2011 වසරේදී ෆ්‍රැන්ක්පර්ට් මැරතන් ඉසව්ව පැය 2:03:42 කින් නිමා කරමින් විල්සන් සිය හොදම කාලය වාර්තා කර තිබූ අතර එය ඔහුගේ නව වාර්තාවෙන් පසුව සකස් වන නව පෙළගැස්මේ තෙවන හොදම කාලය හැටියට වාර්තා වෙනවා.අවස්ථා කිහිපයකදීම 2:05 ට අඩුවෙන් මැරතන් ඉසව්ව නිමා කරන්නට සමත් වී ඇති විල්සන් බර්ලින් ජයෙන් පසුව ප්‍රකාශ කරන්නට යෙදුණේ තමන් කාලයක් බලාපොරොත්තුව සිටි වාර්තාවත් සමග ජයග්‍රහණය කරන්නට ලැබීම පිළිබදව අතිශයින් සතුටට පත්වන බවයි.
තරගයේ කාන්තා අංශයේ ජයග්‍රහණ ද කෙන්යාවට හිමි වූ අතර එහිදී ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණේ ෆ්ලොරන්ස් කිප්ලැගට්.2011 වසරේ හේලි ගෙබ්රලාසි සතුව තිබූ මැරතන් ලෝක වාර්තාව ගෙබ්රලාසිට පමණක් නොව දුර දිවීමේ කීර්තිධරයන් බිහි කළ ඉතියෝපියාවට ද අහිමි කළ ප්‍රැට්‍රික් මැකූ පැය 2:0:38 කින් මැරතන් ඉසව්ව අවසාන කරමින් ලෝක වාර්තාව කෙන්යාව සතු කළා.ඒ අඩි පාරේ යමින් විල්සන් මැකූගෙන් එම ලෝක වාර්තාවේ අයිතිය උදුරා ගන්නට සමත් වුව ද,තව දුරටත් මැරතන් ලෝක වාර්තාවේ කීර්තිය කෙන්යාව සතු කර තබා ගන්නට සමත් වුණා.එසේම මැකූ ලෝක වාර්තාවට හිමි කම් කීවේ ද,ඉන් පෙර පැවති ලෝක වාර්තාවේ හිමිකාරීත්වය හේලි ගෙබ්රලාසි සතු වූවේ ද මෙම බර්ලින් මැරතන් තරගයෙන්ම වීමත් බර්ලින් මැරතන් තරගයේ වේගවත් බව පිළිබද කදිම සාක්ෂියක් වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment