තරගාවලිය පුරාම ලකුණු අතර සිටින තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී පිට පිටම තරග දෙකකදී ශතක දෙකක් රැස් කිරීමට ලැබුණු අවස්ථාව අහිමි කර ගත්තේ එක ලකුණකින්.ඔහු ලකුණු 99 ට දැවී ගිය අතර සංගක්කාර සුපිරි පිතිකරණයක නියැලෙමින් ලකුණු 75 ක් රැස් කර ගත්තා.තිරිමාන්නගේ පිත්තෙන් ගලා ආ ලකුණු ප්‍රමාණය 68 ක් වූවා.ඊයේ තරගයේදී යළිත් අවස්ථාවක් ලද කුසල් ජනිත් එහිදී ද රැ් කරේ ලකුණු 9 ක් පමණයි.
දකුණු අප්‍රිකා පිතිකරණය පිළිතුරු ලබා දීම වෙනුවෙන් සූදානම් බව පෙන්වමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තද තරගයේ හයවන ඕවරයේ සිව්වන පන්දුවේදී ක්විනටම් ඩි කොක් ලකුණු 27 ට දවා ගැනීමට සචිත්‍ර සේනානායක සමත් වුණා.ඒ බිද වැටීමෙන් ඉක්බිතිව හිස එසැවීමට ගත් දකුණු අප්‍රිකාවේ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගිය අතර නායක ඩිවිලියර්ස් පමණක් සටන්කාරී ප්‍රහාරාත්මක ඉණිමක නියැලෙමින් පන්දු 51 දී ලකුණු 51 ක් ලබා ගත්තා.
තරගාවලියේ තරග තුනකට පමණක් ක්‍රීඩා කළ අජන්ත මෙණ්ඩිස් කඩුලු 10 ක් ලබා ගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වුණා.සංගක්කාර සාමාන්‍යය 93.00 රදවා ගනිමින් ලකුණු 372 ක් ලබා ගනිමින් කඩුල්ල පිටුපස සිට ක්‍රීඩකයන් 13 දෙනෙකු දවා ගැනීමට හවුල් වෙමින් ද තරගාවලියේ වීරයා බවට පත් වුණා.පස්වන තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අගනා ලකුණු 99 ක් එක් කරමින් සහ කඩුල්ලක් දවා ගනිමින් ද කැපී පෙණුන ඩිල්ෂාන් එම තරගයේ වීරයා වුණා
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635657.html තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment