ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මට්ටමේ මීටර් 400 ඉසව්වද මේ වන විට තත්පර 48 -49 සීමාවේ රැදෙන බව බොහෝ ප්‍රතිපල පැහැදිළි කරන තත්ත්වයක ප්‍රදීප් සිය ඉසව්ව තත්පර 49.28 කින් නිමා කරන්නට සමත් වීම කැපී පෙණුනා.තරගයේ රන් පදක්කම ගන්තර් මැට්ෂින්ජර් හිමි කර ගත් අතර ඒ සදහා ඔහුට තත්පර 48.45 ක කාලයක් ගත වුණා.රිදී පදක්කම දිනා ගත් බ්‍රසීලයේ යොහාන්සන් නැස්කමින්ටෝ තත්පර 49.21 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඡායාරූපයේ 2054 අංකය යටතේ තරග වදින්නේ ජයග්‍රාහක මැට්සින්ජර් වන අතර අංක 2708 යටතේ තරග වදින්නේ ප්‍රදීප් සංජීව ය.
ඊයේ අමරා ඉන්දුමතී ද ටී 46 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වට තරග වැදුණු අතර ඇයට එහි මූලික තරගයේදී පස්වන ස්ථානය දිනා ගත්තාය.අවසන් තරගයට තේරීමට නොහැකි වුව ද,අමරා තමා ගේ මීටර් 200 තරගයේදී මෙන්ම මෙම ඉසව්වේදී ද තම හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර ඒ අනුව ඇය මීටර් 100 තත්පර 13.96 කින් සිය ඉසව්ව නිම කළාය.
www.supirikrida.com
No comments:
Post a Comment