CSN CHAMPS බදුල්ල දිස්ත්‍රික් වැඩ සටහනට සමගාමීව ආදි වාසීන් සහ පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන් සහ ආදිවාසීන් අතර ක්‍රිකට් තරගයක් පැවත්වීමට කටයුතු යොදා තිබේ.බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 14 දා පැවත්වෙන මෙම ක්‍රිකට් තරගයට මැති ඇමති කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ගේ නායකත්වයෙන් කණ්ඩායමක් පිටියට පිවිසෙන අතර ආදි වාසී කණ්ඩායමේනායකයා ලෙස කටයතු කරන්නේ ඌරුවරිගේ හීන්බණ්ඩා ඇත්තන්ය.ඔහු වැදි නායක වන්නියැලැත්තන්ගේ හයවන පුත්‍රයා වීම විශේෂත්වයකි.
දැනට CSN නාලිකාවේ අධීක්ෂනය සහ මග පෙන්වීම මත ක්‍රිකට් පුහුණුව සිදුවන ආදි වාසි ක්‍රිකට් කණ්ඩායම මෙම තරගයට මුහුණ දීමට සූදානමින් සිටින අතර අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කණ්ඩායමට අමාත්‍ය ඩිලාන් පෙරේරා,පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වැනි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂ කෙරේ.
www.supirikrida.com
No comments:
Post a Comment