Mar 26, 2012

ටෙස්ට් පිටියේ අංක එකේ කණ්ඩායම හමු වීම


ද ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් සිතන ලද ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාවට හමු වන්නේ මේ මොහොතේ  ටෙස්ට් ලෝකයේ දැවැන්තයන් බව අමතක කළ යුතු නැහැ.නමුත් සාජා හී පැවති පකිස්තානය සමල වූ ටෙස්ට් තරගාවලිය 3 – 0 ක් ලෙස පරාජය වූ එංගලන්තය උප මහද්වීපික තණතිලි වල හැසිරීම ගැන උභතෝකෝටිකයකට මැදි වී සිටිනවා.
කෙසේ හෝ නායක මහේල ජයවර්ධන වැඩි ආශාවක් දක්වන්නේ වේග පන්දු යවන්නන්ට බව පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී බංගලාදේශ තණතිලි තුළ කණ්ඩායම් සංයුතිය එක් දග පන්දු යවන්නෙකුට සීමා කිරීමෙන් පැහැදිළි කළා.මේ තත්ත්වය අනුව අද ද වේග පන්දු යවන්නන් තිදෙනෙකුම කණ්ඩායමේ රදවා ගැනීමට මහේල කල්පනා කළහොත් පුදුම විය යුතු නැහැ.එසේ වුව හොත් එය ලංකාවට අවාසියක් වීමට ඉඩ තිබීම කණගාටුදායක තත්ත්වයක්.
දෙපිළේම නායකයන් දෙදෙනා පළපුරුදු නායකයන් බැවින් රංගන හේරත් සහ ග්‍රෙහැම් ස්වෝන්ට මේ තරගයේ ප්‍රධාන භූමිකා ලෙස පත් කර ගැනීමට උත්සාහ දරනවාට සැක නැහැ.ඇතැම් විට මේ තරගයට එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝස්, මොන්ටි පනීසාර් ද කණ්ඩායමේ එකළොස් දෙනා අතරට කැදවා ගෙන ඒමට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා.තරගය අද ගාල්ලේ දී ආරම්භ වීඹට නියමිතයි.

මීගමු ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් රජු වීමට රාජකරුණාට හැකිවෙයි

සුපරි අන්තර් ජාතික  රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්ගේ අභියෝග මැඩ මීගමුවේ දී පස්වන වරටත් ක්‍රියාත්මක වූ මීගමු ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල සූරතාවය දිනා ගන්නට උපාලි රාජකරුණාට හැකිවුණා.අවසාන තරගයේදී දකුණු අප්‍රිකාවේ මිරිපා වෙතින් එල්ල වූ දැඩි තර්ජනය මැඩ ලකුණු 4/6,6/2 සහ 6/4 ක ජයක් ලබන්නට උපාලි සමත් වුණා.
පිරිමි යුගල සූරතවය දිනා ගන්නට චීනයේ මෙන්ඩෙස් සහ ජපානයේ යොෂිනෝබු සමත් වූ අතර අනු සූරතාවය දකුණු අප්‍රිකාව නියෝජනය කළ මරිපා සහ සහ මෙතොන්සි විසින් දිනා ගනු ලැබුවා.කාන්තා සූරතාවය දිනා ගනු ලැබුවේ චීන තායිපේ හී චියා යී ලූ ය.එහි අනු සූරතාවය ද චීන තායිපේ ක්‍රිඩිකා යී ෂාන් වූ දිනා ගනු ලැබුවා. 

Mar 25, 2012

නිලූක ට විසි වැන්නා හරස් වෙයි

පැබ්ලෝ ඒබියන්
ගත් ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානයේ රැදෙන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 /17 සහ 21 /12 ක් ලෙස පරාජය වූ නිලූක කරුණාරත්නට යොනෙක්ස් පෝලන්ත විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අත හැර ගන්නට සිදුවිය.විනාඩි 36 ක් පුරා පැවති නිලූක සහ පැබ්ලෝ අතර තරගයෙන් නිලූක පරාජය වුව ද නිලූක ගේ ජාත්‍යන්තර තරග ජීවිතය ආරම්භ කරන අවධියේ පැබ්ලෝ යනු නිලූක ඉදිරියේ පරාජය වී ඇති ක්‍රීඩකයෙකි.නමුත් නිලූකගේ ක්‍රීඩක ජීවිතය නිවැරදිව නඩත්තු නොවීම හේතු කර‍ගෙන ඔහුට ජාත්‍යන්තර පිටියේ පැබ්ලෝට ලද අවස්ථාවන් හා සසදද්දී හිමි වී ඇත්තේ ඉතා අඩු අවස්ථාවන් ප්‍රමාණයකි.
කෙසේ හෝ නිලූක මේ තරගාවලියේ අවසන් අට දෙනාට පැමිණීම නිසා ලබා ගන්නා ලකුණු ද සමග ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම්වල තවත් ඉදිරියට ඒමට ඉඩ ඇති අතර ඇතැම් විට එය මුල් 50 දෙනා ටත් වඩා ඉහළ ස්ථානයක් විය හැකිය. 

වෙළද සේවා බැඩ්මින්ටන් ආධුනික තරගාවලියේ අවසන් දිනය අද



ඩීඑස්අයි ආයතනයේ AVI අනුග්‍රහය තෙවන වරටත් ලබමින් ක්‍රියාත්මක වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලියේ පස්වන දිනය හෙවත් අවසාන දිනය අදයි.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක මෙම තරගාවලිය සදහා මෙවර වැඩි සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර ඒ නිසා වැඩි තරගකාරීත්වයක් ද ප්‍රදර්ශනය විය.
අද පැවත්වෙන තරගවල ප්‍රතිපල අනුව තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන වෙළද ආයතන සමග ඇති කර ගත් ගිවිසුම අනුව ජයග්‍රාහකයන්ට 2013 වසරේ මාර්තු නිමා වීමට පෙර විදේශ සංචාරයක් හිමිවීම කැපී පෙනෙන සිදු වීමක් වන අතර ඊට අමතරව අනුග්‍රාහක AVI ආයතනය විසින් පිරිනමන ජය සංඛේත පිරිනැමේ.

www.supirikrida.com

ඉන්දියාවේ මොනිකා ශිරෝමාලී ගේ රන් සිහිනය ලෝකඩ වලින් නවතයි


මේ දිනවල මොංගෝලියාවේ උටන්බාර් හී ක්‍රියාත්මක වන හයවන ආසියාතික කාන්තා බොක්සිං තරගාවලියේදී ශ්‍රි ලංකාවේ  ශිරෝමාලි වීරරත්න රන් පදක්කම් සටන පිළිබදව තබා තිබූ බලාපොරොත්තු බොද කළ ඉන්දියාවේ මොනිකා සවුන්  අවසන් පූර්ව තරගය ශිරෝමාලී ට එරෙහිව ලකුණු 23 – 9 ක් ලෙස ජය ගන්නට සමත් වූවා ය.ඒ අනුව මේ තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හය දෙනා අතරින් එකම පදක්කම්ලාභිණිය වූ ශිරෝමාලී කිග්‍රෑ 69 බර පංතියේදී ලෝකඩ පදක්කමකට හිමිකම් කීම ශ්‍රී ලංකාව ලැබූ අති විශිෂ්ඨ ජයකි.
තරගාවලියේ ප්‍රතිපල අනුවඉන්දියානු ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ චීණ ක්‍රිඩිකාවන් හත් දෙනෙකු අවසන් තරග වලට පිවිස ඇති අතර ඒ අතරින් ඉන්දීය තේරීම වඩාත් වටිනා එකක් වන්නේ කාන්තා ඔලිම්පික් බර පංති තුනෙන්ම ඉන්දීය ක්‍රීඩිකාවන් අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමය.චීනයේ ඔලිම්පික් බර පංති දෙකකින් පමණක් ක්‍රීඩිකාවන් අවසන් තරග සදහා තේරී ඇත.

ලංකාව අද බටහිර දකුණු ආසියාතික බේස්බෝල් තරග පිටියට


කිස්තානයේ ලාහෝරයේ ක්‍රියාත්මක වන බටහිර දකුණු ආසියාතික පේස්බෝල් කුසලාන සූරතාවලියේ තෙවන දිනය වන අද ශ්‍රී ලංකාව සිය මංගල තරගයට ඉදිරිපත් වීමට නියමිතය.ඒ ඉරානයට එරෙහිවය.කොරියානු ජාතික කිම් සුන්ග් යටතේ ලද පුහුණුව සහිතව සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලිය පිළිබදව වෙනදාට වඩා යහපත් බලාපොරොත්තු සමග තරග වදින අතර අද ශ්‍රී ලංකාවට මුහුණ දෙන ඉරානය තරගාවලිය අරඹමින් පැවති මංගල තරගයේදී පකිස්තානය අතින ලකුණු 11 – 0 ට පරාජය විය.
තරගයේ දෙවන දිනයේදී පකිස්තානය ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වැදි අතර එහිදී පකිස්තානය ලකුණු 18 – 0 ක් ලෙස ඇෆ්ගනිස්තානය පරාජයට පත් කළේය.  

ආසියාතික රට හරහා දිවීමේ සියලු ගෞරව බහරේනය සතු කර ගනියි


චීනයේ පැවති 12 වන ආසියාතික රට හරහා දිවීමේ සූරතාවලියේ සියලු ගෞරව බහරේනයට නතු වෙමින් නිමාවට පත් විය.මෙහි විශේෂත්වය වූයේ කාන්තා සහ පිරිමි තරග දෙකේදීම ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන බහරේනය සතු වීමය.පිරිමි තරගයේදී තරගය නිමා කළ පළමු පස් දෙනාම බහරේනයෙන් වූ අතර ඒ අතරින් ප්‍රථම ස්ථානය අලෙමු  බෙකලේ ට හිමි විය.පිළිවෙළින් දෙවන සහ තෙවන තැන්මුටූමා ඩි රෙගාසා ට සහ බිලිසුමා සුයී ට හිමි විය.
කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය හිමි වූයේ හැබ්ටෙග්‍රේබ්‍රියල් එස් එස්හේට් ට ය.දෙවන ස්ථානය ටෙජිටු ඩාබා ට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ගෙන්සෙබ් සුමි ට ය.කණ්ඩායම් සූරතාවයේදී ද පිරිමි සහ කාන්තා අංශයේ සූරතා අභියෝගයකින් තොරව බහරේනය නතු වු අතර ජපානය පිරිමි අංශයේ දෙවන තැනත් කාන්තා අංශයෙන් තෙවන තැනත් දිනා ගත්තේය.කාන්තා අංශයේ දෙවන තැන චීනයට හිමි වූ අතර පිරිමි අංශයේ තෙවන තැන සවුදි අරාබියට හිමි විය.මේ සමග ඇති ඡායාරූපයේ අංක 1009 තරග අංකය පැළද තරග කරන්නේ කාන්තා සූරිය වූ සාමා මුබාරක් ය.