නවසිලන්තය සහ බංගලාදේශය අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජය ගෙන සිටි බංගලාදේශ කණ්ඩායමේ එක් ජයග්‍රහණයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලැබු එකක් වූ බැවින් ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙක් අවසාන තරගයේදී බංගලාදේශයට නවසීලන්තය නොසෑහෙන පහරක් දෙනු ඇතැයි විශ්වාසයෙන් සිටියද,නවසීලන්තයට තරග 3 - 0 ක පරාජයක් අත් කර දුන් බංගලාදේශ ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගැනීමට සමත් වූහ.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය රොස් ටේලර් ප්‍රමුඛ කොට බංගලාදේශයට තර්ජනාත්මක ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ නිසා ඕවර් 50 නිමා වන විට නවසීල්නත ඉණිම කඩුලු 5 ට ලකුණු 307 ක් ලෙස දැක්විණ.රොස් ටේලර් පන්දු 93 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී රැස් කළ ලකුණු ප්‍රමාණය 107 ක් විය.කලින් මුන්රෝගේ දායකත්වය ලකුණු 85 ක් වූ අතර ඔහු හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් එල්ල කළේය.
තරගය ආරම්භයේ සිටම එම අභියෝගය ජය ගැනීමට සුදුසුබව පෙන්නුම් කළ බංගලාදේශ පිතිකරුවන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 61 ක සබදතාවයක් පැවත් වූයේ පන්දු ඕවර් 7.4 ක් තුළදී ය.එහිදි ආරම්භක පිතිකරු ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවද කැටි වු ඉණිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සම්ෂුර් රහ්මන් ලකුණු 96 ක් රැස් කළේ පන්දු 107 ට මුහුණ දෙමින්ය.හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් එක් වී තිබූ එම ඉණිමට අමතරව අවසාන මොහොතේදී කඩුලු ඉතිරිව තිබීමේ වාසිය අතට ගත නසීර් හොසේන් පන්දු 38 දී නොදැවී ලකුණු 44 ක් ලැබූ අතර පන්දු ප්‍රහාර 5 ක් ම හතරේ පහර වූ අතර එක් හයේ පහරක්ද නසීර් එල්ල කළා.නයීම් ඉස්ලාම් ලකුණු 63 කින් මෙම ලකුණු ප්‍රමාණය හඹා යෘමට දායක වූ අතර තරගයේ අවසාන ඕවරයේ දෙවන පන්දුවේ දී තරග 3 - -0 ක තරගාවලි ජයක් ලෙස බංගලිදේශයට සියළු ගෞරවය හිමි වෙමින් තරගය නිමාවට පත් වුණා.
No comments:
Post a Comment