අප මාධ්‍ය භාවිතාව තුළ නිරන්තරයෙන් කටයුතු කරන්නේ,ක්‍රීඩාව,ක්‍රීඩකයා සහ ක්‍රීඩා පුහුණුකරුවා යන ත්‍රිත්ව මාධ්‍යයනට පිළිවෙලින් ප්‍රමුඛත්වය දෙමින්.ක්‍රීඩා පරිපාලනය එම විෂය කරුණු සදහා සංවේදි වන ආකාරය අනුව විවේචනය සහ ප්‍රශංසාව පිරිනැමීම අපේ මාධ්‍ය භාවිතාවේ ස්වභාවය වෙනවා.
මේ ආකාරයට කටයුතු කිරීම අසීරුයි.එහෙත් ක්‍රීඩා මාධ්‍ය තුළ සිටින තුරු ආත්මීය වශයෙන් බැදී සිටින එම කාරණා වලින් ඉවත් වීම අසීරුයි.ඒ නිසාම මේ සමග සිටින ක්‍රීඩා ප්‍රේමීන්ට මේ කාරණා සාක්ෂාත් කර ගැනීම සදහා අවශ්‍යය මූල්‍යමය ශක්තිය ලබා දීමට හැකිනම් හැකි පමණින් දායක වෙන්න යැයි අප ඉතා මිත්රශීලීව ඉල්ලා සිටිනවා.
මාධ්‍යකරුවගේ තොරතොරු වාර්තාකරණයේ සීමාව ඉක්මවා අප ක්‍රීඩකයාගේ පැවත්ම කෙරෙහි සිතූ බව සහ ඊට දායක වූ බව බොහෝ ක්‍රීජක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද සිය හෘදය සාක්ෂියෙන් විමසා නිරාකරණය කර ගත යුතු කාලය පැමිණ තිබෙනවා.සිය නිවසේ ලිප දැල් වීම අමතක කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිවෙස් වල ලිප නිවී යාම නැවත්වීමට වෙහෙස මහන්සි වූ තෘප්තිමත් අතීතයක සිට තවමත් ඒ සදහා වෙහෙස වීම මාධය භාවිතාව කර ගත් අපට ඉදිරියේදී ඒ ක්‍රියාවලිය සාර්ථකව පවත්වා ගැනීමට තමන්ගේ අතීතය සිහි කර හෝ කටයුතු කිරීම එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෘතවේදීත්වය සහ වගකීම ද වනු ඇති බව අපි විශ්වාස කරනවා.
එසේම ඔබ ක්‍රීඩාවට ප්‍රේම කරන්නේනම් මෙවැනි වෙබ් අඩවියක පැවත්ම වෙනුවෙන් දායක වීමට තීරණය කිරීම හෘදය සාක්ෂියට එකගව කළ හැකි දෙයක් බව ද අප මතක් කර සිටිනවා.ඒ සදහා විශාල මූල්‍යමය දායකත්වයකට වඩා අවශ්‍යය වන්නේ මාසිකව ඔබට හැකි ආකාරයේ මුල්‍යමය දායකත්වයක් මාසිකව ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ඇති 70991900 ගිණුමට යොමු කරන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒක මහ මුදලක් නොවුණට කමක් නෑ.ඔබට හැකි පමණ.අපි ඒක ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුපුරුදු භාවිතාවේ යොදවන බවට පොරොන්දු වෙන්නම්.ඒ ගැන දෙන්න තියෙන පොරොන්දුව අපේ ඉතිහාස භාවිතාවම පමණයි.ඔබේ හෘද සාක්ෂියෙන් අසා බලන්න.
මහජන ශක්තිය පදනම වූ වෙබ් අඩවියක පොදු ක්‍රීඩාව අපේ ප්‍රධාන අරමුණ වෙනවා.ඒ නිසා එය මැනවින් දැන උපකාර කිරීමත් වැදගත්.පළමු දේ ක්‍රීඩාව වන බැවින් ඔබේ උපකාර කිරීම කිසි විටෙක ඔබේ වැරදි භාවිතාවක ආරක්ෂාව වෙනුවෙන් අපේ වෙබ් අඩවියේදී පළිහක් වන්නේ නැහැ
www,supirikrida.com
No comments:
Post a Comment