Oct 4, 2013

අද ලංකාව කසකස්තානය හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන 17 වන ජ්‍යෙෂ්ට පිරිමි ආසියාතික වොලිබෝල් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද කසකස්තානය හමුවේ තරග වැදීමට නියමිතයි.මූලික වටයේ තරග වලදී කටාරය පරාජය කරමින් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 21 ක් අතරෙන් මුල් කණ්ඩායම් 16 අතරට පැමිණිමට සමත් වු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටයේදී චීනය අතින් සහ චීන තායිපේ කණ්ඩායම් අතින් වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වෙමින් තරගාවලියේ 9 වස ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා තීරණය කරන තරග වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.
තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නව නායකත්වයක් පත් කළ අතර ඒ සදහා වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව පමණක් නොව දකුණු ආසියාතික කලාපයේම සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද හැදින්විය හැකි ආකාරයේ ජාත්‍යන්තර ඇගයීම් ලත් ජනිත් සුරත් පත් කරන්නට යෙදිණ.තරගාවලිය සම්බන්ධයෙන් නිල තොරතොරු කිසිවක් ශ්‍රී ලංකා වොලිබෝල් පාලක මණ්ඩලය වෙතින් වාර්තා නොවන අතර තරගාවලිය සම්බන්ධ විකිපීඩියා වෙබ් අඩවියට අනුව ජනිත් චීනය සමග වන තරගයට ක්‍රීඩා කළ බවක් පෙනෙන්නට නැත.
මේ ආකාරයටම මීට පෙර තායිලන්තයේ පැවති තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු සකසන්නියක් එහිදී ‍ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙන බව සංචාරය නිමා වීමෙන් පසුව දැන ගන්නට ලැබුණු අතර එය ද රහසක් ලෙස තබා ගන්නට කටයුතු කර ඇත්තේ කණ්ඩායමේ අංක එකේ පන්දු සකසන්නිය ඇය වුව ද කණ්ඩායමේ නායකත්වයට අසනීප වූ ක්‍රීඩිකාව ක්‍රීඩා කළේ නම් ස්ථිර ස්ථානයක් නැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් නායිකාව ලෙස පත් කර බැවින්ය.
www.supirikrida.com


Oct 1, 2013

ඊයේ ජපානයට පැරදුණු ලංකාව අද චීනය මුණ ගැසෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේදී ඊයේ ජපානය ඉදිරියේ වට 3 - 0 කපරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද චීනය හමු වීමට නියමිතය.ලකුණු 16 - 25,23 - 25 ක් සහ 13 - 25 ක් ලෙස ජපානයට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය  මූලික තරග වලදී ඕමානයට එරෙහි තරගය ජය ගැනීම හේතුවෙන් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 21 අතරින් අවසාන කණ්ඩායම් අවසාන කණ්ඩායම් 5 ට (17  සිට 21 දක්වා )අසු නොවීමේ භාගයය උදා කර ගෙන සිටියි.
ශ්‍රී ලංකාව ඊයේ පරාජය ලැබූ ජපානය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 19 වන ස්ථානයේ පසු වන අතර අද ශ්‍රී ලංකාවට හමු වන්නේ ලොව අංක 16 ට ශ්‍රේණිගත ව සිටින චීනය ය.එසේම ශ්‍රී ලංකාව හෙට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 53 වන ස්ථානයේ පසුවන චීන තායිපේ කණ්ඩායම හමු වීමේ බලාපො‍රොත්තුවෙන් සිටින්නේය.
චීන තායිපේ මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් හී 53 වන ස්ථානයේ පසුවන කටාරය ඊයේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 30 වන ස්ථානයේ පසුවන ඉන්දියාව වට 3 - 2 ක් ලෙස පරාජයට පත් කරමින් පෙරළියක් සිදු කිරීමට සමත් විය.මේ අතර ඊයේ වන විට කාණ්ඩ අටක් යටතේ ක්‍රියාත්මක වූ මූලික වටයේ තරග නිමා වට පත් වී තිබූ අතර එම ප්‍රතිපල අනුව ශ්‍රේණිගත කිරීම් තරග වලදී මියන්මාරය,ඇෆ්ගනිස්ථානය,කුවේට්,සවුදි අරාබියාව සහ විෂේශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලබන්නට වීම නිසා ලොව අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය ද තරගාවලියේ අවසාන කණ්ඩායම් 5 දක්වා පහත බැස ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ජපාන කණ්ඩායමය.
www.supirikrida.com

Sep 30, 2013

වේගවත් බර්ලින් මැරතන් තරගයේදී ලෝක වාර්තාව කිප්සෑන්ග්ට

මැරතන් ක්‍රීඩකයන්ට හොද කාලයක් වාර්තා කළ හැකි මැරතන් තරගයක් ලෙස ප්‍රකට බර්ලින් මැරතන් තරගය මෙවර ජය ගත් කෙන්යාවේ විල්සන් කිප්සෑන්ග් පැය 2:03:23 ක කාලයක් වාර්තා කරමින් මැරතන් ලෝක වාර්තාවේ නව හිමිකාරීත්වය දිනා ගත්තා.දෙවන ස්ථානය හිමි වූ කෙන්යාවේම එලියුඩ් කිප්කෝජ් මේ වසරේ මැරතන් ඉසව්වක වාර්තා වූ දෙවන හොදම කාලය මෙන්ම ක්‍රීඩා ඉතිහාසයේ එම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ ලොව හොදම පස්වන කාලය ද වාර්තා කිරීමෙන් මෙම තරගයේ වේගවත් බව සිතා ගත හැකියි.
2011 වසරේදී ෆ්‍රැන්ක්පර්ට් මැරතන් ඉසව්ව පැය 2:03:42 කින් නිමා කරමින් විල්සන් සිය හොදම කාලය වාර්තා කර තිබූ අතර එය ඔහුගේ නව වාර්තාවෙන් පසුව සකස් වන නව පෙළගැස්මේ තෙවන හොදම කාලය හැටියට වාර්තා වෙනවා.අවස්ථා කිහිපයකදීම 2:05 ට අඩුවෙන් මැරතන් ඉසව්ව නිමා කරන්නට සමත් වී ඇති විල්සන් බර්ලින් ජයෙන් පසුව ප්‍රකාශ කරන්නට යෙදුණේ තමන් කාලයක් බලාපොරොත්තුව සිටි වාර්තාවත් සමග ජයග්‍රහණය කරන්නට ලැබීම පිළිබදව අතිශයින් සතුටට පත්වන බවයි.
තරගයේ කාන්තා අංශයේ ජයග්‍රහණ ද කෙන්යාවට හිමි වූ අතර එහිදී ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණේ ෆ්ලොරන්ස් කිප්ලැගට්.2011 වසරේ හේලි ගෙබ්රලාසි සතුව තිබූ මැරතන් ලෝක වාර්තාව ගෙබ්රලාසිට පමණක් නොව දුර දිවීමේ කීර්තිධරයන් බිහි කළ ඉතියෝපියාවට ද අහිමි කළ ප්‍රැට්‍රික් මැකූ පැය 2:0:38 කින් මැරතන් ඉසව්ව අවසාන කරමින් ලෝක වාර්තාව කෙන්යාව සතු කළා.ඒ අඩි පාරේ යමින් විල්සන් මැකූගෙන් එම ලෝක වාර්තාවේ අයිතිය උදුරා ගන්නට සමත් වුව ද,තව දුරටත් මැරතන් ලෝක වාර්තාවේ කීර්තිය කෙන්යාව සතු කර තබා ගන්නට සමත් වුණා.එසේම මැකූ ලෝක වාර්තාවට හිමි කම් කීවේ ද,ඉන් පෙර පැවති ලෝක වාර්තාවේ හිමිකාරීත්වය හේලි ගෙබ්රලාසි සතු වූවේ ද මෙම බර්ලින් මැරතන් තරගයෙන්ම වීමත් බර්ලින් මැරතන් තරගයේ වේගවත් බව පිළිබද කදිම සාක්ෂියක් වෙනවා.
www.supirikrida.com

Sep 29, 2013

දැල්පන්දු සභාපතිණිය විහිළුවට ලක් කරලා

වර්ථමාන දැල්පන්දු සභාපතිණියගේ සිත් දිනා ගත් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඇයට වැරදි තොරතොරු ලබා දෙමින් ක්‍රීඩිකාවන් ඉදිරියේ හාස්‍යයයට ලක් වන ආකාරයේ ප්‍රකාශ නිකුතු කරවමින් පසුව ඒ පිළිබදව ඔවුනොවුන් කතා කරමින් සභාපතිණියගෙ අවබෝධය පිළිබදව ඔවුන්ද උසුළු විසුළු කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වුණා.පසුගිය දිනවල පැවති තේරීම් වලදී එසේ සභාපතිණියගේ හිත දිනා ගනිමින් ජ්‍යේෂඨ ක්‍රීඩිකාවක් සංචිතයට ගෙන ඒමටත් ඇයට අභියෝගයක් විය හැකි තරුණ ක්‍රීඩිකාවන් කප්පාදුවටත් මාවත සකසා ගත් වයෝවෘද්ධ නිලධාරිණියක් අදාළ ක්‍රීඩිකාව ආදර්ශමත් ක්‍රීඩිකාවක් ලෙස සළකා තරුණ ක්‍රීඩිකාවන්ට ඇය අනුව ජීවිතය සකසා ගන්නට යැයි සභාපතිණිය හරහා ප්‍රකාශයක් කරන තත්ත්වයට පත් කර තිබෙනවා.
සිය හැසිරීම නිසා සිය පෞද්ගලික ජීවිතය පමණක් නොව අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලිකත්වයට පවා හානි වූ බවට තොරතොරු ඇති ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඇය පිලිබදව ක්‍රීඩිකාවන් තුළ ඇත්තේ හොද ප්‍රතිරුපයක් නොවන අතර ඇය ආදර්ශයට ගන්නේ නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පැවති නොමනා සම්බන්ධතා ක්‍රීඩාවට බලපෑම් කල ආකාරයේ අනාගතයක් සකසා ගත හැකි බවට ක්‍රීඩිකාවන් අතර විශාල කතා බහක් ඇතිවී තිබෙනවා. ක්‍රීඩිකාවන් සභාපතිණියගේ මෙම කතාව පිලිබදව නොයෙකුත් හාස්‍යජනක ප්‍රකාශ කරමින් පසුව සිනා සී ඇති අතර,අදාළ වයෝවෘද්ධ නිලධාරිණියද සභාපතිණියගෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගේ සැබෑ රූපය සගවමින් ක්‍රිඩාවේ අනාගත බලාපො‍රොත්තු යට ගසමින් ගත් මුග්ධ තීරණය සදහා එම ක්‍රීඩිකාව පිළිබදව සභාපතිණිය තුළ ඇති කළ ප්‍රතිරූපයේ ප්‍රබලත්වය කියා පාමින් සිය හැකියාවන් ගැන උදම් අනා තිබෙනවා.
www.supirikrida.com

COOKSON පාපැදි මුල් පුටුවට


පසුගිය දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වූ ජාත්‍යන්තර පා පැදි පරිපාලනයේ මුල් පුටුව වෙනස් කරමින්  එහි නව හිමිකාරීත්වය දිනා ගන්නට බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් කුක්සන් සමත් වුණා.ඒ හිටපු සභාපති පැට් මැක්ක්වේඩ්ට වඩා වැඩි ඡන්ද තුනකින් එම තනතුර සදහා වූ තරගය ජය ගනිමින්.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගමයක් වන ජාත්‍යන්තර පාපැදි සම්මේලනය, පසුගිය කාලයේ ජාත්‍යන්තර වාඩා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වූ ක්‍රීඩා පරිපාලන ඒකකයක් බවට පත් වුණා.විෂේශයෙන් ලාන්ස් ආමස්ට්‍රෝ‍න්ගේ සුපිරි පාපැදි ජීවිතය තහනම් උත්තේජන චෝදනා සමග දිය වි යාමේදි ඇති වූ ගැටළුකාරී තත්ත්වය හමුවේ මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර කුක්සන් බලයට පත් වීමෙන් පසුව පාපැදි ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස තහනම් උත්තේජන වලට එරෙහිව වාඩා ආයතනය සමග එක්ව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පොරොන්දු වි තිබෙනවා.




78 වැන්නා 104 වැන්නාට පරදියි

එක්සත් අරාබි එමීර් හී  ක්‍රියාත්මක 17 වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේ පළමු දිනයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දී පිරිමි කණ්ඩායම් අතර අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.‍වොලි‍බෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හැදින්වුව ද,ලොව අංක 104 ට ශ්‍රේණි ගතව සිටින ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 25 - 21,25 - 15 සහ 25 -19 ක් ලෙස මෙම තරගය වට 3 - 0 ක් ලෙස ජයග්‍රහණය කිරීම කැපී පෙණුනා.කාණ්ඩ අ‍ටකට බෙදා තරගාවලියේ මූලික තරග පැවත්වෙන අතර ශ්‍රී ලංකාව තරග වදින ඊ කාණ්ඩයට අයත් වන කණ්ඩායම් තුන අතර සිටින ලොව අංක 19 ට ශ්‍රේණිගත කර තිබෙන ජපාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ හෙට එරට වේලාවෙන් පස්වරු 4 .00 ට යි.
තරගාවලිය අරඹමින් ඊයේ (28) පැවති තරග වලදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය වට 3 - 1 ක් ලෙස පරාජය කරන්නට සමත් වු අතර වට 3 - 1 ලෙස බහරේන් කණ්ඩායම මියන්මාරය පරාජය කරන්නට ද සමත් වුණා.ජගත් පිරිමි වොලිබෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ආසියාතික කණ්ඩායම ලෙස 11 වන ස්ථානයේ පසුවන ඉරානයට ආරම්භක දිනයේ හමු වූ ප්‍රතිවාදියා වූයේ කසකස්තානය යි.ඉරානය කසකස්තානය ට එරෙහිව වට - 3 - 0 ක ජයක් ලබන්නට සමත් වුණා.ඊට අමතරව ඊයේ පැවති තරග වලදී චීන තායිපේ කණ්ඩායම සහ ඉරාකය ද සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වට  3 - 0ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළ අතර පිළිවෙලින් එම කණ්ඩායම් දෙක ඉදිරියේ සවුදි අරාබියාව සහ ඇෆ්ගනිස්තානය පරාජයට පත් වුණා.
www.supirikrida.com

Sep 28, 2013

දැල් පන්දු තේරීම් කමිටුව හණ මිටි බදියි

නේෂන් කුසලානය සදහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී දැල් පන්දු තේරීම් කමිටුව වසර ගණණක් ජාතික තලයේ ප්‍රධාන තරගාවලි අත්දැකීම් නැති ක්‍රීඩිකාවන් පළිබදව විශ්වාස තැබීමටත්,ඔවුන්ට අභියෝගයක් විය හැකි ක්‍රීඩිකාවන් සංචිතයෙන් කපා දැමීමටත් පියවර ගෙන ඇත.ලක්ෂ්මි ව්ක්ටෝරියා යනු ලාංකේය දැල්පන්දුවේ වෙනසක් කළ හැකි පරිපාලනයක් සිදු කරනු ඇතැයි සිතිය හැකි බොහෝ ගති ලක්ෂණ විද්‍යාමාන කළ ද,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ චරිත අයත් කුස්සියේ පරණ කුණු ගොඩට අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව පැත්තෙන් ලැබෙන තල්ලුවට හිර වී ස්වීය ප්‍රතිපත්ති සහ යථාර්තය යටත් කර ගැනීමේ තත්ත්වයට ඇය ක්‍රමයෙන් තල්ලු වෙමින් ඇත.
දැල් පන්දු පරිපාලනයේ ප්‍රධානියා ලෙස නිරන්තරයෙන් තීරණ ගැනීමේදී ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගැනීම සදහා ඇය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍ර වලට සිර වී සිටින බව පැහැදිළි අතර ඇයම  නිරන්තරයෙන්ම තීරණ ගැනීමේදී අමාත්‍යවරයාගේ සහ සංවර්ධන දෙපාර්තමේනතුවේ අභිමතය සළකා බලන බව කිහිප විටකදීම ප්‍රකාශ කර ඇත.
නමුත් ආසියාවටම සේවය කිරීම වගකීම වී ඇති නිලධාරිණියක දේශපාලන භූමිකාවක සහ එහි නායකත්වය ඇති දේශපාලන කාර්යාලයක් බවට පත් වෙමින් තිබෙන ආයතනයක තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ක්‍රීඩාවටනම් උචිත වන්නේ කැති බව පැහැදිළිය.
මෙවර නේෂන් කුසලාන තේරීම සදහා වන තේරීම  වර්ථමාන දැල් පන්දුවේ කඩා වැටීම ආරම්භ කිරීමට මූලික වූ චරිත කිහිපයක ආධිපත්‍යය විසින් ගිල ගැනීම පැහැදිළිව දැකිය හැකිය.විෂේශයෙන්ම මෑත කාලයේ මතක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය වන 2009 ආසියානු කුසලානය දිනා ගැනීම සදහා ක්‍රීඩා කළ දැල්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨතම ජයග්‍රහණය ලබා දුන් කණ්ඩායමය.ඊට ප්‍රතිචාර ලෙස අනතුරුව වෙනස් වූ දැල් පන්දු පරිපාලනය එහි උප සභාපතිවරියක වූ යසා ප්‍රේමචන්ද්‍ර මූලික කර ගනිමින් නව පුහුණුකාරිය තේරීමේ ක්‍රමවේදය සකස් කළ අතර එහිදී සූරතාවය ගෙන ආ පුහුණුකාරිය වූ තිලකා ජිනදාසට එම තනතුර අහිමි වී ඒ සදහා හයසින්ත් වි‍ජේසිංහ පත්වන ආකාරයට ක්‍රමවේදය සකස් කිරීමේ කාර්යයේ ප්‍රධානතම කාර්ය භාරය ඉටු කළේ යසා ය.ඒ සදහා එවකට සම්මේලනයේ ලේකම්වරිය ලෙස අවශ්‍යය පරිපාලන සහය ලැබුණේ දමයන්ති ජයසූරියගෙන් ය.
විෂේශයෙන් දමයන්ති ජයසූරිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද දෝශ දර්ශනයට ලක් වූ අතර නමුත් අමාත්‍යවරයා සහ ක්‍රීඩාව ඒ මොහොතේ පරාජයට පත් කරමින් තිලකා වෙනුවට හයසින්ත් සම්ප්‍රාප්ත වීම සිදු විය. අනතුරුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ඊට සම්බන්ධ සහ සම්බන්ධව සිටි පිරිස් ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධාව භූමිකාවන් බවට පරිවර්ථනය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව සිදුවන තත්ත්වයට පත් විය.ඒ අනුව යසාලගේ ආශිර්වාදාත්මක භූමිකාවන් බවට පත් වූ අතර ඇය වරෙක ජාතික කණ්ඩායමේ පුහුණුකාරිය වන්නට තරම් ප්‍රබල වූ අතර ඒ නිසාම ජාතික තලයේ ප්‍රබල ක්‍රීඩිකාවන් විවිධ හේතූන් කියමින් කණ්ඩායමෙන් ඈත් ව සිටින්න ද උත්සාහ කළාය.
මෙවර තේරීමේ මුල් පුටුව යසා ට යළි ලැබෙන්නේ ඒ ආශිර්වාදය ඔස්සේය.ඒ ආශිර්වාදය ඔස්සේ  තිලකා සංහාරයේ දී පරිපාලන ආශිර්වාදය ලබා දුන් ලේකම්වරියට  නැවත ක්‍රීඩි කිරීමට ඇති දොල සංසිදු වීම යසා භාර ගන්නේ විශාල කැමත්තකින්ය.ඒ සදහා හිටපු ලේකම්වරියට අවශ්‍යය පසුබිම සකසා ගැනීමට අවශ්‍යය මාධ්‍ය මෙහෙයුමක් ද හිටපු ලේකම්වරියගේ දායකත්වයෙන් ඇය සිදු කර ගන්නා අතර ඒ මෙහෙයුම මත යසා සිය විශ්වසනීයත්වය තහවුරු කර ගනිමින් දමයන්ති ජයසූරිය නම් හිටපු ලේකම් වරියට යළි දැල් පන්දු කණ්ඩායමට පැමිණිමේ අවශ්‍යයතාවය වෙනුවෙන් මාවත හෙළි පෙහෙලි කර දෙන්නේය.
ගෙවුණු දැල් පන්දු ආසියාතික කණිෂ්ඨ සූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස දැල් පන්දු පරිපාලනය මාධ්‍යයට ප්‍රකාශ කළ දුලංගි චමත්කා වැනි ක්‍රීඩිකාවන්ද ඒ අවශ්‍යයතාවයේ ගොදුරක් වී ඇත.විෂේශයෙන් දමයන්ති ජයසූරිය ක්‍රීඩා කරන ස්ථානයට තරග වදින දුලංගි,ගුවන් හමුදාව නියෝජනය කරන සමන්ති මෙන්ම දැල් පන්දු පරිපාලනය විසින් පැවත් වූ තරගාවලියේ දීම දක්ෂතම සෙන්ටර් ක්‍රීඩිකාව වූ ජයමාලි ද මෙම අභියෝගය කිරීම සදහා අවසන් සංචිතයට තෝරා නොගැනීමට යසා අවශ්‍යය නායකත්වය දෙන්නේය.
තේරීම් සදහා සහභාගි වූ අයගේ තොරතොරු වලට අනුවම දුලංගි පරිපාලනය විසිනි ශ්‍රී ලංකාව විසින් මෑතකදී සොයා ගත් ප්‍රබලතම සෙන්ටර් ක්‍රීඩිකාවක් ලෙස ප්‍රසිද්ධ කරමින් සිටියදී යසා ගේ තීරණය වන්නේ ඇය වින්ග් ඇටෑක් යන ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බවය.තේරීම් ආරම්භ කරන්නේම මෑත කාලයේ දැල් පන්දු පරිපාලනය විසින් සොයා ගත් විශිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙස පතුරු ගසපු යොවුන් ක්‍රීඩිකාව කැපි පෙනෙන ස්ථානයෙන් ඉවත් කර ක්‍රීඩා කිරීමට යොදවමින්ය.
තේරීම් කමිටුව ද පරිස්සම් වන්නේ යසාට ඇති බලය පිළිබදව හොදින් දන්නා නිසා තමන් කුමන තීරණයක් ගත්තද,තේරීම් කමිටුවේ බහුතරය ලෙස ක්‍රීඩා පරිපාලනය සළකන්නේ යසා බව දන්නා නිසාය.එසේම සෘජුවම ඇයට එකග වන ඇයගේ සංවර්ධන දෙපාර්තමේන්තු ජීවිතය තුළ එකට කටයුතු කළ චන්ද්‍රානි පතිරාජ ද එහි වන්නේය.මේ සියළු දෙනාම අවශ්‍යය විටෙක ක්‍රීඩා පරිපාලනයට අවශ්‍යය ආකාරයට සකසා ගත හැකි නමනීය චරිතය.එසේ නොවන තේරීම් කමිටුවක් දකින්නට ලැබුණේ ඉකුත් ආසියාතික තරගාවලිය තුළ පමණක් වූ අතර එයම එම තේරීම් සංයුතිය එක දිගට නොරදවා ගැනීමට ද හේතුවක් විය.
කෙසේ හෝ මේ වන විට නේෂන් කුසලානය සදහා සහභාගි වන කණ්ඩායමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය ඉකුත් යොවුන් ආසියාතික සූරතාවලිය හරහා ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ අලුත් තර බලාපොරොත්තුව දුලංගි චමත්කා නැත.නමුත් ඒ වෙනුවට එම තරගාවලියේ එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට නුසුදුසු වූ පිරිස් කණ්ඩායමේ සිටින්නේය.
කියන්නට ඇත්තේ එකකි.කවුරුන් වෙනස් වුව ද ක්‍රීඩාවේ ප්‍රධාන පරිපාලන යාන්ත්‍රණය මොන බෝතලයේ හැඩයෙන් අලුත් වී පැමිණියද,ඒවාට පුරවන්නට සකස් කර ගෙන සිටින අරක්කු වඩිය වෙනස් කරන්නේ නැත.ඒ නිසා පදම එකමය.ඉරණම වෙනමය.තමන්ට අවශ්‍යය කෙනා ක්‍රීඩා කිරීම දක්වා ග්‍රෝත්‍රික මානසිකත්වයන්ට ඉහළ පුටු පිරිනැමීමට ආශිර්වාද කිරීම හරහා පැහැදිළි වන්නේ ක්‍රීඩාවේ මෙහෛයුම් කාර්යය අලුත් ඇදුම් පැළද ගත්තද,නටන්නේ පරණ ග්‍රෝත්‍රික නැටුම්ම බවය.මේ තත්ත්වය තුළ දමයන්තිට නැවත නායකත්වය හිමි වීම හෝ යසාට පුහුණුකාරීත්වය හෝ උපදේශක පුහුණුකාරීත්වය හිමි වීම අසාමාන්‍ය දෙයක් නොවන අතර ලක්ෂ්මි වික්ටෝරියාගේ කාර්ය භාරය එවැනි තීරණ වලට අනුමත අත්සන යෙදීම දක්වා පටු වීම ඇය වැනි පුළුල් පරිපාලන මෙහෙයුමක් ඇති නිලධාරිනියක් පිලීබද අනුකම්පා සහගත හැගීමක් ඇති කිරීමක්ය.
මලල ක්‍රීඩාවේ සචිත් මධුරංගලා ගේ පෝලිමට දැල් පන්දුවෙන් එක් වන පිරිස බවට දුලංගි ලා එක් වීම නූතණ ක්‍රීඩාවේ දේශපාලන ආශිර්වාදය ඇතිව සිදු වීම වැළක්වීමට යමක් කළ හැකිද යන්න සැක සහිතය.මන්ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට බෘනායි හී දී කුමක් සිදු වූවේද යන්න නෙරෙහසක් නොවන්නේ ඇය ද එම සංචාරයේ නිරත වූ බවකි.එහෙත් න්‍යාය පත්‍රය සකස් කිරීමේදී එම කාරණා ඇතුළත්ව නැතිනම් ඇය කොහෙද යන්නේ මල්ලෙ පොල් මට්ටමේ පිළිතුරු බැදීමෙන් මේ ප්‍රශ්නයෙන් ලිස්සා යන බව ද පැහැදිළිය.
www.supirikrida.com