May 6, 2013

පළමු දිනයේදී ශ්‍රී ලංකාවට පරාජයන් පමණයි

න්දියාවේ නවදිල්ලි නුවර ඇරඹි 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සමග පැවති කණ්ඩායම් තරගය තරග 3 - 0 ක් ලෙස පරාජයට පත් වුණා.මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉෂාරා මධුරංගි,නුවනි නවෝද්‍යා සහ රිද්මි කරදනආරච්චි තරග බිමට පිවිසි අතර නුවනි සහ රිද්මි යන දෙදෙනාම සිය තරග ප්‍රතිවාදීන් ඉදිරියේ 3 - 0 ක් ලෙස පරාජයට  පත් වුණා.ඉෂාරා පමණක් මවුමා දාස් සමග පැවති තරගයේදි ප්‍රථම වටය ජය ගැනීමට සමත් වුව ද,දාස් 3 - 1 ක් ලෙස තරගය ජය ගත්තා.නමුත් ඉෂාරා තරග වටයක් ජය ගැනීම ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වෙතින් තරග වටයක් ජය ගැනීම දක්නට ලැබුණු එකම අවස්ථාව වුණා.
පිරිමි අංශයේදි ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සහ වේල්සය ඉදිරියේ තරග 3 - 0 ක් ලෙස කණ්ඩායම් දෙකක් ඉදිරියේම පරාජයට පත් වූ අතර එහිදි ස්කොට්ලන්තයට එරෙහිව රොහාන් සිරිසේන,නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ තරග වැදි අතර වේල්සය සමග පැවති තරගයේදි උදයගේ ස්ථානයේ මිලින්ද ලක්ෂිත ක්‍රීඩා කළා.
මේ සමග දැක්වෙන්නේ ඉෂාරා අතින් තරග වටයක් පරාජයට පත් වූ මවුමා දාස් ගේ ඡායාරූපයකි.
www.supirikrida.com

No comments: