![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZVx7jsMYlxxjmglvcBIMeDXZUqBzejlBKuwgp4PUkWoiuRxcm_1QScFmfYtL3SDDYdMe7-FNFwXKvIqIkqgi3Py7Uax7ThFtWJx2tYIXUDhUSKBbHMmt7RQCUTDQY-S3Q6Y_aH6o2Yvk/s400/usa-boxing-weight-classes.jpg)
තරගාවලියට ක්‍රීඩා සමාජ 20 ක් පමණ එක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්‍රීඩකයන් 150 ක් පමණ සහ ක්‍රීඩිකාවන් 50 ක් පමණ තරග බිමට බැසීමට නියමිතව ඇත.පිරිමි සහ කාන්තා අංහ සදහා බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන මෙම තරගාවලියේදී ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති අනුගමනය කිරීමට නියමිත අතර ඒ අනුව පහළ පිරිමි බර පංති තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ හිස් ආවරණ රහිතවය.
දිනෙන් දින ලාංකේය බොක්සිං පිටියේ තරගකාරීත්වය ඉහළ යාම නිසා නිශ්චිත ජයග්‍රාහකයන් නොමැති තත්ත්වයට ඒ ඒ බර පංතිවල තරගකාරීත්වය විවෘත මුහුණුවරක් ගෙන ඇති නිසා තියුණු තරගකාරීත්වයක් දකින්නට ලැබෙන අතර මෙම තරගාවලියන්හී දී ඇතැම් විට විනිශ්චය කටයුතු සම්බන්ධයෙන් ඇතිවන අපැහැදිලි තැන් මෙන්ම ඊට විරෝධය දක්වන්නන් හැසිරෙන අප්‍රසන්න ආකාරයද බොක්සිං ක්‍රීඩාවට එතරම් උචිත නොවන බව කිව යුතුව ඇත.
විශේෂයෙන් ඇතැම් බොක්සිං ලෝලීන් විනිසුරුවරියන්ව විවේචනයට ලක් කරන ආකාරය ආශෝභන බව මෙහිදී සදහන් කළ යුතුමය.විශේෂයෙන් බොක්සිං විනිසුරු ක්‍රියාවලිය විවේචනය කරන බොහෝ ප්‍රේක්ෂකයන් අතර බොක්සිං ක්‍රීඩා කළ අයද දකින්නට ලැබෙන අතර ඔවුන්ට මේ තත්ත්වය වෙනස් කිරීමට කළ හැකි හොදම දේ,විනිසුරු සුදුසුකම් ලැබීමට අවශ්‍යය පදනම සකස් කර ගැනීම වුව ද කිසිවෙකු එසේ දැණුම හඹා යාමට උනන්දුවන බවක් පෙනෙන්නට නැත.
www.supirikrida.com
No comments:
Post a Comment