තරගාවලියේ මුල සිටම සංචිතයේ රැදී සිටි මෑත කාලයේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරාට අද තරගයේදී හෝ අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළවන අතර සචිත්‍ර සේනානායක ද අද තරගයට කැදවනු ඇති බවට විශ්වාසය පළ වෙනවා.ආරම්බක පිතිකරුවන්ගේ ස්ථානය සදහා කුසල් ජනිත් පෙරේරා යොදා ගන්නේද දිමුත් කරුණාරත්න යොදා ගන්නේ ද යන්නත් අද තීරණය වනු ඇති අතර බොහෝ විට වේග පන්දු යැවීම යන්න ඉලක්ක කර ගනිමින් පන්දු යැවීම සදහා සුරංග ලක්මාල් හෝ සමින්ද එරංග යන දෙදෙනාගෙන් එක අයෙකු පමණක් තෝරා ගෙන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා ද නිත්‍ය පන්දු යවන්නන් ලෙස සළකා කටයුතු කිරීමටත් ඉඩ තිබෙන බව තේරීම් සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එසේ වුවහොත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස චතුරංග ද සිල්වා ට අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වීමට බොහෝ දුරට ඉඩ-කඩ තිබෙනවා.
එසේම තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොලැබි වමත් වේග පන්දු යවන්නෙකු වන විමුක්ති පෙරේරා ද අද කණ්ඩායමට කැදවීමට තීරණය කර තිබෙන අතර ඔහු ට සංචිතය තුළින් කණ්ඩායමට පිවිසීමට නම් තේරීමේදී සමින්ද එරංග හා සුරංග ලක්මාල් ඉවත තැබීමේ අභියෝගාත්මක තීරණය ගැණිමට තේරීම් කමිටුව පියවර ගත යුතුව තිබෙනවා.
ඡායාරූපයේ දැක්වෙන්නේ අද පළමුවරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක් දින වරම් ලැබීමට සිහින දකින චතුරංග ද සිල්වා සහ ඇන්ජලෝ පෙරේරා යි.
www.supirikrida.com
No comments:
Post a Comment