යුරෝපයේ ශිත දේශගුණික තත්ත්වයන් මත කාලයකට ස්පීඩ් බෝට්ටු තරග පැවත්විය නොහැකි බවත් ඒ නිසා මේ වන විට කටාර් වැනි මැද පෙරදිග රාජ්‍යයන් ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් එම රටවල් වෙත කැදවා ගන්නට සමත් වි ඇති බවත් පෙන්වා දෙන ප්‍රසන්න,ඊට වඩා සංචාරකයන්ට වින්දනීය පරිසරයක් ඇති සහ මාර්ග පද්දථිය යහපත් මට්ටමට පත් වෙමින් තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව දිනා ගැනීමට විශාල ඉඩක් ඇති බව පෙන්වා දෙන්නේය.එසේම අපේ රටේ සංස්කෘතිය හා බැදුණු වැව් හේතුවෙන් තරග පැවත්වීම සදහා විශාල ඉඩක් රට තුළ වෙන්ව ඇති බව ද ප්‍රසන්නගේ අදහසය.
වසර කිහිපයක ඇවෑමෙන් තමන්ට මෙම තරග සදහා ජාත්‍යන්තර සංගමයේ සහය සහ අනුමැතිය ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇති බව පෙන්වා දෙන ප්‍රසන්න,දැනට ස්පීඩ් බෝට්ටු අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තවත් පෞද්ගලික ආයතන සමග සාකච්ඡා පවත්වා ඇති බව ද එහි යහපත් ප්‍රතිපල ඉදිරියේදි ලංකාවට භුක්ති විදීමට අවස්ථාව ලැබෙනු ඇතැයිද පෙන්වා දෙන්නේය.තමන් තනිවම සහ කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව රටට ගෙනා මේ අවස්ථාව රටට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම සංචරක කර්මාන්තය සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ද දායකත්වය දැක්විය යුතු බවත්ඊට ලාභ ලැබීම අපේක්ෂා කර දායකත්වය දැක්වීමට වඩා ජාතිකවගකීමක් සහ අවශ්‍යයතාවයක් ලෙස සහය දැක්වීමේ කාලයේ ක්‍රීඩාව පවතින නිසා දීර්ඝකාලීන වෙළද බලාපොරොත්තු ඇතිව මීට එක් වීම විනා ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් මෙයට එක්වීම මේ මොහොතේ නොකළ යුතු බවත් ප්‍රසන්න පේනවා දෙනවා.
කෙසේ හෝ විශාල විදේශ මුදල් කන්දරාවක් ආයෝජනය කර ගැනීමට හැකි ක්‍රීඩාවක් ලෙස සහ ඊට අවශ්‍යය ස්වභාවික පරිසර ආශිර්වාදයද ස්පීඩ් බෝට්ටු ක්‍රීඩාවට ශ්‍රී ලංකාව තුළ තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ආ හැකි ක්‍රීඩකයන්ද ඉදිරියේදි බිහිකර හැකි වන්නේනම් එය ඉතාමත් සුභදායි තත්ත්වයක් විය හැකියි.ඒ සදහා ප්‍රසන්නගේ අදහසට අනුව ස්පීඩ් බෝට්ටු නිර්මාණයට ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වන්නේ නම් එය ඉතා ඉහළ බලාපොරොත්තු ඇති කළ හැකි තත්ත්වයක් වනු ඇති අතර ඒ සදහා අදාළ නිෂ්පාදකයන්ට බදු සහන ආදිය ලබා දෙමින් රජයේ මැදිහත් වීමද ලැබෙන්නේ නම් රට පුරා ඇති වැව් දිය රුලි ඩොලර්,යුරෝ වැනි විදේශ මුදල් සංසරණයෙන් පෝෂණය විය හැකියි.
www.supirikrida.com.
No comments:
Post a Comment