May 7, 2012

ලක් ලලනාවෝ තරගාවලියෙන් පරදිති

ශ්‍රී ලංකාව සහ ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් අතර පැවති 30/20 තරගාවලියෙන් පිට පිටම ලද තෙවන පරාජයත් සමග හ්‍රී ලංකාවට සමස්ත තරගාවලියේම පරාජය භාර ගන්නට සිදුවුණා.වර්සාව නිසා ප්‍රමාද වී ඇරඹි තරගය පන්දු ඕවර් 16 ට සීමා වූ අතර මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 78 ක් පමණයි.එහිදී අඩු ලකුණු ගණනක් ඇතිව පන්දු රැකීමට පිටියට පිවිසුන ද ශ්‍රී පාලි වීරක්කොඩි ගේ පන්දු යැවීම ඉදිරියේ නැවතත් තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 56 ක් තුළ කොදෙව් ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගේම කඩුලු අහිමි කළහ.නමුත් පිටියේ රැදී සිටි එකම විශ්වාසවන්ත පිතිකාරිය වු ශර්මින් කැම්බෙල් කඩුලු 7 ට කොදෙව් ලකුණු පූවරුව 80 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.ශ්‍රීපාලි වීරක්කොඩි පන්දුවෙන් ලකුනු 23 ට කඩුලු 3 ක්් දවා ගනිමින් දැක්වූ දක්ෂතාවය කැම්බෙල් ගේ පිත්ත ඉදිරියේ පරාජය වූයේ තරගයේ වීරවරිය ලෙස කැම්බෙල්ව ඇගයීමට ලක්වෙමින්.

ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රාහී අවස්ථාවන් බහුලයි




Daichi Sawano - AVIVA London Grand Prix - Day Two 
හෙට මැයි 8 ඇරඹෙන තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අතරට පිවිසීමට විශාල අවස්ථාවක් තිබෙනවා.මේ තර/ාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දී මුල් ක්‍රීඩක ස්ථාන තුන අතර දකින්නට නොලැබෙන්නේ ෂෙහාන් අඹේපිටිය සහ වරුණ ලක්ෂාන් දයාරත්න පමණයි.නමුත් ෂෙහාන් ජැමෙයිකානු පුහුණුවෙන් පසුව මේ වන විට දැඩි ආත්ම විශ්වාසයෙන් පසුවන අතර ඔහු තරග සමය ආරම්භ කරේම මේ තරගාවලියේ මීටර් 100 තරගයට සුදුසුකම් ලබා ගත් තරග කාලය වන 10.56 ට වඩා හොද කාලයක් වන තත්පර 10.54 ක් කාලයක් වාර්තා කරමින් වීම ඒ විශ්වාසය තව දුරටත් තහවුරු කරනවා.
හෙල්ල වීසිකිරීම සදහා සහභාගි වන වරුණ ද ආබාධ තත්ත්වයෙන් මිදී මේ වන විට යහපත් තත්ත්වයට පත් ව ඇති බැවින් ඔහු ගෙන් ගිලීහී ගිය ජාතික වාර්තාව දෙස ගිජු කමක් ද ඇතිව මේ තරගාවලියට පිවිසෙන බව කිව හැකියි.එසේම මෙම හෙල්ල වීසිකිරිමේ ඉසව්වේ වර්තමාන වාර්තලාභියා වන දැනට පින්ලන්තයේ පුහුණුව ලබන සචිත් මධුරංග ද මෙම සහභාගි වන  තරග කරුවන් අතරට එක් කිරීමට හැකියාවක් තිබූ බව පැහැදිළි වෙනවා.
මංජුල කුමාර මෙම තරගාවලියට සුදුසකම් ලබා සිටින තරග කරුවන් අතර සුදුසුකම් ලැබීම සදහා දැක් වූ දක්ෂතා සළකද්දී උස පැනීම ඉසව්වේ තෙවන තැන පසුවන අතර උස පැනීමේ ජාතික වාර්තාලාභියා වන්නේ මංජුල යි.එසේම යළි ඉපදි ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසන්න අමරසේකර සිටින්නේ ද මීටර් 400 ඉසව්වේ තෙවන තැනයි.මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට ඉදිරිපත් වන ක්‍රිස්ටීන් මෙරිල් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා වාර්තා කළ කාලයන් සළකද්දී දෙවන තැන පසුවනවා.මේ අතර මීටර් 400 ඉසව්වට ඉදිරිපත්වන චන්ද්‍රිකා  සුභාෂණි සිටින්නේ මෙම තරගකරුවන් අතර පළමු තැනයි.තරගාවලිය පැවත්වෙන පැයි 8,11,14 යන තෙදිනම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.10 ට තරගාවලිය ඇරඹෙන අතර තරග කාල සටහන සහ තරග කරන ක්‍රීඩක නාම ලේඛනය මේ සමග දැක්වෙනවා.මෙහි පළමු ස්ථාන තුන දිනා ගන්නා ජයග්‍රාහකයන් තිදෙනාට ඩොලර් 1500,800 සහ 500 ලෙස පිළිවෙලින් ත්‍යාග හිමිවෙනවා.


101 14.30 Long Jump Women Final
102 14.45 Javelin Men Final
103 14.50 High Jump Women Final
104 15.00 400 M.Hurdles Women Final 
105 15.15 100 M. Men Final 1
106 15.25 100 M. Men Final 2
107 15.35 100 M. Woen Final 1
108 15.45 100 M. Woen Final 2
109 15 45 Long Jump Men Final
109 15.45 Long Jump Men Final
110 15.50 Shot Put Women Final 
111 16.00 Discus Women Final
112 16.00 400 M. Men Final 
113 16.10 400 M. Women Final 
114 16.25 High Jump Men Final 
115 16.25 110 M.Hurdles Men Final
116 16.40 100 M.Hurdles Women Final
117 16.55 800 M. Men Final
118 17.00 Triple Jump Men Final
119 17.10 800 M. Women Final
120 17.25 4x100 M. Men Final
121 17.35 4x100 M. Women Final
122 17.45 4x400 M. Men Final
123 17.55 4x400 M. Women Final
මෙම කාල සටහන ක්‍රීඩක සහභාගීත්වයේ ස්වභාවය සමග වෙනස් විය හැකිය


100
1 Su Bingtian CHN 10.16
2 Ghasemi Reza IRI 10.35
3 Ho Man Lok HKG 10.36
4 Lao Yi CHN 10.37
5 Ho Ping Kwan HKG 10.37
6 Fadlin INA 10.42
7 Gary Yeo Foo Ee SIN 10.46
8 Shameer Mon Noseema Manzile IND 10.52
9 Suryo Agung Wibowo INA 10.52
10 Al Sooli Abdullah OMN 10.52
11 Abepitiyage Shehan Sadaruwan SRI 10.56
12 Krishna Kumar Rane IND 10.61
13 Sowan Ruttanapon THA 10.62
14 Mennapro Jirapong THA 10.67
15 Ali Liaqat PAK 10.76
400m
1 Hashemiahan Sajad IRI 45.81
2 Al-Marjibi Ahmed OMA 45.84
3 Dodampe Prasanna Sampath SRI 46.66
4 Astriyanto Heru INA 47.53
5 Bibin Mathew IND
6 Archand Christian Badsit PHI 47.71
7 Lyoshin Vladislav KAZ 47.86
8 THA
800m
1 Adnan Taes IRQ 1:45.88
2 Moradi Amir IRI 1:46.17
3 Joseph Sajeesh Joseph IND 1:47.34
4 Ghamanda Ram IND 1:47.37
5 Mohajorshoejaei Ehsan IRI 1:48.50
6 Duong Van Thai VIE 1:49.42
7 Ahmed Farhan PAK 1:50.14
8 THA
110m Hurdles
1 Jiang Fan CHN 13.47
2 Park Taekyong KOR 13.48
3 Yin Jing CHN 13.59
4 Thingaliya Sidhanth IND 13.77
5 Almandeel Abdulaziz KUW 13.78
6 Wan Sofian Rayzam Shah MAS 13.86
7 THA

(MEN)4x100m Relay
 1 Hong Kong HKG 39.24
2 Chinese Taipei TPE 39.30
3 Singapore SIN 39.82
4 China CHN
5 India IND
6 Indonesia INA
7 Korea KOR
8 Thailand THA
 (MEN)4x400m Relay
1 India IND
2 Korea KOR
4 Thailand THA

Long Jump
1 Yun Zhiming CHN 8.05
2 Sukhasvasti Na Ayudhaya Supaanara THA 8.05
3 Alhaddad Saleh KUW 8.01
4 Kirill Agoev KAZ 7.81
5 Henry Dagmil PHI 7.78
6 Sharma Ankit IND 7.74
7 Andreev Leonid UZB 7.70
8 Arzandeh Mohammad IRI
High Jump
1 Ghazal Najd Eddin SYR 2.28
2 Hosseinzadeh Amin IRI 2.25
3 W.P. Manjula Kumara SRI 2.24
4 Ghanbarzade Keyvan IRI 2.20
5 Zassimovich Sergey KAZ 2.20
6 Tsykunov Vitaliy KAZ 2.16
7 Chittrasu Nikhil IND 2.16
8 Thomas Jithin IND 2.15
9 Lee Hup Wei MAS 2.15
Triple Jump
1 Valiyev Roman KAZ 16.92
2 Ektov Yevgeniy KAZ 16.91
3 Maheswary Renjith IND 16.85
4 Singh Arpinder IND 16.63
5 Philakong Teerayut THA 16.43
6 Kurbanov Rusian UZB 16.17
7 Kongril Varunyoo THA 16.14
8 Reznichenko Andrey UZB 16.13
Javelin
1 Zaytcev Ivan UZB 79.38
2 Shokujonov Bobur UZB 78.39
3 Tarzumanov Rinat UZB 77.32
4 Singh Rajinder IND 75.74
5 Rankoth Pedige W.L.D. SRI 75.41
6 Ammar Makki IRQ 74.16
7 Aziznejad Mohsen IRI 70.52
8 Fresnido Danila PHI 70.35
9 Rohit Kumar IND
10 THA


100m
 1 Wei Yongli CHN 11.36
2 Khubbieva Guzel UZB 11.36
3 Tao Yujia CHN 11.37
4 Zyabkina Viktoria KAZ 11.42
5 Vu Thi Huong VIE 11.71
6 Tri Setyo Utami INA 11.87
7 Lam On Ki HKG 11.90
8 Fong Yee Pui HKG 11.91
9 THA
400m
1 Rasnayaka Mdiyanselage C.S. SRI 52.52
2 Toosi Maryam IRI 53.69
3 Pooramma M.R. IND 53.76
4 Nguyen Thi Thuy VIE 54.03
5 Yongphan Treewadee THA 54.13
6 THA
7
8
800m
1 Truong Thanh Hang VIE 2:01.41
2 Sidorova Anna UZB 2:02.39
3 Do Thi Thao VIE 2:05.62
4 Sinimol Paulose IND 2:06.01
5 Taweet Warunee THA 2:12.37
6 Ashiq Rabia PAK 2:22.83
7 THA
8
100mH
1 Sun Yawei CHN 12.94
2 Ivoninskaya Natalia KAZ 12.95
3 Soprunova Anastassiya KAZ 12.99
4 Ishino Mami JPN 13.08
5 Jung Hyelim KOR 13.11
6 Dedeh Erawati INA 13.42
7 Pumsoongneum Wallapa THA 13.51
8 Kibalnikova Valentina UZB 13.85
9
400mH
1 Azarova Tatyana KAZ 56.13
2 Merril Christine Sonali SRI 56.83
3 Asanova Nataliya UZB 57.49
4 Mohamad Ghofran SYR 60.60
LIST OF PARTICIPANTS BY EVENT (WOMEN)5 THA
6
7
4x100m Relay
1 China CHN
2 Thailand THA
3
4
4x400m Relay
1 India IND
2 Thailand THA
3

High Jump
1 Radzivil Svetlana UZB 1.95
2 Boonwan Wanida THA 1.92
3 Duong Thi Viet Anh VIE 1.90
4 Ustinova Anna KAZ 1.90
5 Sahana Kumari IND 1.88
6 Chaipech Noeng-ruthai THA 1.85
7 Mimura Yuki JPN 1.78
Long Jump
1 Tarasova Juliya UZB 6.72
2 Torres Marestella PHI 6.71
3 Mayookha Johny IND 6.63
4 Reznichenko Darya UZB 6.55
5 Lu Minjia CHN 6.54
6 Maliakkal Anthony IND 6.47
7 Londa Maria Natalia INA 6.47
8 Kudinova Anastassiya KAZ 6.43
9 Katherine Kay Santos PHI 6.25
10 Muangjan Thitima THA 6.19
Shot Put
1 Burkhanova Safiya UZB 16.7
2 Fisher Alexandra KAZ 15.81
3 Thongchao Sawitri THA 13.86
4 Omar Hiba SYR 13.52
5 Parveen Zeenai PAK 13.22
Discus
1 Hawant Kaur IND 58.68
2 Insaeng Subenrat THA 54.88
3 Juthaporn Krasaeyan THA 51.48
4 Charuwan Sroisena THA 38.86

May 6, 2012

සැනසිලි වටයෙන් ලංකාවට සැනසිල්ලක්

තායිලන්තයේ ක්‍රියාත්මක තායිලන්ත විවෘත සහ කැඩෙට් සූරතා කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුරුද් 15 න් පහළ බී කණ්ඩායම සැනසිලි වටයේ තරගවලදී මැලේසියාව සමග එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.ඔවුන් අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව වට 3 / 2 කින් ඕසට්‍රේලියාව පරාජයට පත් කරමින් මෙම අවස්ථාව දිනා ගත්තා.
ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ ඒ කණ්ඩායම ද මෙහි අවසන් පූර්ව තරගයට පිවිසීම ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් සුබ නිමිත්තක් වන අතර ඔවුන් නමුත් අවසාන පූර්ව තරගයේදී වට 3 /0 ක්  ලෙස මැලේසියාව ඉදිරියේ පරාජයට පත්වුණා. පහත දැක්වෙන්නේ අවසාන පූර්ව තරග ප්‍රතිපලයි.
SRI LANKA B

Beat                           AUSTRALIA
in the  SemiFinals
Dishanka  Thennakoon  bt

ZENAIDEE Zaki  
11/4,  11/5,11/13, 11/06
Chathura Gunasekara   lost to

 SULFARO Ivan  
 02/11, 09/11,09/11
Dishanka  Thennakoon  /   bt    Lithmina Mahanama
SULFARO Ivan  /  ZENAIDEE Zaki 06/11, 10/12, 12/10, 11/08,11/08
(Double
s)
 Dishanka  Thennakoon lost to  
SULFARO Ivan   11/08,11/07,11/09
Chathura Gunasekara      bt
ZENAIDEE Zaki  11/08, 11/06,11/05

 

MALAYSIA         beat
SRI LANKA  “ A”         Semi Finals
CHUA Tzong Lin  beat

Chamidu   Thennakoon
11/13,11/03, 11/05, 11/08
WONG Chun Cheun  beat
Chinthaka   Ekanayaka 08/11,11/08,07/11,11/09,11/06


CHUA Tzong Lin  /
 WONG Chun
    
 
       beat         Chinthaka   Ekanayaka
                       Shehan Shanaka
11/05, 11/09, 11/06

ඔලිම්පික් ක්‍රීඩාංගණය නව හැවිරිදි නියාම් අතින් විවෘත වෙයි

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩාංගණය විවෘත වීම පෙරේදා (5) නව හැවිරිදි නියාම් ක්ලාක් -විල්ස් අතින් සිදුවිය.තරගාවලිය විවෘත වීමට පැය 2012 කට ප්‍රථම සිදු වූ මෙම විවෘතයට සෙබස්තියන් කෝ අතින් ආරාධනා ලබන්නට සිගිති නියාම් වාසනාවන්ත විය.2012 වසරේ ලොව පැවත්වෙන උච්ඡතම ක්‍රීඩා උළෙල වන්නේ මෙම ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙලයි.
www.supirikrida.com

ජර්මණියෙන් ලංකා ආරක්ෂක අංශ වලට ප්‍රහාරයක්


ර්මන් සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම තමන් සහභාගි වූ ප්‍රථම තරගයේදී වීඩී ඩ්‍රෙස්ඩෙන් කණ්ඩායම ඉදිරියේ තරග වට 3 – 0 ක පරාජයක් ලැබුවා.ඉකුත් වසරේ ජර්මන් පළමු පෙළ වොලිබෝල් තරගාවලිය නියෝජනය කළ වීඩී ඩ්‍රෙස්ඩන් කණ්ඩායම මේ වන විට ජර්මන් දෙවන පෙළ වොලිබෝල් තරගාවලිය නියෝජනය කරනවා.
ශ්‍රී ලංකා ආරක්ෂක සේවා කණ්ඩායම වීඩී ඩ්‍රෙස්ඩෙන් කණ්ඩායමට එරෙහිව ප්‍රථම වටයේදී ලකුණු 25 – 27 ක් ලෙස පරාජය වෙමින් තියුණු තරගයක් ලබා දුන්නද දෙවන සහ තෙවන තරග වට වල දී ඩ්‍රෙස්ඩෙන් කණ්ඩායම 25 -17 සහ 25 21 ලෙස තරගයේ ජය තහවුරු කර ගත්තා.ඡායාරූපයේ දැක්වෙන්නේ කණ්ඩායම් දෙක තරගයට පෙරාතුව ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායම අද තායිලන්තයට

තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියට සහභාගිවීම සදහා හය දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් අද උදෑසන තායිලන්තය බලා පිටත්ව ගියා.සුනිල් ගුණවර්ධන කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස කටයුතු කරන මෙම ක්‍රීඩක කණ්ඩායමට ෂෙහාන් අඹේපිටිය,ප්‍රසන්න අමරසේකර,මංජුල කුමාර,වරුන ලක්ෂාන් දයාරත්න,චන්ද්‍රිකා සුභාෂණී ඇතුළත් වූ අතර ක්‍රිස්ටීන් මෙරිල් ඇමෙරිකාවේ සිට පැමිණ මෙම කණ්ඩායමට එක්වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය 8 වන දා බැංකොක් හී පැවත්වෙන අතර දෙවැන්න 11 දා කාන්චන්බුරි හී පැවත්වෙන අතර තෙවැන්න පැවත්වෙන්නේ 14 දා චොන්බුරි හී දී යි.තරගාවලියට සහභාගිවීමට පෙර සුපිරික්‍රීඩා වෙත අදහස් දැක් වූ මෙම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෂෙහාන් අඹේපිටිය ප්‍රකාශ කර සිටියේ ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සදහා සුදුසුකම් ලබා ගැනීම සදහා මෙම තරගාවලිය කණ්ඩායමේ සියළු දෙනාට ඉතා වැදගත් වනු ඇති බවයි. තමා ජැමෙයිකාවේ ලද පුහුනුවත් සමග හොද ආත්ම විශ්වාසයකින් මෙම තරගාවලියට සහභාගිවන බව ප්‍රකාශ කළ ෂෙහාන්,මෙම තරගාවලියේ දී කන්ඩායමේ පුහුණුකරු ලෙස තමන්ගේ දේශීය පුහුණුකරුවා වන සුනිල් ගුණවර්ධන තමා සමග සිටීම ආශිර්වාදයක් බවත් නිරන්තරයෙන්ම සිය අනුග්‍රාහකයා ලෙස ‘මංචි’ ආයතනය තමා කොතැන සිටියත් පිටුපසින් සිට දක්වන ආදරණීය අනුග්‍රහය තමාට ඉතාමත් වැදගත් බවත් ප්‍රකාශ කළේය.
www.supirikrida.com


දිමිත්‍රි සහ කැතරිනා පෙරමුණට

ඉතාලියේ පැවත්වෙන ‘මල්ටිස්ටාර්ස්’ මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රථම දිනය නිමා වන විට පිරිමි දශප්‍රයාම ඉසව්වෙන් කසකස්තානයේ දිමිත්‍රි කර්පොව් පෙරමුණ ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ දී තවමත් 18 හැවිරිදි වියේ පසුවන 2009 ලෝක යොවුන් සත්ප්‍රයාම සූරිය බ්‍රිතාන්‍යයේ කැතරිනා ජොන්සන් තොම්සන් පෙරමුණ ගෙන සිටියාය.
දිමිත්‍රි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදි මෙන්ම ඔලිම්පික් තරගාවලියේදී ද දශප්‍රයාම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා වන අතර ඔහු ඊයේ දිනය නිමා වන විට ඉකුත් වසරේ මෙම තරගාවලියේ ජයග්‍රාහකයා වූ ලුවිස් ඇල්බර්ටෝ ට වඩා ලකුණු 26 ක් ඉදිරියෙන් සිට ලකුණු 4253 ක් රැස් කර ගෙන සිටියි.කැතරිනා ලකුණු 3662 ක් ලබා ලකුණු 20 ක් ඉදිරියෙන් සිටින අතර ඇය ඊයේ  මීටර් 200 ඉසව්වේ තම හොදම  පෞද්ගලික දක්ෂතාවය දක්වමින් තත්පර 23.78 කින් තරගය නිම කිරීම කැපී පෙණින.
www.supirikrida.com