May 5, 2013

පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය අද ඇරඹේ

න්දියාවේ නව දිල්ලි නුවර ත්‍යාගරාජා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතය.මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහභාගි වීමට නියමිතය.එහිදී ක්‍රීඩිකාවන් අතර නායකත්වය ඉෂාරා මධුරංගිට හිමි වී ඇති අතර ක්‍රීඩකයන් අතර නායකත්වය හිමි ව ඇත්තේ රොහාන් සිරිසේනටය.කණ්ඩායමේ කළමණාකරු සහ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජගත් රාජපක්ෂයන්ය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් ලෙස මෙම තරගාවලියට ඉෂාරාට අමතරව පවනි සිරිසේන,රිද්මි කදනආරච්චි,නුවනි නවෝද්‍යා සහ ප්‍රවීනා සිල්වා එක්වන අතර ක්‍රීඩකයන් ලෙස රොහාන් සමග සජිත් කාවින්ද,මිලින්ද ලක්ෂිත,උදය රණසිංහ සහ බීඑන්බී ජයසිංහ එක් වී සිටිති.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහ නිලධාරි කණ්ඩායම නිල ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවයි.
www.supirikrida.com

No comments: