Aug 9, 2013

20/20 සවිමත් කිරීමට අල්ට්‍රාටෙක් සිමෙන්කි යොදයි

දේශීය ක්‍රිකට් පිටිය ආශ්‍රිතව ඇරඹීමට නියමිත 20 / 20 තරගාවලිය සදහා අනුග්‍රහය ලබා දීමට අල්ට්‍රාටෙක් සිමෙන්ති ඉදිරිපත් වී සිටියි.සුපිරි සිව්කොන් 20/20 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අල්ට්‍රාටෙක් සිමෙන්කි පත් වෙද්දී තරගාවලියේ දේශිය රූපවාහිනි ප්‍රචාරණ කටයුතු සදහා ඉදිරිපත් වන්නේ සීඑස්එන් රුපවාහිනි නාලිකාවයි.එහි ජාත්‍යන්තර විකාශ කටයුතු භාරව සිටින්නේ ටෙන්ස්පෝර්ට්ස් නාලිකාවයි.තරගාවලිය ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අගොස්තු 10 සිට 17 දක්වා පැවත්වීමට නියමිතය.


www.supirikrida.com

තායිපේ සිටි තරගාවලියට ලංකාවෙන් හයක්!

RS Kumarasinghe.JPG Prabashwara (2).JPG Jayalath.jpg Gayan Jayaweera (2).jpg Erandhi Silva (3).jpg
Kosala Nilnimi .jpgතෙවන වරටත් චීන තායිපේ හී පැවත්වීමට නියමිත තායිපේ සිටි කුසලාන බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතයි.අගෝස්තු 15 සිට 19 දක්වා පැවත්වෙන මෙම තරගාවලිය සදහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේපීජීඑස් කුමාරසිංහ (කිග්‍රෑ.60) ,ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒපීසීඒජයලත් (කිග්‍රෑ.64),එක් වන අතර සෙසු දෙදෙනා වන එන්ජීඑස් ජයවීර සහ මලිදු ප්‍රබාෂ්වර  මාස් සාමාජිකයෝ වෙති.ඒ අතරින් තරගාවලිය සදහා තෝරා ගැනීම් තරගාවලිය ලෙස සැළකූ ලේටන් කසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේද ප්‍රභාෂ්වරයි.
මෙම තේරීම් සදහා බල පෑ ලේටන් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකාව වූ කෝසලා නිල්මිණි සහ එරන්දි සිල්වා තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් දෙදෙනා වෙති.එම දෙදෙනාද මාස් පවුලේ සාමාජිකාවෝය.
තරගාවලියේ පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ කුමාර එක් වන අතර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වන්නේ චම්පික මාතරආරච්චිය.කණ්ඩායම් භාර නිලධාරි ලෙස කර්නල් හේමන්ත වීරසිංහ සංචාරයට එකතු වන අතර තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සහභාගි වීම සදහා බන්දුල ගමගේ සහ වින්ධ්‍යා රෝෂිණි  එක් වෙති.
www.supirikrida.com

17 න් පහළ ක්‍රීඩකයන්ට ලක්ෂය බැගින්

එංගලන්තයේ තරග සංචාරයක් සදහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයනට සුභසාධන සහ පෝෂන දිරි දීමනාවක් ලෙස රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු කළා.ඊයේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් සිදු කරමින් පැවත් වූ සුළු උත්සව අවස්ථාව තුළ මෙම මුදල් පරිත්‍යාගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානි කාල්ටන් බර්නාඩ්ස් විසින් සිදු කරන්නට යෙදුණා.ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ පරිත්‍යාග මුදල ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම් නායක චාමික කරුණාරත්න වෙත කාල්ටන් බර්නාඩ්ස් විසින් පිරිනැමූ අවස්ථාවයි.
www.supirikrida.com

බස්නාහිර මේස පන්දු සූරතාවය මොරටු සරසවියේදී


ස්නාහිර පළාතේ පදිංචිකරුවනට පමණක් සහභාති විය හැකි බස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලිය අගොස්තු 22 සහ 23 යන දෙදින තුළ මොරටුව නව සරසවි ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වීමට කටයවුතු යොදා ඇත.මෙම තරගාවලියට සමගාමීව ළමා මේස පන්දු තරගාවලියක් අතුළත් මේස පන්දු ක්‍රීඩා සැණකේලීයක් ලෙස මෙය පැවත්වීමට ද කටයුතු සම්පාදනය කර ඇත.

තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීම අගෝසතු 15 ව දා අවසන් වන අතර 18 දා තරග සැළසුම ඉදිරිපත් කිරීමට නියමිතය.වැඩි විස්තර සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරිරික ක්‍රීඩා අංශයේ සම්බන්ධිකරණ නිලධාරි සමුදිත ඉෂාන් සමග 0717402226 යන දුරකතනය ඔස්සේ සම්බන්ධ වීමට හැකිය. 

NOR LANKA ක්‍රිකට් සැණකෙළිය සරා පිටියේදී

            
NOR LANKA ආයතනය වාර්ෂිකව සිය ආයතනික සේවක සේවිකාවන්ගේ දායකත්වය ඇතිව පවත්වන අන්තර් සේවක අංශ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙවරත් උත්සවාකාරයෙන් කොළඹ සරවනමුත්තු පිටියේදී පැවත්වීමට සූදානම් කර ඇත.විනෝදාස්වාදය පිණිස වන සංගීත කණ්ඩායම් ආදිය සහභාගි කරවමින් එදින දවස පුරා පැවත්වීමට නියමිත මෙම තරගාවලිය සදහා NOR LANKA ආයතනයේ විධායක ශ්‍රේණියේ සිට සියළුම සේවක සේවිකාවන් දායක වන අතර ආයතනික ප්‍රධානින් තරගාවලිය සාර්ථකව පවත්වමින් සිය සේවක සේවිකාවන්ට උපරිම වින්දනයක් ලබා දීම පිණිස දක්වන දායකත්වය නිසා තරගාවලිය මෙවරත් ඉතා ඉහළින් පැවත්වීමට හැකි වනු ඇති බව ආයතනයේ වානිජ කළමණාකරු සරත් වන්නිආරච්චි සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසීය.

Aug 8, 2013

20/20 තරගාවලිය 10 දා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙහෙයවන 2013 20/20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 10 දා අරම්භ වීමට නියමිත අතර 17 දා දක්වා තරගාවලිය පැවත්වේ.තරගාවලිය සදහා තෝරාගත් කණ්ඩායම් 4 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කර ඇත.බස්නාහිර ග්‍රීන්,උතුර යෙලෝ,කදුරට මෙරූන්ස් සහ රුහුණ රෙඩ් ලෙස නම්  කර ඇති මෙම කණ්ඩායම් හතරට පිළිවෙලින් නායකයන් ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න සහ ලසිත් මාලිංග ය.
බස්නාහිර කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාවන් අතපත්තු නම් කර ඇති අතර උතුර යෙලෝ කණ්ඩායම පුහුණු කරනු ලබන්නේ රුවන් කල්පගේය.චමින්ද වාස් ‍ගේ පුහුණු උපදේශකත්වයෙන් කදුරුට මෙරූනස් කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසෙන අතර රොමේෂ් කළුවිතාරණ විසින් රුහුණ රෙඩ් කණ්ඩායම පුහුණ කරනු ලබයි.a=v&pid=gmail&attid=0.1&thid=140586f360087758&mt=application/vnd.openxmlformats-officedocument.spreadsheetml.sheet&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.1%26disp%3Dsafe%26realattid%3Df_hk2fa5ox0%26zw&sig=AHIEtbQgHg_qmHFPa2xnFOhG6RIisHwFdQ
ඉහත සම්බන්ධයෙන්ද තරග කාල සටහන https://docs.google.com/viewer?a=v&pid=gmail&attid=0.2&thid=140586f360087758&mt=application/vnd.ms-excel&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.2%26disp%3Dsafe%26realattid%3Df_hk2facwy1%26zw&sig=AHIEtbQvm2dQPU-uawTdFMrbt8KNy7XWMg
මේ සමග වන සම්බන්ධයෙන්ද ලබා ගැනීමේ හැකියාව ඇත.
www.supirikrida.com

Aug 7, 2013

වෙන්ඩ්රාසපුරම් ජාතික පාසලේ බාලිකාවෝ අනු සූරතාවය දිනති

 මෙවර කණිෂ්ඨ බාලක සහ බාලිකා බොක්සිං තරගාවලියේදී සම අනූ සූරියන් ලෙස කිරුළු පළදින්නට වෙන්ඩ්රාසපුරම් ජාතික පාසලේ ක්‍රීඩිකාවන් සහ පිළිමතලාව මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩිකාවන් සමත් වූහ.සූරතාවය හිමි වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය විසින්ය.බාලක සූරතාවය හිමි වූයේ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨයටය.අනූ සූරතාවය හිමි වූයේ මහනුවර විද්‍යාර්ත විද්‍යාලයට ය.
තරගාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කඩුගන්නාව ජාතික පාසලේ කේජිකේඒ කපුකොටුව තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පීඑච්ආර් චාමිකය.
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වේයන්ගොඩ  බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අයිඩීආර්එස් තිලකරත්නය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ස්වර්ණජෝති ජාතික පාසලේ එච්ඒ විජේරත්න ය.
www.supirikrida.com