Jan 3, 2012

ක්‍රිකට් නිලවරණයේ ජය උපාලි පාර්ශවයට නිතරගයෙන්?


ද වසර හතකට පසුව පැවත්වෙන නිලවරණයේ බොහෝ තනතුරු සදහා උපාලි ධර්මදාස පාර්ශවයේ පිරිස් නිතරගයෙන් පත් විය හැකි බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.ඊට හේතුව වන්නේ අනෙක් පාර්ශවයන් තරග නොවැදි අද නිලවරණයෙන් ඉවත් විය හැකි බවට විශාල ඉඩකඩක් පැවතීමයි.ඊයේ වන විටත් ක්‍රීඩා සමාජ නියෝජිතයන් පත් කිරීම මෙන්ම අපේක්ෂකයන් ගේ නුසුදුසුකම් ගැනද විරෝධතා එල්ල වෙමින් පැවති අතර එම හේතුව ප්‍රධාන කර ගෙන මෙම ඉල්ලා අස්වීම් සිදු විය හැකි බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
නමුත් ක්‍රිකට් කේෂ්ත්‍රයේ තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ යම්කිසි බලවේගයක අවශ්‍යයතාවය මත ක්‍රිකට් නිලවරණය ඡන්දයකින් තොරව පැවත්වීමට අවශ්‍යය වටපිටාව සැකසෙමින් පවතින බවයි.ඒ අනුව ක්‍රිකට් නිලවරණයේ සාධාරණ බව ගැන ප්‍රශ්න කරමින් ඉවත් වීම යනු විරෝධය ප්‍රකාශ කරන පාර්ශව සිය ආත්ම ගෞරවය වෙනුවෙන් ගනු ලබන පියවරක් බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.කෙසේ හෝ තිලංග  සුමතිපාල ඉවත්ව ගිය ද ඔහු ගේ පාර්ශවය නියෝජනය කරන කණ්ඩායමට නායකත්වය දෙන මොහාන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ තම කණ්ඩායම තරගයෙන් ඉවත් නොවී තරග වදින්නේ නම් ක්‍රිකට් ලේකම් ධූරයේ තරගය පිළිබදව යම් තරගකාරීත්වයක් ඇති වුව ද, සෙසු නිල සදහා සිය පාර්ශවය නියත වශයෙන්ම පත්වනු ඇති බව යි.




ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රණයකට යාමේ අවස්ථාවක්


කෙතරම් කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව තිබුණ ද,දකුණු අප්‍රිකාව තුළ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ අවස්ථාව පළමු වරට ඉකුත් ටෙස්ට් තරගයේදී සපුරා ගත් ශ්‍රී ලංකාවට අද ඇරඹෙන ටෙස්ට් තරගය ජය ගැනීමට හැකි වුවහොත් පළමු වරට දකුණු අප්‍රිකාව තුළ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමි වෙනු ඇත.දිගින් දිගටම තරග පරාජය වීමේ සියළු පාපයන් සිය කරමත තබා ගැට ගසා ගන්නට වී සිටි නායක තිලකරත්න ඩිල්ෂාන්ට ද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් සදහා නායකත්වය දීමට ලැබුණු ආකාරයෙන්ම මෙම තරගයද ජය ගන්නට ලැබු‍ණ හොත් ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක‍නොයකත්වය දීමේ අවස්ථාව ද ඔහුට හිමි වෙනු ඇත.
අද තරගයේදී සිය පළමු ටෙස්ට් තරගයෙන්ම සාර්ථකත්වය පෙන් වූ අතළොස්ස අතරට පැමිණි දිනේෂ් චන්දිමාල් ට ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගයට සහභාගී වීමට හැකි වේ දැයි යම් සැකයක් මතු වී තිබෙන බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.හසේම කෙතරම් අසාර්ථක වුව ද කණ්ඩායමේ ස්ථානය අහිමි නොවන භාග්‍යවන්තයෙක් ලෙස කීර්තියට පත් ව සිටින දිල්හාර ප්‍රනාන්දු ද ආබාධයකට ලක් වී තිබෙන බවත් ඔහු ක්‍රීඩා කිරීමද අවිනිශ්චිත බවත් දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දශ ප්‍රයාම සූරතාවය ලියොනාල්ට - සත් ප්‍රයාම සූරිය චෙර්නෝවා






ගත් මලල ක්‍රීඩා සම්මේලනය මෙහෙය වූ සාමූහික ඉසව් තරග සූරතාවලියේ පිරිමි සූරතාවය දිනා ගන්නට කියුබාවේ ලියොනාල් සුවාරිස් සමත් වුණා.එම කාන්තා සූරතාවය දිනා ගත්තේ රුසියාවේ ටට්යානා චෙර්නෝවාට හිමි වුණා.පිරිමි තරග අංශයෙන් තරග 13 ක් සංවිධානය වී තිබූ අතර කාන්තා අංශයෙන් තරග 22ක් සංවිධානය වී තිබුණා.තරගකාරියන් දම තරගකරුවන් 317 ක් මෙම සාමූහික තරග ඉසව් සදහා තරග වැදුණා.
මෙම සූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ලියොනාල්ට සහ චෙර්නෝවා ට ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් හිමි වුණා.

Jan 1, 2012

කෙලි බිමට දැණුම ඇගයෙන වසරක්!


මේ අවුරුද්ද ලෝකයේ අවධානය වෙනදාට වඩා ක්‍රීඩාවට යොමුවන වසරකි.ඊට හේතුව ඔලිම්පික් තරගාවලිය පැවත්වීමය.නමුත් ලංකාවේ අවධානය ඊට යොමු වී තිබෙන්නේ වඩාත් කණගාටුදායක ආකාරයට ය.එනම් ලංකාව දැඩි වෙහෙසක් දරමින් සිටින්නේ ඔලිම්පික් පදක්කමක් සම්බන්ධයෙන් නොවන අතර ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍යයව ඇත්තේ ඔලිම්පික් නියෝජනයට අවශ්‍ය්‍ය පරිසාධනය සම්පූර්ණ කර වයිල්ඩ් කාඩ් ක්‍රමයෙන් නොවන නියෝජනයකට පිවිසීමය.ඒ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ කවුරුන් මොනවා කීවද ලංකාවේ ක්‍රීඩාව අතිශයින් දුප්පත් බවය.
මේ දුප්පත්කමට හේතු කවරේද යන්න හදුනා නොගෙන පොහාසත්වීම ආරම්භ කිරීමට නොහැකිය.නමුත් ආරම්භයේ දී සියල්ලන් දුවන්න සදන්නේ එකිනෙකා ගේ කකුල් බදාගෙන නම් ආරම්භයක් සිදු නොවන බව පැහැදිලි  කර ගත යුතුය.සියල්ල දුවනවා හැරෙන්නට එකෙකු නවතා තමන් දිවීමෙන් මේ අභියෝගය ජය ගත නොහැකි බවතේරුම් ගත යුතුය.නමුත් දකින්නට ඇත්තේ එකිනෙකා පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වීමය.තමන්ගේ අභිමතාර්ථ ජය ගනු පිණිස ක්‍රීඩාව භාවිතයට ගැනීමය.
ක්‍රීඩාවේද ප්‍රවීනයන් යනුවෙන් හංවඩු ගසාගත් පිරිස සිය දැණුම යාවත්කාලීන කරගනු වෙනුවට සිය වයස අත්දැකීම සමග හදාගත් වෙනම ෆැන්ටසියක සිට සිහින බෙදමින් සිටියි.ඔවුන්ගේ අතීත පරාක්‍රමයන් හී පෞරශ්‍යයට තව දුරටත් හිමිවන වලංගුභාවයන් සමග ඔවුන් විසින් පවත්වා ගෙන යන ආධිපත්‍යයන් සහ දේශපාලනික සබදතා සමග සිය බල පරාක්‍රමයන් විහිදුවන පිරිස්ද ක්‍රීඩාවේ පරිපාලනයේ දී මෙන්ම ක්‍රීඩාවේ පුහුණුකාරත්වයේ මූලිකත්වය ද අත්පත් කර ගනිමින් ඔවුන්ගේ පදයට ක්‍රීඩාව නැටවීම මේ වැටීම් වලට ප්‍රධාන හේතුවක් බව තේරුම් ගැනීම වැදගත්ය.
ඒ නිසා මේ වසරේ ක්‍රීඩාවේ ගමන නම අනුව නොව දැණුම අනුව සිදුවන වටපිටාවක් සකස් වීම වැදගත් කොට සිතිය යුතුය.පළමු දේ දැණුමය.දැණුමේ අලුත්බව සමග පෙරට යාමය.ඒ තත්ත්වය මේ වසරේ හෝ ක්‍රීඩාවේ දී නිසි ඇගයීමට ලක් වන්නේ නම් මේ වසරේ නොහැකි වුව ද 2016 ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩාවක් නිර්මාණය කළ හැකිය.
සුභ අලුත් අවුරුද්දක් වේවා සියල්ලන්ටම!

මිලාන් ස්පාඤ්ඤ තරගාවලියට සුදුසුකම් ලබයි



ලැඹෙන වසරේ ස්පාඤ්ඤයේ බාසිලෝනා හී පැවත්වෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ කාලපරිච්ඡේදය 2011 වසරේ ඔක්තෝම්බර් 1 දා ඇරඹි අතර ඒ අනුව සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව ශ්‍රී ලංකා උස පැනීමේ කණිෂ්ඨ සූරයා වන මිලාන් මධුෂ්ක දිසානායක බාසිලෝනා තරගාවලියට සුදුසුකම් ලබා සිටින බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ජීඑල්එස් පෙරේරා පවසයි.මීටර් 2.15ක පරිසාධනය ඉක්මවා සිටින මිලාන්,වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අංක දෙකට වර්ගීකරණය වී සිටින ක්‍රීඩකයා ද වේ
කණ්ෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔහු 2011 වසරේ දක්වන ලද දක්ෂතා අනුව මේ වන විටත් ජගත් මලල ක්‍රීඩා සම්මේලනයේ අධි ශ්‍රේණියේ පුහුණුව සදහා සුදුසුකම් ලබා සිටින අතර ඒ අනුව මේ වන විට චීනයේ පුහුණුව ලබමින් සිටියි.පළමුවන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියද නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ලත් මිලාන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු ගේ පුහුණුකරු වන්නේ එම විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය ජයලාල් රත්නසූරිය ය.