පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඩුමිනිව ආදර්ශයට ගත් බවක් නොපෙන් වූහ.අඩු ගණනේ එක් පසක් ආරක්ෂා කර ගනිමින් සුපිරි පිතිකරණයක නියැලි සංගක්කාර වෙනුවෙන් කෙටි ලකුණකින් පන්දුවට පහර දීමේ අන්තය ලබා දීමේ අවශ්‍යයතාවය ද ඔවුන් නොතකා හරින ලද බව දැකිය හැකි විය.එකා එකා පිට එකා ආපසු හැරී යන ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ බින්දුකරුවෝ පහක් වූහ.ඒ අතරින් අජන්ත නොදැවී සිටිය අතර අනෙක් තිදෙනාගෙන් අංක 8,9 සහ 10 යන තිදෙනාම දැවී ගියේ ලකුණු නොලබමින් යන්නට අමතරව පන්දු 9 ක් අපතේ යවමින් වීම ද අවධානයට ලක් කළ යුතුය.
මේ තත්ත්වය වෙනස් කිරීමට කිසිවෙකුගෙන් ප්‍රමාණාත්මක සහයක් නොලබමින් ලකුණු 59 ක් නොදැවී ලබා ගත් සංගක්කාරගේ ඉණිමේ ශක්තිය දිය කර හරින ලද ඩුමිනි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා දකුවමින් ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ සැබෑ වීරයා වෙමින්ය.http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/current/match/635658.html
සබදතාවය තරගයේ නිල ලකුණු විස්තරයට පිවිසීමට උපකාර ගැනීමේ හැකියාව ඇත.
ඊයේ ද අසාර්ථක වීම නොතකා යළිත් කුසල් ජනිත් පෙරේරාට මෙන්ම ජීවන් මෙණ්ඩිස්ට ද අවස්ථාව ලබා දී තිබුණේ ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් කව දුරටත් කඩුල්ලේ රදවා තබාය.
www.supirikrida.com
No comments:
Post a Comment