එක්සත් අරාබි එමීර් හී ක්‍රියාත්මක 17 වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේ පළමු දිනයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දී පිරිමි කණ්ඩායම් අතර අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හැදින්වුව ද,ලොව අංක 104 ට ශ්‍රේණි ගතව සිටින ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 25 - 21,25 - 15 සහ 25 -19 ක් ලෙස මෙම තරගය වට 3 - 0 ක් ලෙස ජයග්‍රහණය කිරීම කැපී පෙණුනා.කාණ්ඩ අටකට බෙදා තරගාවලියේ මූලික තරග පැවත්වෙන අතර ශ්‍රී ලංකාව තරග වදින ඊ කාණ්ඩයට අයත් වන කණ්ඩායම් තුන අතර සිටින ලොව අංක 19 ට ශ්‍රේණිගත කර තිබෙන ජපාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ හෙට එරට වේලාවෙන් පස්වරු 4 .00 ට යි.
තරගාවලිය අරඹමින් ඊයේ (28) පැවති තරග වලදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය වට 3 - 1 ක් ලෙස පරාජය කරන්නට සමත් වු අතර වට 3 - 1 ලෙස බහරේන් කණ්ඩායම මියන්මාරය පරාජය කරන්නට ද සමත් වුණා.ජගත් පිරිමි වොලිබෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ආසියාතික කණ්ඩායම ලෙස 11 වන ස්ථානයේ පසුවන ඉරානයට ආරම්භක දිනයේ හමු වූ ප්‍රතිවාදියා වූයේ කසකස්තානය යි.ඉරානය කසකස්තානය ට එරෙහිව වට - 3 - 0 ක ජයක් ලබන්නට සමත් වුණා.ඊට අමතරව ඊයේ පැවති තරග වලදී චීන තායිපේ කණ්ඩායම සහ ඉරාකය ද සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වට 3 - 0ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළ අතර පිළිවෙලින් එම කණ්ඩායම් දෙක ඉදිරියේ සවුදි අරාබියාව සහ ඇෆ්ගනිස්තානය පරාජයට පත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment