාර් අලී සහ අසාද් සෆික් (25) දෙවන කඩුල්ලට ලකුණු 53 ක් ද,නායක මිස්බා උල්හක්( 57) සහ අසාර් අලී තෙවන කඩුල්ලට ලකුණු 113 ක් ද එක් කරමින් පකිස්තානය සාරවත් ස්ථාවරයකට කැදවා ගෙන ආව ද තිසරගේ ක්ෂණික මැදිහත් වීමත් සමග පකිස්තානු පසුපෙළ පිතිකරු ලකුණු ලබා ගැනීම දුරකථන අංක පෙළකට සමාන විය.විශිෂ්ඨ පන්දු රැකීමකින් ලබා ගත දුවද්දී දැවී යාමක් ද පන්දු යැවීමෙන් ලකුණු 42 ට කඩුලු 4 ක් ද දවා ගනිමින් කැපී පෙණුනු තිසර තරගයේ වීරයා ද විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශ වීමට ඇති සම්බන්ධතාවය ය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562442.html
 www.supirikrida.com