ශ්‍රී ලංකා
මලල ක්‍රීඩා සංගමය මෙම වසරේදී ජාත්‍යන්තර
සහභාගි වීමට අපේක්ෂා කරන තරගාවලි සහ සංගමය මගින් පැවත්වීමට අපේක්ෂිත තරගාවලි ආශ්‍රිත තරගාවලි සම්බන්ධයෙන් නිල කාල සටහනක් නිකුත් කර ඇත. ඇතැම් විට මෙම තරගාවලි වලට අමතරව තව දුරටත් විදේශ ග්‍රොන්ප්‍රී තරග ඇතුළත් වීමට ඒ ඒ ක්‍රීඩක දක්ෂතා සහ ලැබෙන ජාත්‍යන්තර පහසුකම් සහ මූල්‍යමය ප්‍රතිපාදන ද සමග අවස්ථාව හිමි වෙනු ඇතැයි එම සංගමයේ ආරංචි මාර්ග පැහැදිළි කරයි.
එසේම
දැනටමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පරිපාලනයේ ආශිර්වාදය ඇතිව විදේශ පුහුනුව ලැබී ඇති අතර ඉදිරියේ දී තව දුරටත් මෙවැනි අවස්ථා සදහා මග විවර කර දීම ට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. පහත දැක්වෙන්නේ මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණු 2012 වසරට අදාළ නිල තරග කාල සටහනයි. |
|||
Month & Event
|
Date
|
Venue
|
|
January
|
|||
National
Cross Country Cahmpionships
|
29th
|
||
Standard
Chartered Mumbai Marathon
|
15th
|
Mumbai,
India
|
|
February
|
|||
International Schools 12th Athletic
Champ
|
17th
to 19th
|
Diyagama
|
|
Over
Distance & Under Distance Test
|
25th
& 26th
|
Diyagama
|
|
Standard
Chartered Hong Kong Marathon
|
05th
|
Hong
Kong
|
|
March
|
|||
Junior
Athletic League
|
24th
& 25th
|
Diyagama
|
|
Asian
Cross Country Championship
|
24th
|
Qingzhen,
China
|
|
11th
Asian Cross Country Championships
|
24th
|
Qingzhen,
China
|
|
April
|
|||
National
Athletic League - 1st Leg
|
28th
& 29th
|
Diyagama
|
|
May
|
|||
Asian
Grand Prix (1st Leg)
|
6th
|
Bangkok,
Thailand
|
|
Asian
Grand Prix (2nd Leg)
|
9th
|
Kanchanaburi,
Thailand
|
|
Junior
National Championships
|
10th
11th 12th & 13th
|
Diyagama
|
|
(Final
Trial for Asian Junior Championships)
|
|||
Asian
Grand Prix (3rd Leg)
|
13th
|
Nakomratsima,
Thailand
|
|
SL
Masters Athletic Meet
|
19th
& 20th
|
Kandy
|
|
World
Athletic Day
|
20th
|
||
Relay
Carnival
|
25th
26th & 27th
|
Diyagama
|
|
June
|
|||
National
Athletic League - 2nd Leg
|
02nd
& 03rd
|
Diyagama/Sugathadasa
|
|
15th
Asian Junior Championships
|
09th
10th 11th & 12th
|
Sugathadasa
Stadium
|
|
Lanka
Lions Championship Meet
|
23rd
& 24th
|
Diyagama
|
|
4th
Asian All - Stars Competitions
|
30th
June to 01st July
|
Almaty,
Kazakastan
|
|
July
|
|||
IAAF
World Junior Championships
|
10th
to 15th
|
Barcelona,
Spain
|
|
Olympic
Games
|
27th
to 12th August
|
London
|
|
Mahaweli
Kreeda
|
Embilipitiya,
Mahaweli
|
||
Ground
|
|||
August
|
|||
National
Sports Festival (Last Weekend)
|
Anuradhapura
|
||
September
|
|||
Women's
Championships
|
01st
& 02nd
|
Diyagama
|
|
90th
National Championships
|
21st
22nd & 23rd
|
Diyagama
|
|
(Final
Trial for SAF Games)
|
|||
October
|
|||
12th
LSR Colombo Marathon
|
07th
|
Colombo
|
|
Jan 7, 2012
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව 2012 ට මුහුණ දෙන හැටි පැහැදිළි කරයි
Jan 6, 2012
පිබිදුණු සිංහයෝ යළි මැලවෙති
දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී කලකට පසුව ජයග්‍රහණයක්
වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ටෙස්ට් තරගයේදී එම ජයග්‍රහණය වාර්තා කළ කණ්ඩායම
දැයි සැක හිතෙන තරමට දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් ඉණිමක පරාජයක්
ලැබීමේ අවදානමට මුහුණ දී සිටියි.දකුණු අප්‍රිකාව ප්‍රථම ඉණිමට කඩුලු 4 ට ලකුණු 580
ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉණිමේ දී රැස් කළේ ලකුණු 239
ට දැවී ගිය අතර දෙවන ඉනිම සදහා ඊයේ දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී රැස් කර සිටියේ
ලකුණු 138 ක් පමණි.
ප්‍රථම දෙදින තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 729 ක් එකතු වූ කේප්ටවුන් තණතිල්ල
තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී ලකුණු 228 ට කඩුලු 12 ක් අහිමි කර ගනිමින් පෑ
පිතිහරඹය දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂතාවයට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසීම
මදකම සහ නොසැළකිල්ල පැහැදිළි කරන්නක් බව පිළිගත යුතුය.ඉතා අපහසුවෙන් පරාජයෙන්
නැගිට ජයග්‍රහණ අතරට පිවිසි ශ්‍රී ලංකාව ඊටත් වඩා අන්ධකාර පරාජයේ මාවතකට තල්ලු
කරමින් දෙවන වරටත් දකුණු අප්‍රිකාව තුළ දී ඉණිමක පරාජයට මුහුණ දීමේ අවධානමට මුහුණ
දී සිටින අතර එම අවමානයෙන් ගැලවීම සදහා ශ්‍රී ලංකාවට තව දින දෙකක්ම ඉතිරිව තිබීම එම
අවධානමේ ප්‍රමාණය තිව්ර කරන්නේය.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට දෙවන ඉනිමේදී තිලකරත්න ඩිල්ෂාන් -ලකුණු
05,කුමාර සංගක්කාර - ලකුණු 34 සහ මහේල ජයවර්ධන -ලකුණු 12 යන විශ්වාසවන්තම
පිතිකරුවන් තිදෙනාගේ කඩුලු අහිමිව තිබෙන අතර එය ශ්‍රී ලංකාව පරාජය දෙසට තල්ලු විය
හැකි ප්‍රබලතම සාධකයක් ලෙස දැකිය හැකිය.පිලැන්ඩර් ගේ දෝලනය,ස්ටෙයින් ඉලක්කගත වේගය
මෙන්ම ඉම්රාන් තාහීර් ගේ දග කැවීම ඉදිරියේ වැරදි වලට පෙළඹෙමින් සිටින ශ්‍රී ලංකා
පිතිකරු නාම ලේඛණයේ මේ වන විට පිතිකරුවන් ලෙස විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන්
ඇත්තේ තිදෙනෙකු පමණි.ඒ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින තිලාන් සමරවීර සහ උප
නායක ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාත් සමග දිනේෂ් චන්දිමාල් ය.මේ තිදෙනා කෙතරම්
වේලාවක් කඩුල්ලේ රැදී සිට කෙතරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරයිද යන්න සහ පසුපෙළ
පිතිකරුවන් සිය කඩුල්ල රැක ගනිමින් උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දීම තුළ හැරෙන්නට
මේ තරගයෙන් ගොඩ ඒමක් ශ්‍රී ලංකාවට නැති බව අකමැත්තෙන් වුව ද පිළිගත යුතු සත්‍යයකි.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
Jan 5, 2012
කේප් ටවුන්වලට ලකුණු වැස්සක්
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කේප් ටවුන් හී ක්‍රියාත්මක තෙවන ටෙස්ට් තරගය දෙවන දිනයට නතර වෙද්දී එම තරගයේ පළමු දින දෙකේ දෙපිලේම ලකුණු එකතුව ලකුනු 729 ක් වාර්තා වී ඇති අතර දැවී ගොස් ඇත්තෙ ක්‍රීඩකයන් හයක් පමණයි.තේ පානයෙන් සුළු මොහොතකට පෙර කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා ඉණිම නවතා වූ අතර පළමු ඉණිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංක කණ්ඩායම දිනය අවසාන විට ලකණු 149 ක් ලබා නොදැවී සිටිනවා.
දකුණු අප්‍රිකා ඉණිමේ දැවන්තම ප්‍රහාරය ජැක් කලිස් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහුගේ දෙවන ද්විත්ව ශතකය (224)වාර්තා කිරීමට ද සමත් වුණා.පන්දු යවන්නනන්ට හිතකර නොවන මෙවැනි තණතීරුවක ශ්‍රී ලංකාව ද වේගවත් ලකුණු ලබා ලැනීමක නිරත වන අතර ඊයේ දිනය නිමා වන විට ඔවුන් වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ලකුණු 78 ලබා ක් දැවී ගියා.පහත දැක්නේනේ මේ දක්වා තරගාවලියේ ලකුණු විස්තරය යිhttp://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
දකුණු අප්‍රිකා ඉණිමේ දැවන්තම ප්‍රහාරය ජැක් කලිස් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහුගේ දෙවන ද්විත්ව ශතකය (224)වාර්තා කිරීමට ද සමත් වුණා.පන්දු යවන්නනන්ට හිතකර නොවන මෙවැනි තණතීරුවක ශ්‍රී ලංකාව ද වේගවත් ලකුණු ලබා ලැනීමක නිරත වන අතර ඊයේ දිනය නිමා වන විට ඔවුන් වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ලකුණු 78 ලබා ක් දැවී ගියා.පහත දැක්නේනේ මේ දක්වා තරගාවලියේ ලකුණු විස්තරය යිhttp://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
මුෂ්ටි වන්නමේ පළමු පදය සාර්ථකයි
Jan 4, 2012
මුෂ්ටි වන්නම අද ඇරඹෙයි
දේශීය නර්තන කලාව ක්‍රීඩා පුහුණුව සදහා පදනම් කර ගනිමින් ඔලිම්පික පදක්කමක්
සදහා ක්‍රීඩකයෙකු නිර්මාණය කිරීම පසුබිම් කරගත් මුෂ්ටි වන්නම වේදීකා නාට්‍යයේ
මුහුරත් උළෙල අද පෙරවරුවේ කොළඹ 06,ස්ටැෆර්ඩ් ඇවනිව් හී පිහිටි ගන්ධාරා හී දී පැවත්වීමට
නියමිතය.ක්‍රීඩාව පදනම් කර ගත් නාට්‍ය නිර්මාණයක් පළමු වරට ලාංකේය වේදිකාවට ගෙන එන
අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක
නිශ්මං රණසිංහ විසින් රචිත මෙම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ නිශ්මං
රණසිංහ සහ සුදම් එස් පහළගම විසිනි.
සංගිත අධ්‍යක්ෂණයෙන් ගයාන් ගණකධාර දායක වන අතර ආලෝකකරණයෙන් වසන්ත කුමාර
ද,අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ ද මුෂ්ටි වන්නමට දායක වෙයි. වේදිකා පසුතල නිර්මාණය
මෙන්ම වේදිකා පරිපාලනයද සුදම් එස් පහළගම සහ සුප්‍ර වීරකෝන් අතින් සිදුවන අතර ඇදුම්
නිර්මාණය නිශ්මං රණසිංහ ගෙන්ය.නිශ්පාදන කළමණාකරු ලෙස මේ වේදිකා අත්දැකීම යථාර්ථයක්
කිරීමට දායක වන්නේ ද සුදම් එස් පහළගමයි.
කලිස් පිබිදෙයි
මෙවර ශ්‍රී ලංකා දකුනු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය තුළ අසාර්ථක පිතිකරුවෙකු
බවට පත්ව තිබූ ජැක් කලිස් තෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ දී ඒ සියළු දුර්වලතා
මගහැර පරිපූරණ පිතිකරුවෙකු බව ප්‍රදර්ශනය කරමින් අති විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින්
ලකුණු 156 ක් ලබා නොදැවී සිටියි.කඩුලු 2 ක් ලකුණු 56 ට බිද වැටී සිටියදී පිටියට
පිවිසි ජැක් කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප්ටවුන් තණතිල්ලේ හැසිරීම සියතට
ගනිමින් අගනා ලකුණු 109 ක් රැස් කළ ඇල්විරෝ පීටර්සන් සමග තෙවන කඩුල්ලට ලකුණු 205 ක
සබදතාවයක් පැවත්වූහ.ඉන් අනතුරුව පිටියට පිවිසි ඒබී ඩිවිලියර්ස් සමග මේ වන විට
ලකුණු 86 ක නොබිදුණු සබදතාවයක් දියත් කරමින් සිටින කලිස් මේ වන විට දකුණු අප්‍රිකා
ඉණිමේ ලකුණු තත්ත්වය කඩුලු 3 ට ලකුණු 347 ක් දක්වා ඔසවා දමන්නට දායක වී සිටියි.
කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ
බලය ක්‍රමයෙන් සිය අණසක යටතට ගත් කලිස් ඒ සියළු දෙනා තමන්ට ලකුණු සපයන්නන් බවට පත්
කරගත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින අතර දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම ධම්මික ප්‍රසාද්
විසින් දවාගෙන ඇත්තේ ලකුණු 85 ට ය.චානක වෙළගෙදර ලකුණු හැත්තෑ පහකට එක් කඩුල්ලක්
දවාගෙන සිටියි.තරගයේ ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
Subscribe to:
Posts (Atom)



