![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcg2uZK0CnR0MN1xQaBV2QhQ8fk_p9Qh19gSgwJHmNE6drrCtYXAsBrzsSPNj9L2i0KvGLc4VjWG9jnYhmH7I7gSwUPKR8EdOc5P98OCWnDkOqNeENOjTsRF8oK5ROelJlu3JdnFODh-o/s320/nadee13-07-07.jpg)
කෙසේ හෝ කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම ගත් කළ වීසි කිරීම් ඉසව් වලදී වැඩිම ලෝක අවධානයක් දිනා ගත්තේ නදීකා යන්න මේ වන විට විවාදයකින් තොරව පිළිගත යුතු සත්‍යයක් වන අතර ඇය පින්ලන්තයේ ලද පුහුණුව මෙන්ම ලෝකයේ නව ප්‍රවනතා පිළිගනිමින් ඒ ඔස්සේ ස්වීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික හැකියාවන් හදුනා ක්‍රියා කිරීමේ හැකියාව ඇති ඒජේ රොද්‍රිගෝ නම් වන පුහුණුකරුවාද මේ ජයග්‍රහණය පිටුපස දැවැන්ත සෙවනැල්ලක් විය.
එසේම තරගාවලිය නිමා කරමින් පැවති කාන්තා සහ පිරිමි 100 සහය දිවීමේ තරග වල දී කිසිදු අපහසුවකින් තොරව රන් පදක්කම් පැළද ගැනීමේ අවස්ථාව ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි විය.මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයම කාන්තා (ෂෙලී ඈන් ප්‍රෙසර්) සහ පිරිමි (උසෙයින් බෝල්ට්) ලෙස ජැමෙයිකාවට දිනා ගත් අතර මෙම සහය දිවීමේ ඉසව් ජයත් සමග තරගාවලියේ කෙටි දුර සම්බන්ධ සම්පූර්ණ ගෞරවය කිසිදු විවාදයකින් තොරව ජැමෙයිකාවට හිමි වන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment