Nov 7, 2013

ලේඛා අවසන් අට දෙනා අතරට

හරේනයේ ක්‍රියාත්මක බහරේන් ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ලේඛා ෂෙහානි සමත් වුණා.කලාපයේ බැඩ්මින්ටන් බලවතා වන ඉන්දියාව නියෝජනය කළ මුද්රා ධනන්ජිං සමග පැවති තරගයකින් ලකුණු 17 - 21,21 - 18 සහ 22 - 20 ලෙස තියුණු ජයක් ලබමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගත් ලේඛා සිය දෙවන තරගයේදී ජෝර්දානයේ ඩීමා ඉස්සාම් විනාඩි 21 ක් තුල පරාජය කළේ ලකුණු 21 - 8 ක් සහ 21 - 8 ක් ලෙස යි.
අද තරගාවලිය ක්‍රියාත්මක ප්‍රධාන තරග පිටියේදී ලේඛා සිය අවසාන පූර්ව තරගයට ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ ට මුහුණ දීමට නියමිත අතර ඇය මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේනිගත කිරීම් හී සිව්වැනියාට සිටින්නියයි.
මෙම තරගාවලියට පිරිමි අංශයෙන් දිනුක කරුණාරත්න සහභාගි වූ අතර ඔහුට අවසන් පූර්ව තරගයට ඒමට ඉඩ නොතැබූ බහරේනයේ හෙරි සෙතිවාන් ලකුණු 21 - 14 ක් සහ 21 - 15 ලෙස දිනුකව පරාජයට පත් කළා.දිනුක ද මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ට නම් වී සිටි රෝහිත් යාදෙව් ලකුණු 21 - 19 ක් සහ 21 - 17 ක් ලෙස පරාජයට පත් කරමින් හොද ස්ථාවර තත්ත්වයක සිටියදි බහරේන් ක්‍රීඩකයා ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට ගොදුරු වෙමින් අර්ධ අවසන් වටයට පිවිසීමේ ද්වාරය වසා ගත්තා.
www.supirikrida.com

No comments: