වැඩිම දෙවන මනාලියන් සංඛ්‍යාවක් සහිත විවාහ මංගල්ලය පසුගියදා මිගමුවේදී පැවත් වුණා.නව ගිනස් වාර්තාවක් ලෙස ඒ මොහොතේම ඊට අදාළ සහතික පත්‍රය ද මෙහිදී එම දෙවන මනාලියන් 126 දෙනෙක් හැඩ ගැන් වූ චම්පි ගුණතිලක මහත්මියට හිමි වුණා.මෙහිදී විශේෂත්වය වන්නේ ගිනස් ආයතනයේම නියෝජිතයෙක් පැමිණ එම සහතිකය වාර්තාව තැබූ මොහොතේම පිරිනැමීමයි.ශ්‍රී ලංකාවේදී එවැනි ආකාරයට ගිනස් නියෝජිතයෙක් සහභාගි වී නව වාර්තාවක් ඒ මොහොතේම පිළිගැනීමට සිදු වූ අවස්ථාව හැටියට මෙම අවස්ථාව ඉතිහාසයට එකතු වෙනවා.
මෙය ලංකාවේ ගිනස් වාර්තා තැබීම ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය සතු වගකීමක් ලෙස සිතා වැරදි පාරේ යමින් තිබූ ගමණක් නිවැරදි දිශාවට යොමු වීමෙන් පසුව වූ සිදු වීමක්.කලක් මෙම ගිනස් වාර්තා තැබීමට උත්සාහ කළ පිරිස් දඩයම් කර ජීවත්වෙන ව්‍යාපෘතියක් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානියෙක් සහ ඔහුගේ ගෝලයන් පිරිසක් අතින් සිදු වෙමින් තිබුණා.එහිදී ගිනස් වාර්තාවන් පිළිගැනීමට ලක් වීම වෙනුවට සිදු වුණේ අදාළ වෛද්‍ය ප්‍රධානියාට සහ ඔහුගේ ගෝලයන්ට රාජ්‍ය දේපළ ද පරිහරණය කරමින් සිය බඩකට වඩා ගැනීමට මාවත සකස්වීමයි.
මේ තත්ත්වය දිගින් දිගටම හෙළිදරව් කරමින් මාධ්‍ය ඔස්සේ විශාල සටනක් කර එම වෛද්‍ය ප්‍රධානියා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කිරීමේදී අපි පෙරමුණේම සිටියා.නමුත් සමාජ මතය නිවැරදි වූයේ නැහැ.තවමත් ගිනස් තොරතොරු සොයා වෛද්‍ය ආයතනය වෙත යන පිරිස් බොහෝමයි.වර්ථමානයේ මේ සියල්ලම පාහේ මහාචාර්යවරයා විසින් ගිනස් වාර්තාලාභී සනත් බණ්ඩාර හෝ අප වෙත යොමු කෙරෙන්නේ ඒ පිළිබදව උපදෙස් ලබා ගැනීමටයි.ඊට හේතු වන්නේ අප විවේචනයෙන් නොනැවති නියම ආකාරයට ගිනස් වාර්තාවක් තබන්නේ කොසේද කියා සනත් බණ්ඩාර විසින් ගිනස් වාර්තාව තැබීමේදී අනුගමනය කර පෙන්වා තිබිමයි.ඒ නිසා මෙම වාර්තාව තැබීම සදහා චමිපි ගුණතිලක මහත්මියට අවශ්‍යය කරුණු දැන ගැනීම පිණිසත් ඇය මහාචාර්යවරයා මගින් මවෙත යොමු කෙරුණා.ඇය දුරකථනයෙන් අවස්ථා කිහිපයකදීම කතා කර අදාළ තොරතොරු ලබා ගත් අතර මෙම වාර්තාව තැබීමේ දී එහි මුල් පියවර ශක්තිමත් කිරීමට සුපිරික්‍රීඩා දායකත්වයද එකතු වි තිබුණා.
ඇය මෙම වාර්තාව තැබුවේ සිය සහෝදරියගේ විවාහ මංගල්ලය සදහා දෙවන මනාලියන් හැඩ ගැන්වීමෙන් වන අතර දෙවන මනාලියන් වැඩිම පිරිසක් සහභාගි වූ මංගල්ලය ලෙස මෙම ගිනස් වාර්තාව සිය නැගණියගේ නමට හිමි වේ ද යන සැකය ඉවත් කර ගැනීමට හැඩ ගැන්වීම පිලිබදව මූලිකත්වය දි ගිනස් ආයතනය සමග සාකච්ඡා කරන ලෙස මග පෙන්විම කරන්නට ද අප මැදිහත් වූවා.
නමුත් වාර්තාව තැබෙන මොහොතේ ඒ පරිශ්‍රයට මාධ්‍යයක් ලෙස හෝ අපට ආරාධනාවක් නොලැබුණු අතර සමහර විට මුල් අවස්ථාවේ ද කිහිපවාරයක්ම කතා කර තොරතොරු ලබා ගැනීමටද මගේ කාලය උදුරා ගත් නිසා තව දුරටත් ඇය වෙනුවෙන් මගේ කාලය උදුර ගැනීම සිදු නොකළ යුතු බව ඇය සිතන්නට ඇති.ඒ සිතුවිල්ලට ඇයට ස්තූතිවන්ත වන අතරේම අප නව ගිනස් වාර්තාලාභිණියක් වීම පිළිබදව ඇයට සුභ පතනවා.
ඉදිරියේදී එලැඹෙන 17 වන දා තවත් ගිනස් වාර්තාවක මැදිහත් කරුවන් වන්නට අපට හැකි වේ යැයි විශ්වාස කරන අතර නොවැමිබර් 17 දා පස්වරු 4.00 ට බත්තරමුල්ල පැලවත්ත ජනකලා කේන්ද්‍රයේදි ලොව විශාලතම ඖෂධ පෙත්ත ගිනස් වාර්තාවක් සදහා ප්‍රදර්ශනය වෙනවා.එම වාර්තාව තැබීමට නියමිතව ඇත්තේ අහුන්ගල්ලේ ජයසේන පිටියගේ මහතායි.
No comments:
Post a Comment