Jul 20, 2013

ඇන්ජලෝගෙ තැන ඇන්ජලෝටම?

Angelo Perera trains during a practice session in Pallekele
අද පැවත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක් දින තරගයේ දී නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හිස්වන ස්ථානය ඇන්ජලෝ පෙරේරාට හිමි විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.කොදෙව් දූපත් හී පැවති තුන් කොන් තරගාවලියේ අවසාන තරගයේදී නියමිත වෙලාව තුළ පන්දු වාර 50 නොයැවීම පිළිබදව එල්ල වූ චෝදනා හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කරනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
23 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර මෙම තරග සංචාරයේ ක්‍රියාත්මක වූ එකම පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද ඇන්ජලෝ පෙරේරායි.මේ දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක් 20 -20 තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙන ඇන්ජලෝ අද තරගය සදහා නම් කළහොත් එය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක් දින තරගය වෙනවා.

ඉන්දියාවේ උත්සාහය රන් පදක්කම් 10 ම ගැනීම

අද ( ජූලී 20)පෙරවරු 10 ට තරග ඇරඹෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමාරම්භක උළෙල පසුවරු 4.30 ට පැවත්වීමට නියමිත අතර මෙවරත් දකුණු ආසායාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලිය ආශ්‍රිතව පිරිනැමෙන රන් පදක්කම් 10 ම දිනා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව බව ඉන්දීය මේස පන්දු වාර්තා සනාත කරනවා.නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක තරගාවලියේ කණිෂ්ඨ අංශයෙන්කේවල බාලක බාලිකා,යුගල බාලක බාලිකා සහ කණ්ඩායම් බාලක සහ බාලිකා සූරතාවය ලෙස රන් පදක්කම් පහක් සදහා තරග පැවත්වෙන අතර කැඩෙට් අංශයෙන්ද ඒ ආකාරයටම රන් පදක්කම් 5 ක් සදහා තරග පැවත්වෙනවා.
කණිෂ්ඨ සහ කැඩේට් අංශයේ බාලක තරග සදහා රටවල් හය බැගින් ඉදිරිපත් වී සිටින අතර බාලිකා අංශයේදී කණ්ඩායම් තුන බැගින් ඉදිරිපත් වී සිටිනවා.පිරිමි අංශයේදී ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකට බෙදා මූලික වටයේ තරග ක්‍රියාත්මක වන අතර කණිෂ්ඨ බාලක තරග වලදී ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලාදේශය සමග බී කාණ්ඩයෙන් තරග වදිනවා.ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පකිස්තානය සහ භූතානය තරග වැදීමට නියමිතයි. මෙම කාණ්ඩ දෙකේම මූලික තරග අදත් කණිෂ්ඨ බාලක කණ්ඩායම් සූරතාවය තීරණය කරන තරග හෙටත් පැවත්වෙනවා.
කැඩේට් අංශයේ බාලක තරග වලදී ද ශ්‍රී ලංකාව තරග වදින්නේ බී කාණ්ඩයෙන් වන අතර එහිදී බී කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වන්නේ නේපාලය සහ භූතානය යි.ඒ කාණඩයෙන් ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය තරග වදිනවාතකලාපීය සූරයා ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර අනතුරුව ලාංකේය කණිෂ්ඨ සහ කැඩෙට් කණ්ඩායම් ප්‍රබල තත්ත්වයක සිටින අතර කණ්ඩායම් තරග වලදී අවසාන තරග සදහා ඉන්දියාවට එරෙහිව තරග වැදීමේ අවස්ථාව බොහෝ විට ශ්‍රී ලංකාවට හිමි වීමට ඉඩ තිබෙනවා.
අවුරුදු 15 න් පහළ බාලක තරග අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන උදය රණසිංහ ට ඉන්දියාවේ රන් මල්ලේ බර සැහැල්ලු කිරීමට හොද අවස්ථාවක් තිබෙන බව පෙනෙන අතර මෙම තරගාවලියට සහභාගි වන ලාබාල ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ජාතික තලයේදී ඉදිරියෙන් සිටි ජිත්‍යන්තර තරග අත්දැකීම් ඇති අය වීම ශ්‍රී ලංකාවට ලැබෙන අමතර වාසියක් වනු ඇති.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා මේස පන්දු පරිපාලනයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.මෙම අවස්ථාවට තරගාවලියේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහය දක්වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව නියෝජනය කරමින් සහභාගි වූ එම බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් ද එක් ව සිටියා.
www.supirikrida.com

Jul 19, 2013

රමිත්ට දඩුවම් පැමිණිම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්?

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සිට පැමිණෙන අතරතුර ගුවන් යානයේ බීමතින් හැසිරුණු බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලට දැඩිව අවවාද කර තරග මුදලින් සියයට 50 ක් අය කර ගැනීමටත් තීරණය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.රමිත් මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා තිබුණේ තමන් නිදි මතින් ඇවිදි බවයි.එවැනි සෞඛ්‍ය ගැටළුවකින් ඔහු කුඩා කල සිටම පෙළෙන බව ද ඔහු පවසා තිබුණා.එය සත්‍ය්‍යක් නම් මෙසේ දඩුවම් කිරීම අසාධාරණයි.රෝගී තත්ත්වයක් නොසළකා හැර දඩුවමට ලක් කිරීම මානුෂික ස්වභාවයක් ලෙස ගත නොහැකියි.එසේම හීනයෙන් ඇවිදීම වැනි රෝගී තත්ත්වයක් වේනම් ඒ සදහා නිට්ටාවට සුවපත් බවට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව විදේශ සංචාර සදහා රැගෙන යාමද භයානක විය හැකියි.
එසේම රමිත් ගේ පියා වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයන් පවසන පරිදි රමිත් කිසි දිනෙක මත්පැන් පානය කර නැහැ.රජයේද මාධ්‍යයට නිල ප්‍රකාශ නිකුත් කරන්නා වන ඔහු කිසි විටෙක අසත්‍ය්‍යක් ප්‍රකාශ කරා වි යැයි නොසිතිය හැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් මේ තීරණය ගැටළුකාරී වන අතර ඔහු ගේ නිර්දෝෂිභාවය පිළිගෙන  ඔහු මානසික වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර හීනෙන් ඇවිදීමේ රෝගය නිට්ටාවටම සුව වන තුරු සංචාර සදහා යොදා නොගෙන සිටීම වෙනුවට මෙම දඩුවම ඔහු බීමත්ව අවිනීත ලෙස හැසිරුණු බවක් ප්‍රකාශ කිරීම දෙවරක් කල්පනා කළ යුතුව තිබෙනවා.
එසේම මෙම දඩුවම් ලබා ‍දීම හරහා වරදක් කර තිබෙන බවක් ඒත්තු යාමෙන් කිසිවක් නොදන්නා ඉහළ වෘත්තියක නියැලෙන අවුරුදු 26 ක යුවතියක් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ පුතෙකු බීමත්ව සිටි බව කියමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරීම දෙමළ ඩයස්පෝරාව සමග කරන ලද කුමන්ත්‍රණයක්දැයි සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක පරීක්ෂනයක් ඉල්ලා නඩු පැවරීමට තිබූ අවස්ථාවද අහිමිව යනවා.මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රමිත් රඹුක්වැල්ලගේ පියා ඔහුට දඩුවම් පැමිණ වූ පරීක්ෂණ මණ්ඩලය පිළිබදව සොයා බැලීමට සහ ඔවුන්  ලංකාවට එරෙහි කුමන හෝ ජාත්‍යන්තර සංවිධානයක හවුල් කරුවන්දැයි සෙවීමටත් ජනාධිපතිවරයාගෙන් යම් කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි සිතිය හැකියි.
www.supirikrida.com

ජාතික ක්‍රීඩා මැරතන් තරගයේදී ක්‍රිෂාන්තිනි ට වෙට්ටු දැමුවත් යොවුන් ක්‍රීඩා උළෙලේදී වාර්තාවක් සමග ජය ගනියි


             

පොළොන්නරුවේ පැවති 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා අර්ධ මැරතන් තරගය නව තරග වාර්තාවක් සමග ජය ගන්නට මහනුවර දිස්ත්‍රික්කයේ පී ක්‍රීෂාන්තිනී සමත් වූයේ පැය 1:22:29 ක කාලයක් වාර්තා කරමින්ය.ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරගයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකොට ඇයගේ ජයග්‍රාහී ස්ථානය අහෝසි කිරීමට කටයුතු කළ බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් තරගවනිශ්චයට සහ සංවිධායක කමිටුවටත් චෝදනා එල්ල වෙමින් පවතින අතර එවැනි වාතාවරණයක එහි උණුසුම  තවමත් විහිදෙමින් පවතින අතරේ ක්‍රිෂාන්තිනී ලද ජය ඇයගේ දක්ෂතා පිලිබද දෙන ලද අපූරු සහතිකයකි.කාන්තා මැරතන් දෙවන හා තෙවන ස්ථාන පුත්තලම දිස්ත්‍රික්කයේ රුවනි නිසංසලා හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජී.එම්. මහේෂිකා මධුෂානි විසින් දිනා ගන්නා ලදී.

මැරතන් පිරිමි ශූරතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අමිල සනත් කුමාර විසින් දිනාගනු ලැබූ අතර මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආර්.එම්.ඒ. යූක්ති නිරංග හා කළුතර දිස්ත්‍රික්කයේ එස්.ඩී.අයි.එල්. පල්ලෙවෙල විසින් දිනාගනු ලැබීය. 

මෙවර ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි පිරිමි ශූරතාව අනුරාධපුර දිස්ත්‍රක්කයේ සුමේධ රංගන (පැය 02:51:07) විසින් දිනාගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක‍්ෂි (පැය 01:02:06) විසින් හිමිකර ගන්නා ලදී.කි.මී.  106  කින් යුත් පිරිමි පාපැදි තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථන පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික්කයේ කේ. පී. රංජිත් දයාන් (පැය 02:51:10) හා ගම්පහ දිස්ත්‍රික්යේ නිෂාන් මධුසංක (පැය 02:51:16)විසින් හිමිකර ගනු ලැබීය.කි.මී. 35 කින් යුතු වූ කාන්තා තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පී.ඒ. සුදර්ශිකා ප්‍රියදර්ශනීට (පැය 01:02:06) හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඩබ්.එන්. ප්‍රසාදිකා ද සිල්වාට (පැය 01:02:06) හිමිවිය.

මෙම ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග අවුරුදු 20න් පශළ සහ ඉහළ ලෙස කාන්තා සහ පිරිමි දෙ අංහයෙන්ම ක්‍රියාත්මක වුණු අතර පහත දැක්වෙන්නේ එම තරග වල ප්‍රතිපලය.
ඇවිදීම 20න් පහළ (පිරිමි)
1 ප්‍රභාෂ් කුලසූරිය - ගම්පහ              
2 බී.ඩබ්. තරංග ලක්මාල් - කළුතර
3 මධූෂ චතුරංග - මාතලේ

ඇවිදීම 20න් ඉහළ (පිරිමි)
1   පී.ජී. සම්පත් නිරෝෂන් - ගම්පහ
2  ඒ.සී. ප්‍රනාන්දු - නාගරික තරුණයා
3 ලහිරු ජානක ප්‍රනාන්දු -  කළුතර

ඇවිදීම 20න් පහළ (කාන්තා)
1  ටී. මධුෂානි - මාතර
2  කේ. කෝකිලවානි - වවුනියාව
3  ජේ.කේ.එම්.සී. දමයන්ති - මොණරාගල

ඇවිදීම 20න් ඉහළ (කාන්තා)
1  ටී.එම්. දිනූෂා දිල්හානි - ගාල්ල
2  එම්.කේ.එන්. සංජීවනී ජයතිලක - කෑගල්ල
3  ඒ.එම්.ජේ. ප්‍රියදර්ෂනී - මොණරාගල
www.supirikrida.com



















ඇග හදා ගන්න ඔළුවට බෙහෙතක්

ශ්‍රී ලංකා පෝෂණ සංගමය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය එක්ව කායවර්ධනය සදහා පෝෂණය නමින් ජූලි 24 පෙරවරු 9.සිට පස්වරු 2 දක්වා ජාතික ක්‍රීඩා විදයාතන ශ්‍රවණාගාරයේ පෝෂණ වැඩ මුළුවක් පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.එහිදි එම මාතෘකාව යටතේ දැණුම ලබා දීමට කායවර්ධනය සදහා ස්වභාවික ආහාර භාවිතය,කායවර්ධන ක්‍රීඩකයින් සදහා නිවැරදි පෝෂණය,අතිරේක ආහාර භාවිතය සහ තහනම් උත්තේජක සහ ක්‍රීඩාව යන අනු මාතෘකා ඔස්සේ කරුනු ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිලිබද තොරතොරු ශ්‍රී ලංකා පෝෂණ සංගමය හරහාත්  ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දුරකතන අංක 0112 695953 හරහා මෙන්ම http//nutritionsocietysrilanka.com වෙබ් අඩවිය හරහා ද ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
www.supirikrida.com

කිලිනොච්චි පා පන්දුව හොද අතට පෙරලන වැඩක්

කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශවල තරුණයන් අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා ආරක්ෂක හමුදා සහය ඇතිව වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.පුද්ගල මෙන්ම සමාජ සංවිධාන හා ක්‍රීඩා සමාජ දායකත්වය ද ලබා ගනිමින් ක්‍රීඩාව පෝෂණය කිරීම උදෙසා තරුණ තරුණියන් අතරට ගෙන යමෙ සදහා වන මෙම ව්‍යාපෘති‍යට අදාළ පුහුණු කදවුරු දෙකක් පැවත්වීමට පියවර ගෙන තිබෙනවා.ඉන් පළමු වැන්න ජූලි 24 සිට 27 දක්වා මාන්කුලම් හී පැවත්වෙන අතර දෙවැන්න පැවත්වෙන්නේ ජූලි 29 සිට අගෝස්තු 1 දා දක්වා මුලන්කාවිල්හී දී ය.
ඇමෙරිකානු ජාතිකයන් අට දෙනෙකුගේ සහය ඇතිව මෙම පුහුණු  කදවුරු හරහා කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වලින් අනාගතයට වටිනා පාපන්දු ක්‍රීඩකයන් හදුන්වා දීම අපේක්ෂා කරයි.
www.supirikrida.com

ඇන්ජිගේ මගුලට ඩේවිඩ් බූන්ගේ ආශිර්වාදයත්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයට තියෙන්නෙ ලේසි පහසු වගකීමක් නෙමෙයි.හිත එකලස් කර ගෙන වැඩ කරන්න පහසු නැහැ.පෞද්ගලික ජීවිතයෙ ගොඩක් දේවල් අත පසු වෙනවා.කැපවීම් ගොඩක් කරන්න වෙනවා.ඇන්ජලෝ මැතිව්ස් කියන්නෙ ඒ වගෙ චරිතයක්.හැබැයි ටිකක් ප්ලෑන් කරල ලයිෆ් එක අරන් යන චරිතයක්.ඒ නිසාම ඇන්ජලෝ මැතිව්ස් තමන්ගෙ වෙඩින් එකත් ප්ලෑන් කළා.දකුණු අප්‍රිකානු සංචාරයට ඔන්න මෙන්න කියල පොඩි විවේකයක් වැටෙන විදිහට වෙඩින් එකත් කරල ක්‍රිකට් ගහන්න යන්නයි හිටියෙ.
ගෙවුණු කොදෙව් සංචාරයෙදි මේ බව ආරංචි වෙලාද කොහෙද ඕස්ට්‍රේලියාවෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් බූන් එම තරගාවලියෙ තීරක හැටියට ඇන්ජිගෙ විවාහය සිද්ධ වෙන්න යන අවිවේකි කාල සටහනට පුංචි සහනයක් එකතු කළා.ඒ පන්දු ඕවර් ගාණ වෙලාවට ඇරියෙ නැහැ කියල තරග දෙකක තහනමක් පනවලා.ඒ නිසා ඇන්ජි පළමු තරග දෙකටම සෙල්ලම් කරන්නෙ නැහැ.නායකයා හැටියට ඉතිර තරග ගැන ටච් එකේ ඉන්න වෙනවා.ඒත් සෙල්ලම් නොකරන නිසා සෙල්ලම් කරද්දි තියෙන පීඩනයෙන් තොරව මේ දින ටික සිය ප්‍රියම්බිකාවත් එක්ක ගත කරන්න ඇන්ජලෝට චාන්ස් එකක් ලැබෙනවා.
ඔක්කොම වෙන්නෙ හොදටයි කියන්නෙ ඕකට තමයි ද?කොහොම හරි ඩේවිඩ් බූන් මේ තෑග්ග දෙද්දි අර කප්පාදු කරපු තරග ගාස්තුවත් ඉතුරු කරානම් ඇන්ජි ඊ ළගට බූන්ව හම්බ වෙන දවසෙ ඒ සල්ලි වලින් බූන්ට තෑග්ගක් අරං දෙයි.එහෙම වුණා නම් ඇන්ජි ඒ දේ නොකළත් ඇන්ජිගෙ නෝනා හෙෂානි හරි ඇන්ජිට කියල ඒ තෑග්ග අරං දෙයි.රටේ වැඩිම දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවේ නායකයා තමන්ගෙ සැමිය වෙන මංගල්ලෙ දවස් ටිකේ එයාට තමන් එක්ක නිදහසේ ඉන්න ඉඩ හදල දුන්න ප්‍රීතියට.
ඇනජි!
සුභ ගමන්!
www.supirikrida.com