උපාලි රාජකරුණා ස්පාඤ්ඤයේ ඩැනියෙල් කැවර්සච් අතින් පරාජයට පත් වුණේ 6 - 1 සහ 6 - 2 ක් ලෙසයි.19 හැවිරිදි ඩැනියෙල් 37 හැවිරිදි පළපුරුදු ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයා වන රාජකරුණා පරාජයට පත් කිරීමට පෙර ගාමිණි දිසානායක තමාට වඩා වසරකින් බාල 33 හැවිරිදි ප්‍රංශයේ පෙඩ්රික් කැටෙනේ පරාජයට පත් කරේ 6 - 4 සහ 6 - 0 ක් ලෙස යි.
මලල ක්‍රීඩා එෆ් 42 - එෆ් 44 දුර පැනීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසි දුමීර මධුරංග මීටර් 5.56 ක දුරක් පැන එම ඉසව්වේ නව වන තැනට පත් වූ අතර එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනමින් මීටර් 7.35 ක දක්ෂතාවයක් දැක් වු ජර්මණියේ මාර්කස් රෙහ්ම් ඡායාරුයේ දැක්වෙනවා.
මේ අතර ටී 46 පිරිමි මීටර් 200 තරග ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ප්‍රදීප් සංජය එම මූලික තරගයේද ී තත්පර 23.40 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුව ද අවසාන තරග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment