ලෝක කුසලාන 20 - 20 තරගාවලියට ටෙස්ට් නොවන රටවලින් සුදුසුකම් ලබන කණ්ඩායම් කවරේද යන්න නිර්ණය කිරීම සදහා පවත්වන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අද අබුඩාබි හී දී හොංකොං සහ ඉතාලිය අතර තරගය පැවත්වෙන අතර මෙහි දී ඉතාලි සංචිතයට ලාංකේය ක්‍රීඩකයන් හත් දෙනෙක් ඇතුළත් වීම අපූරු සිදු වීමක් ලෙස ගත හැකිය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ යුරොපීය කසලාන පළමු කොටස ජය ගනිමින් මෙම තරගාවලියට සහභාගි වන ඉතාලි කණ්ඩායමට ලාංකිකයන් වන ගයාශාන් මුණසිංහ,දිනිදු මාරගේ,ඩිලාන් ප්‍රනාන්දු,මධුර ප්‍රනාන්දු,තරිදු ප්‍රනාන්දු සහ රෝයි පෙරේරා යන ක්‍රීඩකයෝ අයත් වෙති.මෙම ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වීමට පෙර ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ හමු වීමට ද ක්‍රියා කර ඇත.ඡායාරූපයේ දැක්වෙන්නේ යුරෝපීය කුසලාන පළමු කොටස ජයගත් ඉතාලි කණ්ඩායමයි.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment