![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi8hjm-4sEUiUm_tlIH4HSM6rwhyI0mcuXEUag2J_STWOTAtXnEmMK2ox1QNtyJxUiBp9I_HCGrZmwVgDyCKgEuJ9C5jmyhlDxtX3nT-Ia1WWWNRhwSGxp-aBT2VFhxMZ_SC5aufkruzM/s400/110.jpg)
මේ අතර තවත් මලල ක්‍රීඩා පදක්කමක් පිළිබද බලාපොරොත්තුවක් තබමින් බාලිකා මීටර් 800 මූලික තරග වටයේ දී දිල්හානි ප්‍රනාන්දු සිය මූලික තරගයේ දෙවැනියා වන්නට සමත් වුණා.ඇය අවසන් තරගයට තේරී සිටින ක්‍රීඩිකාවන් අතර ද දෙවන තැනම පසු වෙනවා.ඒ නිසා එම ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට පදක්කමක් ගැන බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව තිබෙනවා.එසේම හ්‍රී ලංකා පදක්කම් පැසට පදක්කම් බලාපොරොත්තු ඇති කරමින් අවසාන තරගයට පිවිසීමට විදුශංක අනුරාධ ද සමත් වුණා.ඔහු තත්පර 54.65 කින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය අවසන් කර අවසාන තරගයට පිවිසීමට සමත් වුණේ මුලික තරගයේ දෙවන ස්ථානය ද දිනා ගනිමින්.ඉසුරු දිල්හාන් ද මීටර් 200 මූලික තරග වල දී තෙවන ස්ථානය දිනා ගනිමින් ඉදිරියට යාම සදහා සුදුසුකම් ලබා ගත්තා.මේ අතර බාලිකා දුර පැනීමේ තරගයට ඉදිරිපත් වූ කේසි විජේසිරිවර්ධන ක්‍රීඩිකාවන් 12 දෙනෙක් අතරින් 11 වන ස්ථානයට පත්වුණේ මීටර් 5.08 ක දුරක් වාර්තා කරමින්.
මේ අතර කිග්‍රෑම් 85 බර පංතියේන් තරග වැදි උපේක සේනාධීර ස්නැච් ක්‍රමයට කිග්‍රෑම් 110 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිග්‍රෑම් 135 ක් ලෙස මුළු බර කිග්‍රෑම් 245 ක් ඔසවමින් තරගයේ හය වන ස්ථානයට පත් වුණා.ටෙනිස් මිශ්‍ර යුගල පළමු මූලික තරගය යේමනයට එරෙහිව ජයගත් නෙත්මි වඩුගේ සහ ෂර්මාල් දිසානායක අනතුරුව පැවති තරගයේදි තායිලන්ත යුගලය අතින් පරාජයට පත් වුණා.
www.supirikrida.com
2 comments:
සුබපැතුම් සීවලි පුතේ... ඔබට සදා ජය.
නමුත් පිරිමි කඩුලු පැනීමේ ඉසව්වක ශ්‍රී ලංකාව ලැබූ ඉහලම ජය ඩන්කන් වයිට් මහත්මයාගේ යාර 400 කඩුලු ඔලිම්පික් රිදී පදක්කම නේද?
ස්තූතියි පෙන්වා දීමට නමුත් මම අදහස් කළේ අදාළ ඉසව්ව ගැනයි.මීටර් 110 කඩුලු මතින් දිවීම ඉහළම ජාත්‍යන්තර ජයග්‍රහණය කියන අදහසෙන් එය ලීවේ.නමුත් එය වැරදි විදිහට මතු වී පෙනීමෙන් යම් දෙයක් සිදු විය හැකියි.පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලද ඉහළම ජය මෙයයි.ඩන්කන් වයිට් මහතා ළගට ශ්‍රී ලංකාවට කඩුලු පැනීමෙන් ඉහළම කීර්තිය ලබා දී තිබෙන්නේ ශ්‍රියාණි කුලවංශයි.ඇයගේ ඉසව්ව මීටර් 100 කඩුලු මතින් දිවීම වන අතර වයිට් මහතා තරග වැදුණේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයටයි.
Post a Comment