Jun 22, 2013

නීතිඥයෝ පෙරටම

තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයකදී බෝරා ක්‍රීඩා සමාජය පරදවා කඩුලු 7 ක පහසු ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බෝරා ක්‍රීඩා සමාජය ලකුණු 120 ට සීමා කරන්නට නීතිඥ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එහිදී බෝරා ක්‍රීඩා සමාජයට නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මැඩ ලකුණු අතරට ඒමට ගත් උත්සාහයේදී බෝරා ක්‍රීඩා සමාජයේ එම් හුසෙයින් ලකුණු 39 ක් ද,එම් තාහිර් ලකුණු 25 ක් ද ලබා ගන්නට සමත් විය.
නීතිඥ කණ්ඩායම වෙනුවෙන් පිට දග පන්දු යවන තරංග අබේකෝන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු17 ට කඩුලු 4 ක් දවා ගත් අතර යොහාන් ජිනසේන ලකුණු 19 ට කඩුලු 2 ක් සහ ගිහාන් කුලරත්න ලකුණු 20  ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අදාළ ඉලක්කයට සමීප වීමට පන්දු ඕවර් 19.3 ක් පමණක් වැය වූ අතර එහිදී ජයග්‍රහණය ඉක්මන් කරන ප්‍රහාරාත්මක සහ ප්‍රදර්ශනාත්මක ඉණිමක් දියත් කළ නීතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 71 ක් ලැබීය.හතරේ පහර 7 ක් සහ හයේ පහර තුනක් සහිතව වාර්තා වු අසේලගේ ඉණිමට අමතරව බුවනෙක බස්නායක ලකුණු 18 ක් ලැබීය.
එළැඹෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවත්වෙන නීතිඥ ලෝක කුසලාන තරගාවලිය සදහා පුහුණු වෙමින් සිටින නීතිඥ කණ්ඩායම මෙම තරග වාරයේ දක්වන දක්ෂතා අනුව මේ දක්වා අහිමිව තිබූ ලෝක කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි  මට්ටමක සිටින අතර මෙවර නීතිඥ කණ්ඩායම ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙක් මෙන්ම ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකුද වන,ජාතික ක්‍රීඩා ජනමාධ්‍ය පදනමේ සභාපති රන්ජන් පරණවිතාන යටතේපුහුණුව ලබයි.
www.supirikrida.com

ටීබී ජයා පළමු වරට ගංතලාවට රැගෙන යයි

ය වසරක් වූ ගංතලාව මධ්‍ය විද්‍යාලයේ බොක්සිං ඉතිහාසයට එක් වූ පළමු ජාතික මට්ටමේ බොක්සිං ජයග්‍රහණය දිනා ගන්නට 44 වන වරට පැවත්වූ ටීබී ජයා අණුස්ම‍රණ බොක්සිං තරගාවලියේදී එම විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.කලියාපිටිය සාරානාත් මධ්‍ය විද්‍යාලයේ පැවති මෙම තරගාවලිය නියෝජනය කරමින් පාසල් ක්‍රීඩකයන් 219 ක් පාසල් 48 ක් නියෝජනය කරමින් සහභාගි විය.
විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ඇතිව පැවති මෙවර තරගාවලියේදී පාසල් ක්‍රීඩකයන්ගේ ශිල්පීය කුසලතා ඉහළ මට්ටමක පැවති අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ එස් චන්දු තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ එච්ඒඑස් සුමුදුරංග තේරී පත් විය.
සමස්ථ සූරතාවය වෙනුවෙන් ගංතලාව මධ්‍ය විද්‍යාලය ලකුණු 27 ක් ලැබූ අතර ලකුණු 24 ක් ලැබූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.තෙවන ස්ථානය හිමි වූයේ හොරණ මේධංකර විද්‍යාලයටය.
www.supirikrida.com

Jun 21, 2013

එංගලන්තයට එදරිව ඉන්දියාව

Ishant Sharma enjoyed a good day with the ball
විශේෂ අවස්ථා සදහා මෙතනින් පිවිසෙන්න
http://www.espncricinfo.com/ci/content/video_audio/643959.html
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය තුළ සිටින පිතිකරුවන්ගෙන් බහුලම කණ්ඩායම ලෙස සැළකෙන  ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී කඩුලු අටක පහසු ජයක් ලබමින් 23 දා පැවත්වෙන එංගලන්තය සමග වන අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.තරගයේ සියළු භෞතික වාසි ඉන්දියාව දෙට නැඹුරුව බැවති මෙම තරගයේදී එයින් ගොඩ ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැරූ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී ගියේය.
තරගය ආරම්භයට වර්ෂාව යම් තරමක හරස් වූ අතර එවැනි පසු බිමක තීරනාත්මක සාධකයක් වන කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි විය.ඒ නිසා ඉන්දීය ආරාධනාව අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට තරගාවලිය පුරාම සිදු වූ පරිදි කුසල් ජනිත්තේ කඩුල්ල ඉක්මණින් අහිමි වූ අතර තරගාවලිය පුරාම පන්දුව හොදින් දකිමින් ලකුණු අතර  සිටින තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ගොදුරු විය.ඒ නිසා ඩිල්ෂාන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඒ වන විට ලකුණු 12 ක් ලබා සිටි ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම කඩා වැටෙද්දී ආබාධය නොතකා පිටියට පැමිණ තරගය නිමා වන විට ලකුණු 18 ක් ලබා නොදැවී සිටියේය.පීඩනය හමුවේ නායක මැතිව්ස් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ අතර මහේල ලකුණු 38 ක් සහ ජීවන් මෙණ්ඩිස් ලකුණු 25 ක් රැස් කළේය.
එසේම ලාංකේය නරඹන්නන් විසින් මීට පෙර තරගයේ ජයග්‍රාහී උද්දාමය සමරමින් එල්ටීටීඊ හිතවාදීන්ට කරන ලද පහර දීම නිසා තරගයට පෙර සිටම එය තරගයට මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකි බවට පැතිර ගොස් තිබූ රාවයන්ද ක්‍රීඩක මනසට යම් බලපැමක් කරන්නට ඇත.ඒ සදහා  ලාහෝර් තැති ගැන්මද ලාංකේය ක්‍රීඩකයන්ගේ සිත් තුළ තිබුණාට සැක නැත.
කෙසේ හෝ මේ සියළු සාධක ශ්‍රී ලංකා ඉණිම ලකුණු 181 සීමාවේ නවතන්නට සමත් වූ අතර අති ප්‍රබල පිතිකරුවන් සහිත ඉන්දීය කණ්ඩායමට ඒ ලකුණු ප්‍රමාණය සදහා වැය වූයේ පන්දු ඕවර් 35 ක් පමණි.තරගාවලිය පුරාම ලකුණු අතර සිටින සිකර් ධවානි යළිත් සිය පිත්තේ බලය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතර ඔහු ලකුණු 68 ක් ලැබීය.ආරම්භක කඩුල්ලට ඉන්දියාව මේ තරගාවලිය පුරාම හොද සබදතාවයක් එක් කරන අතර ශ්‍රී ලංකාවට එරෙහිවද එය එසේ සිදු විය.ලකුණු 182 ක ඉලක්කයෙන් ලකුණු 77 ක් පළමු කඩුල්ල දැවී යන විට වාර්තා වී තිබුණේ,පන්දු ඕවර් 17 දී ය.
තරගයෙන් කඩුලු 8 ක ජයක් ඉන්දියාවට හිමි කර දීමට පිතිකරුවන් ගේ කාර්යය පහසු කළෝ ඉන්දීය පන්දු යවන්නෝය.ඉන්දීය පිතකරුවන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අයුරෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පන්දු යවන්නන්ට ඉදිරියෙන් සිටින බව තරගයට පෙර ප්‍රවීන විචාරකයන්ගේ ද මතය විය.නමුත් ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා අධ්‍යයනය කරමින් නිසි ඉලක්කයට පන්දු යැවූ අතර,ඒ අතරින් ශ්‍රී ලංකා ඉණිම කඩා දැමීමට මුල් වෙමින් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත් ඉෂාන්ට් ෂර්මා තරගයේ වීරයා විය.
ලකුණු විස්තරයට-http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/match/566947.html
www.supirikrida.com


Jun 20, 2013

කොමර්ෂල් ක්‍රෙඩිට් උසස්වීම් වල ප්‍රතිපල සූරතාවයෙන් සමරයි

වෙළද සේවා පැසිපන්දු තරගාවලියේ දක්ෂතා අනුව වසරින් වසර ඉහළ ආ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම මේ වසරේ එහි උපරිම පල භුක්ති විදිමින් ඒ කොටසේ සූරයන් වන්නට සමත් වුණා.වසර තුණක් තුළ කොටසින් කොටසට උසස් වීම් ලද කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඉකුත් වසරේ බී කොටසේ සූරතාවය දිනා ගනිමින් මේ වසරේ ඒ කොටසට ලද උසස් වීම සූරතාවයෙන් කෙළවර කළේ අවසාන තරගයේදී යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම ලකුණු 63 - 53 ක් ලෙස පරාජයට පත් කරමින්.
ෆයිසාල් දේවානන්ද ගේ නායකත්වයෙන් තරග වැදුණු කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට මනරම් බණ්ඩාර, හර්ෂදේව සිල්වා,ගයාන් ද කෲස්,ගයාන් මීදෙණිය,ප්‍රනීත් උඩමලගල,සුදේෂ් අහමඩ්,සංජීව කුළුමිණ,ලක්ෂාන් පෙරේරා,ඉන්දික රොෂාන් සහ රංජිත් හෙට්ටිආරච්චි අතුළත් වූ අතර මනෝජ් ප්‍රනාන්දු සහ එස්පී නිරෝෂන් කණ්ඩායම් කළමණාකරුවන් ලෙස කටයුතු කළා.
මේ සමග දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමේ ජායාරූපයයි.
www.supirikrida.com

එංගලන්තයේ එදිරිවාදියා ලංකාවද? තීරණය අද

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසාන තරගයට දකුණු අප්‍රිකාව පරදවමින් සුදුසුකම් ලද එංගලන්තයට එළැඹෙන 23 දා බර්මින්හැම් හී පැවත්වෙන අවසාන තරගයේදී මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාවද ඉන්දියාවද යන්න තීරණය කරන අවසාන පූර්ව තරගය අද පැවත්වීමට වීමට නියමිතය.තරගාවලිය තුළ තවමත් අපරාජිතව සිටින ඉන්දියාව සහ ප්‍රථම තරගයේ සිට ‍තරගයෙන් තරගයට ප්‍රගතියක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාව අතරින් අද දිනයේදී සිය සාර්ථකත්වය රැක ගැනීමට සමත් සහ එය වර්ධනය කර ගැනීමට සමත් කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයන්ගේ මතය වී ඇත.


ඉන්දීය කණ්ඩායම පිතිකරුනයේදී සුපිරි දක්ෂතා දක්වමින් සිටින අතර ඒ අතරින් සිකර් ධවාන් මෙවර තරගාවලියේ ඉදිරියෙන්ම සිටින පිතිකරු වී ඇත.ඔහු සමග සෑම තරගයකදීම ආරම්භක කඩුල්ලට හොද සබදතාවයක් ඇති කරන ඉන්දීය නායකයාගේ විශ්වාසය වන රෝහිත් ෂර්මා මෙන්ම දිනේෂ් කාර්තික්,විරාට් කෝලි,නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා දක්වන දක්ෂතා මැඩ පවත්වා ගැනීම මෙහිදී ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතුය.
ශ්‍රී ලංකාව ඊට වඩා වෙනස් මුහුණු වරකින් තරගාවලියට මුහුණ දෙන අතර මේ දක්වා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ප්‍රතිවාදීන්ට අභියෝග කරන තත්ත්වයක් ශ්‍රී ලංකා සංචිතය තුළ දකින්නට ඇත.එංගලන්තයට එරෙහිව පිත්තෙන්ද,නවසීලන්තයට එරෙහිව ලකුණු 138 ක් වෙනුවෙන් පන්දුවෙන් පෑ දස්කම් ද ඉතා ඉහළ මට්ටමක පැවති අතර මේ සමබරතාවය ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ප්‍රමාණවත්ය.බලාපොරොත්තු නොවූ අයුරෙන් එංගලන්ත තණතීරු දග පන්දු යවන්නන්ට යම් හිතකර තත්ත්වයක් පෙන්නුම් කරන පරිසරයක් උද්ගත වී ඇති අතර ඒ අනුව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන පන්දු යවන්නෙක් බවට පත් වී සිටින සමින්ද එරංග  ගේ ස්ථානය ඇතැම් විට සචිත්‍ර සේනානායකට හිමි වීමට ඉඩ ඇත්තේ ඔහු නව පන්දුවෙන් දග පන්දු යැවීම සදහා පසු ගිය කාලයේ දැක් වූ ප්‍රවනතාවයන්ද සළකාය.එසේ නොවුනොත් එරංග ට වඩා පිත්තෙන් සහ පන්දු රැකීමෙන්ද දක්ෂ තිසර පෙරේරාටද එම අවස්ථාව හිමි වීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනම පිතිකරුවන් ත්‍රිත්වය මේ තරගාවලියේදී කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතින අතර මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් දක්වන මේ දායකත්වයේ වටිනාකම තව දුරටත් ඉහළ දැමීමට ඉණිම ආරම්භයේ කුසල් ජනිත් දක්වන දායකත්වය වැදගත් වනු ඇති අතර මේ දක්වා ඔහු දක්වා තිබෙන දුර්වලතා ඉන්දීය තරගයේදී වෙනස් කිරීමට කටයුතු නොකළොත් එය ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරනු නොඅනුමානය.මේ තත්ත්වය නිසා ආරම්භක පතිකරුගේ ස්ථානය ඇතැම් විට අවශ්‍යයතාවය අනුව එම වගකීම ඉටු කර ඇති මහේල ජයවර්ධනට පවරා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවීමේ ඉඩක් ද අද ඇත.

Jun 19, 2013

අපි ආයෙත් පටන් ගත්තා

මූල්‍යමය වශයෙන්, තාක්ෂණික වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වයන් නිසා පසු ගිය කාලයේ අප වෙබ් අඩවිය ක්‍රියාත්මක වුණේ නැහැ.නමුත් දැඩි පීඩාකාරී තත්ත්වය යටතේ වුව අපි නැවත ක්‍රියාත්මක වන්නට සූදානම්.ඒ ක්‍රියාත්මක වීම හමුවේ අප ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් නොනැවතී ක්‍රීඩා ඉසව් සංවිධානයට මෙන්ම ක්‍රීඩාවට නව ප්‍රවනතා හදුන්වා දීමටත් සූදානමින් සිටිනවා.
අප මාධ්‍ය භාවිතාව තුළ නිරන්තරයෙන් කටයුතු කරන්නේ,ක්‍රීඩාව,ක්‍රීඩකයා සහ ක්‍රීඩා පුහුණුකරුවා යන ත්‍රිත්ව මාධ්‍යයනට පිළිවෙලින් ප්‍රමුඛත්වය දෙමින්.ක්‍රීඩා පරිපාලනය එම විෂය කරුණු සදහා සංවේදි වන ආකාරය අනුව විවේචනය සහ ප්‍රශංසාව පිරිනැමීම අපේ මාධ්‍ය භාවිතාවේ ස්වභාවය වෙනවා.
මේ ආකාරයට කටයුතු කිරීම අසීරුයි.එහෙත් ක්‍රීඩා මාධ්‍ය තුළ සිටින තුරු ආත්මීය වශයෙන් බැදී සිටින එම කාරණා වලින් ඉවත් වීම අසීරුයි.ඒ නිසාම මේ සමග සිටින ක්‍රීඩා ප්‍රේමීන්ට මේ කාරණා සාක්ෂාත් කර ගැනීම සදහා අවශ්‍යය මූල්‍යමය ශක්තිය ලබා දීමට හැකිනම් හැකි පමණින් දායක වෙන්න යැයි අප ඉතා මිත්‍රශීලීව ඉල්ලා සිටිනවා.
මාධ්‍යකරුවගේ තොරතොරු වාර්තාකරණයේ සීමාව ඉක්මවා අප ක්‍රීඩකයාගේ පැවත්ම කෙරෙහි සිතූ බව සහ ඊට දායක වූ බව බොහෝ ක්‍රීජක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද සිය හෘදය සාක්ෂියෙන් විමසා නිරාකරණය කර ගත යුතු කාලය පැමිණ තිබෙනවා.සිය නිවසේ ලිප දැල් වීම අමතක කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිවෙස් වල ලිප නිවී යාම නැවත්වීමට වෙහෙස මහන්සි වූ තෘප්තිමත් අතීතයක සිට තවමත් ඒ සදහා වෙහෙස වීම මාධය භාවිතාව කර ගත් අපට ඉදිරියේදී ඒ ක්‍රියාවලිය සාර්ථකව පවත්වා ගැනීමට තමන්ගේ අතීතය සිහි කර හෝ කටයුතු කිරීම එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෘතවේදීත්වය සහ වගකීම ද වනු ඇති බව අපි විශ්වාස කරනවා.
එසේම ඔබ ක්‍රීඩාවට ප්‍රේම කරන්නේනම් මෙවැනි වෙබ් අඩවියක පැවත්ම වෙනුවෙන් දායක වීමට තීරණය කිරීම හෘදය සාක්ෂියට එකගව කළ හැකි දෙයක් බව ද අප මතක් කර සිටිනවා.ඒ සදහා විශාල මූල්‍යමය දායකත්වයකට වඩා අවශ්‍යය වන්නේ මාසිකව ඔබට හැකි ආකාරයේ මුල්‍යමය දායකත්වයක් මාසිකව ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ඇති 70991900 ගිණුමට යොමු කරන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒක මහ මුදලක් නොවුණට කමක් නෑ.ඔබට හැකි පමණ.අපි ඒක ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුපුරුදු භාවිතාවේ යොදවන බවට ‍පොරොන්දු වෙන්නම්.ඒ ගැන දෙන්න තියෙන පොරොන්දුව අපේ ඉතිහාස භාවිතාවම පමණයි.ඔබේ හෘද සාක්ෂියෙන් අසා බලන්න.
මහජන ශක්තිය පදනම වූ වෙබ් අඩවියක පොදු ක්‍රීඩාව අපේ ප්‍රධාන අරමුණ වෙනවා.ඒ නිසා එය මැනවින් දැන උපකාර කිරීමත් වැදගත්.පළමු දේ ක්‍රීඩාව වන බැවින් ඔබේ උපකාර කිරීම කිසි විටෙක ඔබේ වැරදි භාවිතාවක ආරක්ෂාව වෙනුවෙන් අපේ වෙබ් අඩවියේදී පළිහක් වන්නේ නැහැ
www,supirikrida.com

කාලිංගට සහ සාගරට මුවා වී පැරණි බේස්බෝල් පරිපාලකයෝ යුධ හමුදාවට විරිත්තති

හිටපු බේස්බෝල් පරිපාලනය විසින් නුරුස්සන ලබන ජාතික කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමේ නෙලංක කරුණාරත්න ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරිම පිණිම ජාතික බේස්බෝල් සංගමය විසින් නම් කරන ලද කණ්ඩායම් හයක් සහභාගි කරමින් පවත්වන ක්ලැසික් තරගාවලියේදී එකම කණ්ඩායමකට හෝ නම් නොකිරීමට කටයුතු කර ඇත.එහිදී ඇකැම් කණ්ඩායම් නායකයන් විසින් නෙලංකව යෝජනා කර ඇතත් පරිපාලනයේ සිටින ඇතැම් චරිත එම ඉල්ලිම ඉවත දමන්නට කටයුතු යොදා ඇත.
වර්ථමාන පරිපාලනයට පත් වී සිටින සභාපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම උප සභාපතිවරයෙකු වන බේස්බෝල් ක්‍රීඩා කර ඇති අයෙකුද වන සාගර කාරියවසම් යන නීතිඥයන් දෙදෙනා බේස්බෝල් පරිපාලනයට විරුද්ධ පාර්ශව වල ද සහය ලබා ගනිමින් බේස්බෝල් දියුණු කිරිමට උත්සාහ ගනිද්දී ඔවුන්ගේ අවධානයෙන් මිදී එහ සිටින පැරණි චරිත සිය අවශ්‍යයතා වෙනුවෙන් බේස්බෝල් ක්‍රීඩාව මෙහෙයවිම අශෝභන තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක කිරිමට උත්සාහ දරණ බව ‍නෙලංක කරුණාරත්නගේ ඉවත් කිරීමෙන් පැහැදිළි වෙයි.වසර ගණනාවක් සමාජ සම්බන්ධතා ඇති චරිත බේස්බෝල් පරිපාලනයේ මුල් පුටු වලට ගෙන එමින් ඔවුන් හරහා සිය අරමුණු සාක්ෂාත් කර ගනිමින් වරෙක පුහුණුකරුවෙකු ලෙස ද,වරෙක කළමණකරුවෙකු ලෙස ද විදේශ සංචාර වලට එක් වෙමින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ අයෙකු මෙම ක්‍රියාවලිය පිටු පස සිටින බව පැහැදිළිය.
ස්වීය අවශ්‍යයතාවයන් වෙනුවෙන් පුද්ගලයන් භාවිතා කිරිමට විශාල හැකියාවක් ඇති හෙතෙම මීට පෙරද යූද හමුදාවේ සිටි නිලධාරියෙකු හරහා නෙලංක කරුණාරත්නගේ යුධ හමුදා වරප්‍රසාද පවා සිමා කිරීමට උත්සාහ ගත බවට තොරතොරු ඇති අතර ඔහු නිරන්තරයෙන් ක්‍රීඩා සමාජ නියෝජිතයන් සහ ක්‍රීඩකයන් හමුවේ පත්වෙන සභාපතිවරයාගේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් එම නියෝජිතයන් සහ ක්‍රීඩකයන් මුලා කිරීම දිගින් දිගටම කර ගෙන යන්නේය.
යුධ හමුදා ක්‍රීඩකයන් තිදෙනෙකුම මෙම කණ්ඩායම් හයේ නායකයන් ලෙස සිටිද්දී සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ දක්ෂතා නොසළකා හැර කටයුතු කරද්දී විරෝධයක් හෝ නොදක්වා සිටීම මෙම පරිපාලනය ඉදිරියේ හමුදා ක්‍රීඩකයෙකුට හෝ මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකයකි.තමන්ටම අනතුර පැමිණෙන තෙක් නිහඩව සිටීම ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයේ බොහෝ ක්‍රීඩකයන්ගේ ස්වභාවය වී ඇති අතර එවැනි අසාධාරණයක් වන්නේනම් එයට මැදිහත් වීමට සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම සාගර කාරියවසම් ද සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තත්ත්වයකදි වුව,ක්‍රීඩකයන් මෙසේ ක්‍රීඩාවට වන හානිය වැළක්වීම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම ඛේදවාචකයකි.
පැවති පරිපාලනය දැඩිව විවේචනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරියට කරුණු දැක්වීම සදහා සම්බන්ධ කර දෙන ලෙස ජනමාධ්‍යයෙන් පවා අවස්ථාව ඉල්ලමින් සිටි දැනට ජපානයේ සිටින ලාංකිකයෙකුට වරප්‍රසාද කිහිපයක් ලබා දී නිහඩ කිරීමට සමත් වූ පැරණි බේස්බෝල් පරිපාලනය මේ වන විට ඔහු දැඩි ලෙස කැමැත්ත දක්වන ඔහු සම්බන්ධ ප්‍රවෘත්තියක් හෝ පරිපාලන වෙබ් අඩවියේ පළ නොකරන බවට තොරතොරු වාර්තා වන අතර නෙලංක කරුණාරත්න ඔහුගේ සමීපතම හිතවතා ලෙස දේශීය වශයෙන් සුජීවගේ මාධ්‍ය සම්බන්ධතා ජාලය සවිමත් කිරීමට පෞද්ගලිකව උපකාර කළ මිත්‍රයා වන්නේය.විදේශගත ලාංකිකයා පරිපාලනයේ ආශිර්වාදයත් සමග නෙලංකගෙන් වේගයෙන් ඈත් වෙමින් සිටි අතර අද වන විට ඔහු ව පමණක් නොව නෙලංක ද බේස්බෝල් කේෂ්ත්‍රයෙන් ඉවත් කිරීමට  පැරණි පරිපාලනයේ සිට වර්ථමාන පරිපාලනය සමග සිටින ඇතැම් අයගේ අවශ්‍යයතාවය වී ඇත.
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකුට මෙවැනි අසාධාරණයක් සිදු වී ඇති බව ප්‍රවෘත්තිය පළ කිරීමෙන් නොනැවතී අළුත් යුධ හමුදාපති වරයා ලෙස පත්වන හිටපු මලල ක්‍රීඩා සංගම් සභාපති දයා රත්නායකයන්ට ද දැණුම් දීමට අප වේබ් අඩවිය ඉදිරියේදී ක්‍රියා කරන අතර වත්මන් බොක්සිං සම්මේලනයේ උප සභාපතිවරයෙකු වන වත්මන් යුධ හමුදාපති සහ පත් වීමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරියට ද මේ බව දැණුම් දිමට අවශ්‍යය පියවර අප විසින් ගණු ලබමින් සිටින්නේය.
එසේම මෙම කණ්ඩායම් හය තෝරා ගැනීමේදී හැකිනම් ප්‍රසිද්ධ තේරීමක් කරන ලෙස අප බේස්බෝල් පරිපාලනයට අභියෝග කරන අතර ඒ තේරීම සභාපති කාලිංග ඉන්ද්‍රතිස්සගේ සහ උප සභාපති සාගර කාරියවසම්ගේ දෑස් පනා පිට සිදු කර නෙලංක කරුණාරත්න මෙම කණ්ඩායම් හයට සුදුසු නැති අදක්ෂයෙකු දැයි පෙන්වා දෙන ලෙස ද අභියෝග කරමු.
www.supirikrida.com