![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=1422af7570dafe21&attid=0.6&disp=inline&realattid=f_hnnv2qiq5&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1383781357954&sads=yoT2hWkJxAGMT-M4nZLQISWmjzQ) |
විද්‍යාරතන කණ්ඩායම |
පාසල් දරුවන්ගේ බොක්සිං ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව වර්ධනය කිරීමට සහ හැකියාවන් සංවර්ධනයට හේතු වන පරිදි සවිධානය වන ඩයන් ගෝමස් අභියෝගතා කුසලාන බාලක බාලිකා බොක්සිං තරගාවලියේ දී මෙවර බාලක මෙන්ම බාලිකා සූරතාවය ද හොරණට රැගෙන යන්නට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය සහ හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයන්ට හැකි විය.බාලක සහ බාලිකා තරගවලදී නව පාසල් වල ඉදිරිපත්වීම මෙන්ම දක්ෂතා මට්ටමද සම තලයක පැවතීම අනාගතය පිළිබද හොද දර්ශනයක් ඇති කරන්නට සමත් වු අතර වඩා ක්‍රීඩා තාක්ෂනය කෙරෙහි සහ ක්‍රීඩාවේ තාක්ෂණික භාවිතාවන් කෙරෙහි නැඹුරුවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමට මේ තත්ත්වය ඉතාමත් වැදගත් වන්නේය.
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=1422af7570dafe21&attid=0.8&disp=inline&realattid=f_hnnv2qot14&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1383781408054&sads=6k_zoIsthQ4O5RkBIoBzaiJ0AFk) |
ප්‍රජාපතී කණ්ඩායම |
හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය ලකුණු 35 ක් ලබා ගනිමින් බාලක සූරතාවයට හිමිකම් කියද්දී,අනු සූරතාවය දිනූ මහනුවර විද්‍යාර්ථ විද්‍යෘලයට හිමි වූයේ ලකුණු 16 කි.ලකුණු 14 ක් ලැබූ පානදුර යුනිචෙලා බොක්සිං සමාජය තෙවන ස්ථානයට පත් විය.බාලිකා සූරතාවයේදී ප්‍රජාපති බාලිකාවන් ලකුණු 38 ක් හිමි කර ගනිමින් සූරතාවය දිනා ගනිද්දී,අනු සූරියන් බවට පත් වූ නාරන්දේණිය ජතික පාසල ලකුණු 17 ක් ද තෙවන ස්ථානය දිනූ ඉංගිරිය ගැමිණි මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 13 ක් ද ලබා ගන්නට සමත් විය.
දක්ෂතම බාලක බොක්සිං ක්‍රීඩකයා ලෙස ඩබ්ලිව්ඒඩීඩී තාරක ඇගයීම් ලැබූ අතර ඔහු හොරණ විද්‍යාරතනය නියෝජනය කළේය.දක්ෂතම පරාජිතයා බවට පත් වූයේ මහනුවර විද්‍යාර්ථය නියෝජනය කළ,ඩබ්ලිව්ඒඑස් මධුශංක ය.දක්ෂතම බාලිකා ක්‍රීඩිකාව ලෙස නාරන්දෙනිය ජාතික පාසල නියෝජනය කළ,ඒඑච්එන්කේ නදීශානි තේරි පත් වූ අතර ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ කේවිවී සිවරංගි තේරී පත් විය.
කේළඹ පාසල් වල ඉදිරිපත් වීමේ අඩුව මෙන්ම ක්‍රීඩාවෙන් පසු බැසීමද මෙම තරගාවලියේදී ද දැක ගන්නට ලැබුණු අතර මෙවර කොළම ප්‍රදේශ්‍යට හිමි වූ එකම රන් පදක්කම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට දිනා දෙන්නට එම විද්‍යාලය නියේජනය කළ සදරුවන් ක්‍රීඩකයා සමත් විය.තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාත්‍යන්තර තාක්ෂනික නිලධාරියෙක් මෙන්ම හිටපු ජාතික සූරයෙක් මෙන්ම ජාතික පුහුණුකරුවෙක්ද වූ ආර්කේ ඉන්ද්‍රසේන සමත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment