![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vLygKiOgQ4cDrQ5Px8T8AHODKgjbFweYldHBHCm31SEfCucBTaal--lOnwUAZlUNzzWociA1VCHW1E8pbgL7LJ97WN-lNQQ5wi0hmH04tFPfMcchI5kQ=s0-d) |
නුවනි |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tdgwOKajcDFb7USaOrwglvCBEugBqnFqEo6MZkIh4VK_eOTijkdnHIei3gRdmHwlWAo4h7vHCmls76dc6LLzkuR2ixlsFXjgL0GWMGBRuFnQGCcfYVn31rY-MZd7vSRQ=s0-d) |
උදය |
ඉන්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජා ගෘහස්ත ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක 19 වන පොදු රාජය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ ඊයේ දිනය (මැයි ) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය වුව ද දැක් වු දක්ෂතා සැළකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති බව පැහැදිළිව දැක ගන්නට ලැබිණ.ඒ අතර ඉන්දීය සම්භවයක් ඇති නවසීලන්ත ක්‍රීඩිකා අර්මන්දීප් සි වට 3 - 0 ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකාවේ නුවනි නවෝද්‍යා ඊයේ දවස තුළ ශ්‍රී ලංකාව ලැබු එකම කේවල ජයග්‍රහණයේ උරුමක්කාරිය වූවාය.පිරිමි අංශයේදී නිර්මල ජයසිංහ දිනයේ එකම කේවල ජයග්‍රහණයේ උරුමක්කරු වෙමින් අයර්ලන්තයේ රොබින්සන් ඈස්ලි වට 3 - 2 කින් පරාජය කරන්නට සමත් විය.එසේම මිශ්‍ර යුගල තරගයේදී රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි ද කැනඩාවේ මෙඩ්ජුගෝරා සී මාර්කෝ සහ ෆූ ෂර්ලි වට 3 - 1 කින් පරාජය කරමින් ජය ලැබූහ.
ඕස්ට්‍රේලියාවේ හූ හෙමින්ග් ඉදිරියේ වට 2 - 3 ක් ලෙස පරාජය ලැබූවද ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ සූරයා වන උදය රණසිංහ පෑ දක්ෂතා සියළු නරඹන්නන්ගේ දැඩි ප්‍රසාදයට ලක් විය.එසේම උදය රිද්මි කරදනආරච්චි සමග එක්ව ඉන්දියාවේ බාලගු අමාන් සහ දිව්‍යා දේශපාන්ඩේ ට එරෙහිව වට 2 - 3 ක් ලෙස පරාජය ලැබුවද ක්‍රීඩා කළ අයුරුද කැපී පෙණින.දවසේ ලැබූ කාන්තා සහ පිරිමි කේවල ජයග්‍රහණ දෙකේ උරුමක්කරුවන් වූ නිර්මල් ජයසිංහ සහ නුවනි නවෝද්‍යා එක්ව වට 2 - 3ක පරාජයක් ලැබුවද ජගත් ශ්‍රේණිගත කිරිම් වල රැදෙන නයිරිජිරීයාවේ මිශ්‍ර යුගලය වන ෂේන් අජෙටෙන්මොබි සහ එඩෙම් ඔෆියොන්ග් ට එරෙහිව පෑ දක්ෂතාවයද ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව දෙස ජාතයන්තරයේ පැසසුම් නෙත යොමු කරන්නට සමත් ජයක් විය.
www.supirikrida.com
No comments:
Post a Comment