ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා ඉසව්වක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය මෙම 25 වන දා සිට 29 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.කාන්තා සහ පිරිමි බර පංති 10 ක් බැගින් අයත්වන මෙම තරගාවලිය වීවෘත වන්නේ අවුරුදු 19 න් ඉහළ සහ 40 න් පහළ තරගකරුවන්ට පමණි.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති රීති වලට අනුව පැවත්වෙන තරගාවලිය තුළ ජයග්‍රාහකයන් අතරෙන් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම මෙන්ම වැඩි දක්ෂතා දක්වන ක්‍රීඩා සමාජයද ඇගයෙන බැවින් තරගාවලියේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවත්වෙනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment