ශ්‍රී ලංකාව ඊයේ පරාජය ලැබූ ජපානය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 19 වන ස්ථානයේ පසු වන අතර අද ශ්‍රී ලංකාවට හමු වන්නේ ලොව අංක 16 ට ශ්‍රේණිගත ව සිටින චීනය ය.එසේම ශ්‍රී ලංකාව හෙට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 53 වන ස්ථානයේ පසුවන චීන තායිපේ කණ්ඩායම හමු වීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේය.
චීන තායිපේ මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් හී 53 වන ස්ථානයේ පසුවන කටාරය ඊයේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 30 වන ස්ථානයේ පසුවන ඉන්දියාව වට 3 - 2 ක් ලෙස පරාජයට පත් කරමින් පෙරළියක් සිදු කිරීමට සමත් විය.මේ අතර ඊයේ වන විට කාණ්ඩ අටක් යටතේ ක්‍රියාත්මක වූ මූලික වටයේ තරග නිමා වට පත් වී තිබූ අතර එම ප්‍රතිපල අනුව ශ්‍රේණිගත කිරීම් තරග වලදී මියන්මාරය,ඇෆ්ගනිස්ථානය,කුවේට්,සවුදි අරාබියාව සහ විෂේශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලබන්නට වීම නිසා ලොව අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය ද තරගාවලියේ අවසාන කණ්ඩායම් 5 දක්වා පහත බැස ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ජපාන කණ්ඩායමය.
www.supirikrida.com
No comments:
Post a Comment