මීට පෙර ජාත්‍යන්තර තරග වලදී භූතානය හමු වී ඇතත් ජය ගැනීමට හැකි වී නැති අතර ඒ අවස්ථාවේදී තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.කණ්ඩායම් පුහුණුකරු මහින්ද ගලගෙදර ප්‍රකාශ කළේ කණ්ඩායමේ හරි අඩක්ම ඉතාමත් තරුණ වියේ පසුවන ජවසම්පන්න ක්‍රීඩිකාවන් වීමත් ඒ අතරට හරි සමානව මෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිටීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු පාලනය සහ පන්දු පාලනයේ වේගවත් බව ඉහළ මට්ටමක පවතින බවය.
පුහුණුවේ දී තමා ඇරබික් ව්‍යායාම ආදිය භාවිතයට ගත් බවත් ඒවා කණ්ඩාමේ ක්‍රීඩා විලාශය එක රිද්මයක පවත්වා ගැනීමට මෙන්ම කණ්ඩායම් හැගීමෙන් එක ඒකකයක් හැටියට ක්‍රියා කිරීමටත් හැකි වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව මහින්ද පවසන්නේය.
භුතාන තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර්ජාතික තරගාවලි තුනකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 27 ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ ගෝල 2 ක් පමණක් බවත් පැවසූ මහින්ද ඒ අනුව බලන විට මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ලැබූ විහාල ජයක් බව පැවසීය.ඊ ළග තරගයේදී ඉන්දියාවට එරෙහිව මහා විප්ලවයක් කරන බව තමා නොකියන නමුත් හොද තරගයක් ලබා දීම තම අපේක්ෂාව බවත් පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකට පමණක් මුහුණ දී ඇති ඉන්දියාව එහිදී ගෝල 15 ක ප්‍රමාණයක් රැස් කර ගෙන ඇති බව පෙන්වා දෙන මහින්ද,දකුණු ආසියාවේ වර්ථමාන කාන්තා පාපන්දු දැවැන්තයන් එක් වරම උස්සා පොළවේ ගසන්නේයැයි වහසි බස් කීමට තමා සූදානම් නැතැයි පැවසීය.එහෙත් මේ තරුණ පාපන්දු කණ්ඩායම වෙනස්කමක් කළ හැකි සහ අනාගතය වෙනුවෙන් රැකගත යුතු කණ්ඩාවමක් බව මහින්ද පෙන්වා දුන්නේය.
කණ්ඩායම් කළමණාකාරිය සුධර්මා ජයවර්ධන තරග මානසික මට්ටමෙන් සිටින ක්‍රීඩිකාවන් සියල්ලෝම දැඩි විනයකින් ඒ සදහා කැපවීමෙන් ක්‍රියා කරන නිසා භූතානයට එරෙහිව ජයෙන් නොනවතින ජයග්‍රාහී ගමණකමේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යොදනු ඇතැයි අපේක්ෂා කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment