විශේෂ අවස්ථා සදහා මෙතනින් පිවිසෙන්න http://www.espncricinfo.com/ci/content/video_audio/643959.html |
තරගය ආරම්භයට වර්ෂාව යම් තරමක හරස් වූ අතර එවැනි පසු බිමක තීරනාත්මක සාධකයක් වන කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි විය.ඒ නිසා ඉන්දීය ආරාධනාව අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට තරගාවලිය පුරාම සිදු වූ පරිදි කුසල් ජනිත්තේ කඩුල්ල ඉක්මණින් අහිමි වූ අතර තරගාවලිය පුරාම පන්දුව හොදින් දකිමින් ලකුණු අතර සිටින තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ගොදුරු විය.ඒ නිසා ඩිල්ෂාන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඒ වන විට ලකුණු 12 ක් ලබා සිටි ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම කඩා වැටෙද්දී ආබාධය නොතකා පිටියට පැමිණ තරගය නිමා වන විට ලකුණු 18 ක් ලබා නොදැවී සිටියේය.පීඩනය හමුවේ නායක මැතිව්ස් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ අතර මහේල ලකුණු 38 ක් සහ ජීවන් මෙණ්ඩිස් ලකුණු 25 ක් රැස් කළේය.
එසේම ලාංකේය නරඹන්නන් විසින් මීට පෙර තරගයේ ජයග්‍රාහී උද්දාමය සමරමින් එල්ටීටීඊ හිතවාදීන්ට කරන ලද පහර දීම නිසා තරගයට පෙර සිටම එය තරගයට මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකි බවට පැතිර ගොස් තිබූ රාවයන්ද ක්‍රීඩක මනසට යම් බලපැමක් කරන්නට ඇත.ඒ සදහා ලාහෝර් තැති ගැන්මද ලාංකේය ක්‍රීඩකයන්ගේ සිත් තුළ තිබුණාට සැක නැත.
කෙසේ හෝ මේ සියළු සාධක ශ්‍රී ලංකා ඉණිම ලකුණු 181 සීමාවේ නවතන්නට සමත් වූ අතර අති ප්‍රබල පිතිකරුවන් සහිත ඉන්දීය කණ්ඩායමට ඒ ලකුණු ප්‍රමාණය සදහා වැය වූයේ පන්දු ඕවර් 35 ක් පමණි.තරගාවලිය පුරාම ලකුණු අතර සිටින සිකර් ධවානි යළිත් සිය පිත්තේ බලය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතර ඔහු ලකුණු 68 ක් ලැබීය.ආරම්භක කඩුල්ලට ඉන්දියාව මේ තරගාවලිය පුරාම හොද සබදතාවයක් එක් කරන අතර ශ්‍රී ලංකාවට එරෙහිවද එය එසේ සිදු විය.ලකුණු 182 ක ඉලක්කයෙන් ලකුණු 77 ක් පළමු කඩුල්ල දැවී යන විට වාර්තා වී තිබුණේ,පන්දු ඕවර් 17 දී ය.
තරගයෙන් කඩුලු 8 ක ජයක් ඉන්දියාවට හිමි කර දීමට පිතිකරුවන් ගේ කාර්යය පහසු කළෝ ඉන්දීය පන්දු යවන්නෝය.ඉන්දීය පිතකරුවන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අයුරෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පන්දු යවන්නන්ට ඉදිරියෙන් සිටින බව තරගයට පෙර ප්‍රවීන විචාරකයන්ගේ ද මතය විය.නමුත් ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා අධ්‍යයනය කරමින් නිසි ඉලක්කයට පන්දු යැවූ අතර,ඒ අතරින් ශ්‍රී ලංකා ඉණිම කඩා දැමීමට මුල් වෙමින් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත් ඉෂාන්ට් ෂර්මා තරගයේ වීරයා විය.
ලකුණු විස්තරයට-http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/match/566947.html
www.supirikrida.com
No comments:
Post a Comment