ගයාශාන් මුණසිංහ
ටෙස්ට් තත්ත්වය නොමැති රටවල් අතරින් 20 - 20 ලෝක කුසලානයට තරග වදින කණ්ඩායම් තෝරා ගැනිම සදහා පවත්වන සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද නියෝජනය කරන ඉතාලි කණ්ඩායම ඇමෙරිකාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් ලබන්නට සමත් විය.අබුඩාබි හී පැවති මෙම තරගයේදි පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව සිය පන්දු ඕවර 20 තුළ ලකුණු 160 ක් රැස් කළේ කඩුලු 5 ක් පමණක් අහිමි කර ගනිමින්ය.පන්දු යැවීමේදී කැපී පෙණුන ඉතාලි පන්දු යවන්නා බවට පත් වූ ගයාශාන් මුණසිංහ ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත් අතර දැවී ගිය ඉතිරි කඩුලු තුනම දුවද්දි වූ දැව යාම් විය.ඒ අතරින් එක් දැවීමකට හවුල් වීමට ශ්‍රී ලංකාවේ ජෝයි පෙරේරා ට හැකි විය.
පිළිතුරු ඉණිමේදී දැවැන්ත ඉලක්කයට පිවිසීම පහසු කරමින් හොද ආරම්භයක් ලබා ගත් ජීකේ බර්ග් පන්දු 47 දි ලකුණු 90 ක් රැස් කිරීමට සමත් විය.තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට වරම් හිමි වූ එම ඉණිම ජයග්‍රහණයකින් කෙළවර කිරීමට සහය වූ කාර්ල් සැන්ඩ්රි පන්දු 16 දී නොදැවී එක් කළ ලකුණු ප්‍රමාණය 27 කි.තරගයේ සමස්ත ලකුණු විස්තරයට http://www.espncricinfo.com/icc-world-twenty20-qualifier-2013/engine/match/660117.html සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
මීට පෙර හොංකොං කණ්ඩායම සහ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ අතර අද ඉතාලිය උගන්ඩාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය කාණ්ඩ දෙකක් අතරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තරගාවලියට මුහුණ දෙන්නේ ඒ කාණ්ඩයෙන්ය.
|
Nov 17, 2013
ලාංකිකයන් සහිතව ඉතාලිය ඇමෙරිකාවට පහර දෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment