May 9, 2013

නිමාලි ප්‍රථමයන්ගේ ගොන්නට

මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන තෙක් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය දිනා දුන් එකම ක්‍රීඩිකාව බවට පත්ව සිටි නදීකා ලක්මාලි ට ඊයේ චොන්බුරි හී පැවති දෙවන අදියරේදී ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි ද එක් වන්නට සමත් වුවාය.ඒ මීටර් 800 විනාඩි 2:07.08 කින් නිමා කරමින් ලද ජය නිසාය.නදීකා ඊයේ සිය දෙවන ජය සනාත කරමින් මීටර් 55.99 ක් වාර්තා කළ ද එය ප්‍රථම තරගයේ ජයට වඩා අඩු දුරක් වීසි කරමින් ලත් ජයක් විය.
මීටර් 400 පිරිමි තරගයේදි කසුන් කල්හාර සෙනවිරත්න පියවරක් ඉදිරියට එමින් මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු තත්පර 47.14 කින් තරගය නිම කිරීමට සමත් විය. නිමාලි ප්‍රථම ස්ථනය දිනා ගත් තරගයේ තෙවැන්නා වූයේ ශානිකා සමන්මලී ය.ඇය විනාඩි 02:07.53 කින් තරගය නිමා කළාය.
තමාසාට් තරගයේදි දෙවන ස්ථානය නොවූවාය.මීටර් 100 කේවල තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් හතරක් යොදා තිබුණ ද,ආරම්භක ස්ථානයට කිසිවෙකු වාර්තා කර නොතිබිණ.සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාවට සුපුරුදු වේදනාකාරී අත්දැකීමටම මුහුණ දෙන්නට සිදු වු අතර  නීතයානුකූල ධාවනයක නොයෙදීම හේතුවෙන් තරගයෙන් ඉවත් කරන්නට සිදු විය.
www.supirikrida.com

No comments: