CSN CHAMPS වැඩ සටහන යටතේ ක්‍රිකට්, පාපන්දු,වොලිබෝල්,දැල් පන්දු,රගර් සහ හොකී ක්‍රීඩාවන්ට දක්ෂයන් ජාතියට හදුන්වා දීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දක්ෂයන් තෝරා ඉදිරිපත් කිරීමේ වැඩ සටහන සැප්තැම්බර් 14 දා බදුල්ලේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිතය.ඉකුත් ජූලි මාසයේ මාසතරින් ඇරඹි
CSN CHAMPS වැඩ සටහනේ දෙවැන්න ලෙස බදුල්ලේ පැවත්වෙන මෙම වැඩ සටහනට ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම අදාළ ක්‍රීඩාවන්හී සංගම් සහ සම්මේලන ද මේ සදහා දායකත්වය දක්වති.
මාතර පැවති CSN CHAMPS වැඩ සටහනට දහසකට අධික පිරිසක් සහභාගි වූ අයුරෙන්ම මෙම වැඩ සටහනට ද විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ ආකාරයෙන් හදුනා ගන්නා දක්ෂයන් ජාතික තලයට රැගෙන එමින් ජාතික මට්ටමේ තේරීම් වලදී දක්ෂතා දක්වන දක්ෂයන් ජාතික සංචිත වලට ඇතුළත් කිරීමට වැඩ කටයුතු සැළසුම් කර ඇත.
මේ සදහා සහභාගි වීමට කැමති බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ මේ සදහා වන අයදුම්පත් ලබා ගැනීමට හැකි අතර 14 දා පෙරවරුවේද ඒ සදහා අවස්ථාව සළසා ඇත.දැනට දිස්ත්‍රික්කයේ පාසල් සදහා විදුහල්පතිවරුන් මගින් ඉල්ලුම්පත් ලබා ගැනීමට හැකි පරිදි කටයුතු සැළසුම් කර ඇති අතර 0718 513337 දුරකථන අංකයෙන් මේ පිළිබදව වැඩි තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

No comments:
Post a Comment