සංගක්කාර ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලෙමින් ලකුණු 79 ක් ලැබූ අතර එම ලකුණු 79 පන්දු 81 දී ගලා ආවේය.සංගා ගේ ප්‍රහාරයට අනගි සහයක් දුන් ඩිල්ෂාන සිය මෑත කාලීන භූමිකාව මැනවින් නිරුපනය කරමින් සංගා ගේ ප්‍රහාරය සාර්ථක කර ගැනීමට අවශ්‍යය සහයෝගාත්මක ඉණිමක් ක්‍රීඩා කළේය.ඔහුගේ ඉණිමේ අවසාන භාගයේදී සිය ප්‍රහාරාත්මක හැකියාව සහ අපූරු ඩිල්ස්කූප් පහරට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ ඩිල්ෂාන් අනවශ්‍යය ලෙස සිය ශක්‍යතාවය ප්‍රදර්ශනය කරන්නට යාමේ වරදින් කොරේ ඇන්ඩර්සන්ට කඩුල්ල පූජා කරද්දී ඔහු නමට පන්දු 114 දී ලකුණු 81 ක් එක් වී තිබිණ.
නායක මැතිව්ස් වගකීම් සහගත ප්‍රහාරයක් දියත් කළ අතර ඔහු තරගය නිමා වන විට පන්දු නොදැවී ලකුණු 74 ක් ලබා සිටියේය.අවසාන මොහොතේදි තමන් මුහුණ දුන් පන්දු 4 ට හයේ පහරක් සහ හතරේ පහර දෙකක් එල්ල කළ සචිත්‍ර සේනානයක තමන්ට පිතිකරුවෙක් ලෙස ලසිත් මාලිංගට ඉහළින් පන්දුවට පහර දීමට ඇති හැකියාව පිළිබදව බලධාරීන්ට යළිත් ඉගි කළ අතර එම ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකා ලකුණු 288 දක්වා ඉහළට එසැවිණ.පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු නවයකට ලකුණු 288 ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ම නායක මිල්ස් විසින් ලකුණු 49 ට දවා ගත් අතර දග පන්දු යවන ඇනටන් ඩෙවිසිච් ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.
නවසීල්නතය පිලිතුරු ඉණිමට පිවිසි වහාම ක්‍රියාත්මක වූ ලසිත් මාලිංග සිය තෙවන පන්දුවේදිම ඇටන් ඩෙවිසිච් ක්‍රීඩා පිටියෙන් ඉවත් කළ අතර ඉන් අනතරුව වර්ෂාව පැමිණෙන තෙක් ගෙවුණු පන්දු ඕවර් 4.2 ක් තුළ සංගාගෙන් ගිලිහි ගිය යිඩ් පන්දුවක් ද සමග වයිඩ් පන්දු වලින් එක් වූ ලකුණු 6 ක් සමග පා ලකුණු 2 ක් ද එකතු වී අට දක්වා ඉහළ ගිය අතිරේක ලකුණු සංඛ්‍යාව නවසීලන්ත පිළේ වැඩිම ලකුණු ගණන ලෙස ලකුණු පූවරුවේ දිස් විය.මුළු ලකුණු ගණන 13 ක් වූ අතර වර්සාව නිසා නවසීල්නත පිතිකරුවන්ට අතරමැද බිද වැටෙන ඉණිමක් සමග විදින්නට වන පරාජයෙන් ගැලවෙන්නට හැකි විය.
තරගයේ සමස්ත ලකුණු පුවරුව දැක ගැනීමට පහත සබදතාවය භාවිතා කළ හැකිය.
No comments:
Post a Comment