Dec 29, 2012

ඇමෙරිකානු ක්‍රීඩා ඇකඩමි සම්මාන බෝල්ට් ට සහ සෙරීනා ට

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩා ඇකඩමි සම්මාන උළෙලේදී වර්ෂයේ හොදම ක්‍රීඩකයා ලෙස කෙටි දුර ධාවන සූර උසෙයින් බෝල්ට් සහ හොදම ක්‍රීඩිකාව ලෙස සෙරීනා විලියම්ස් සම්මානනීය වීමට නියමිතය.
මෙම සම්මාන ප්‍රදානයේදී බෝල්ට් සදහා එම සම්මානය හිමි වීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දෙවතාවකදී මීටර් 100 සහ 200 ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් සහ දෙවතාවකදීම මීටර් 100 සහය දිවීමේ ජයග්‍රහණය ලබා ගැනීමට දායක වීමත් විශේෂ සැළකිල්ලකට ලක් කර ඇත.මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී බෝල්ට් මීටර් 100 ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් තැබීමට සමත් වූ අතර මීටර් 100 සහය දිවීමේ තරගයේදි නව ලෝක වාර්තාවකට දායක වන්නට සමත් විය.
Serena Williams London 2012සෙරීනා විලියම්ස් ගේ සම්මානය සදහා ද ඔලිම්පික් උළෙලේ දක්ෂතා විශේෂයෙන්බල පා ඇත.ඇය එහිදී කේවල ටෙනිස් රන් පදක්කම මෙන්ම සිය සොහොයුරිය සමග එක්ව එම කාන්තා යුගල රන් පදක්කමද දිනා ගැනීමට සමත් විය.එසේම ඇයට සම්මානය පිරිනැමීම සදහා පසුගිය මාස 12 ක කාලය තුළ දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගැනිමේදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ සහ ඇමෙරිකා විවෘත ටෙනිස් ජයග්‍රහණයද සැළකිල්ලට ගෙන  ඇත.
පිරිමි අංශයේදී බෝල්ට් හා මෙම සම්මානය පිළිබදව සළකා බැලීමේදී දෙවන ස්ථානය හිමි වී ඇත්තේ මයිකල් පෙල්ප්ස් ට ය.පිහිණුම් ක්‍රීඩාවෙන් ඔහු විසින් පෙන්වන විස්මිත හැකියාවන් ඒ සදහා සැළකිල්ලට ගෙන ඇත.තෙවැන්නා වී ඇත්තේ ටෙනිස් සූර නොවැක් ඩිජොක්වික් ය.
සෙරීනා හා තරග වැද දෙවන ස්ථානයට පත් පිහිණුම් සූරී මිසී ෆ්‍රෑන්ක්ලීන් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.එහදී තෙවැන්නිය ලෙස තේරී පත් වූයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකා ලින්ඩ්සේ වොන් ය.
www.supirikrida.com

ලංකාවට ලෙඩ්ඩු එක්ක පරාජය උරුම වුණ තරගයක්

Shaminda Eranga and Rangana Herath after Sri Lanka's defeatෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරගාවලියේ දෙවැන්න ඉණිමකින් සහ ලකුණු 201 කින් ජය ගත් ඕස්ට්‍රේලියාව තරගයේ පමණක් නොව තරගාවලියේද ජයග්‍රහණය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවට ඉදිරි තරග වලදී සේවය ලබා ගැනීමට නොහැකි වන පරිදි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රෝගින් බවට ද පත් කරමින්ය.වේග පන්දු යවන චානක වෙළගෙදර පමණක් පන්දු යැවීමේදී ආබාධයකට ගොදුරු වූ අතර කුමාර සංගක්කාර මෙන්ම ප්‍රසන්න ජයවර්ධන ද ආබාධ වලට ගොදුරු වූයේ ඕස්ට්‍රේලියානු වේග පන්දු ඉදිරියේය.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉතිහාසයේ මුල් කාලයට පිවිසීමේදී වේග තණතිලි වල දැක් වූ පසුබෑම මෙම තරගාවලිය පුරාම දකින්නට ලැබෙන අතර මෑත කාලයේ එවැනි තණතිලි වලදී සහ වේග පන්දු වලට හොදින් මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස හදුනා ගෙන සිටින ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් කෝටි ගණනක් වටින ලොගාඩ් ගේ වාර්තාවෙන් පවා කියවෙන තේරීම් කමිටුවේ දැණුවත් භාවයේ ආනුභාවයෙන් මෙම තරගාවලියට ඇතුළත් කර නැත.
ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේදි හැසිරුන ආකාරය ඉතාමත් පහළ මට්ටමක පැවති අතර ඔවුන් මුළු තරගය පුරාම පන්දුවට පහර දී තිබුණේ පන්දු ඕවර් 68 ක් පමණි.දෙවන ඉණිම 25 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් අවසන් වන අතර සංගක්කාර ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත්වීම සහ ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙළගෙදර ආබාධ හේතුවෙන් පහර දීමට නොපැමිණිම ද ශ්‍රී ලංකාවේ පරාජයේ පරිමාව තව දුරටත් පුළුල් කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරගයේදී ක්‍රීඩා නොකළ මිචෙල් ජොන්සන් මෙල්බර්න් තණතිල්ලේ පන්දු යැවීම සදහා කැදවා තිබුණු අතර ඒ කැදවීම නිවැරදි බව සනාත කරමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ මිචෙල් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ පුරෝගාමියා වෙමින් තරගයේ වීරයා බවට ද පත් විය.ඉදිරි තරගය වඩාත් අසීරුතාවයකට ලක් කරන තරගයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින්නා ප්‍රසන්න මෙන්ම ප්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස කැපී පෙණුන චානක වෙළගෙදර ද ,වේග පන්දුවට මුහුණ දෙන සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස සැළකෙන කුමාර සංගක්කාර ද  මේ වන විට කණ්ඩායමෙන් ඉවත් වී ඇත.ඊට ආදේශක ලෙස යොදා ගන්නේ කවුරුන් ද යන්න සෙවිම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ජයග්‍රහණ සදහා හේතු වූ රංගන හේරත්ගේ දග පන්දුව ඕස්ට්‍රේලියානු තණතිල්ලෙන් ප්‍රයෝජනයට ගත හැකි මට්ටමකට පත් වීමට තරගයේ දෙවන ඉණිම තෙක් පසු බසින්නට වීම ද තෙවන තරගයේදී සැළකිල්ලට ගැනිමට සිදු ව ඇත.
එසේම පරාජිත මෙම තරගයේ පරාජයේ ප්‍රමාණය පුළුල් කිරීමට මූලික වශයෙන්ම බල පෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම පිළිබදවද තෙවන තරගයේදී විශේෂ අවධානයකින් සළකා බැලිය යුතුව ඇත.පරාජයේ අමිහිර මෙන්ම ඉදිරි පැවත්ම සදහා බල පෑ ආබාධ සහිත ක්‍රීඩකයන්ද තුරුළු කර ගනිමින් මේ වන විටත් තරගාවලිය පරාජය වී සිටින ශ්‍රී ලංකාව මෙම ටෙස්ට් තරගයේ ලද පරාජය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී ලද විශාලතම පරාජයන් අතර තෙවන තැනට පත් වෙයි.
පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය වේ.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573012.html

www.supirikrida.com


Dec 28, 2012

කැන්ගරුවන් සිංහයන්ව මදුරුවන් ගානට තලා දමයි

 ශ්‍රී ලංකාවේ දුර්වල පිතිකරණය යළිත් විදහා පාමින් ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා භෝජනය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක් වෙත ඇදෙමින් සිටියි.පළමු ඉණිමට ශ්‍රී ලංකාවේ ලකුණු 156 වෙනුවට ලකුණු 460 ක් ලබා ගත් ඕසට්‍රේලියාව ප්‍රථම ඉණිමේ වාසිය ලකුණු 304 ක් බවට පත් කර ගත්තා.පස්වන කඩුල්ලට ලකුණු 196 ක සබදතාවයක් පැවත් වූ නායක මයිකල් ක්ලාක් (106) සහ ෂේන් වොට්සන්(83) ගෙන් පසුව මිචෙල් ජොන්සන් ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් පසුපෙළ ශක්තිමත් කළා.
Mitchell Johnson drives down the groundකඩුලු ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ දග පන්දු තුරුම්පුව යළිත් අසරණ වූ අතර රංගන හේරත් ඉදිරියේ එක කඩුල්ලක් හෝ දැවී ගියේ නැහැ.ශ්‍රී ලංකාවේ දග පන්දු යැවීමට හිමි වූ එකම කඩුල්ල ඩිල්ෂාන්ට හිමි වූ අතර ධම්මික ප්‍රසාද් 106 / 3 ක් සහ සමින්ද එරංග 109 / 3 ක් දවා ගනිමින් කැපී පෙනෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වේග පන්දු අභියෝගය වන චානක වෙළගෙදර ආබාධ තත්ත්වය මත පන්දු යැවීමෙන් වැළකී සිටිනවා.
මේ නිසා ලකුණු 304 ක් හඹා ගොස් ඉණිමක පරාජයෙන් ගැලවෙන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 4 ක් පමණයි.ආබාධ නිසා ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙළගෙදරත් පන්දුවට පහර දිමට හැකි තත්ත්වයක නැහැ.ඒ නිසා දිවා භෝජනය වන විට තවත් දින දෙක හමාරක් ඉතිරිව ඇති මෙම තරගයේදී ඉණිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවීම වළකා ගනිමින් ලකුණු 261 ක් රැස් කර යුතුයි.
ලකුණු 3 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් (ඩිල්ෂාන් - 0,මහේල - 0 සහ දිමුත් කරුණාරත්න -1) ඉණිම ඇරඹු ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ඉණිම බේරා ගැනීම සදහා ඉතිරිව ඇති එකම විශ්වාසවන්ත පිතිකරුවන් දෙදෙනා වන සංගක්කාර නොදැවී 22 ක් සහ මැතිව්ස් නොදැවී 17 ක් ලබා ගෙන සිටිනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.

සෝචි ගැන වහාම සොයා බලන්න - පුටින් අණ කරයි

Vladimir Putin in ski gear
පුටින් ගේ වහා මැදිහත් වීම (දකුණේ)
එළැඹෙන සීත සෘතු ඔලිම්පික් උළෙල 2014 දී පැවත්වෙන රුසියාවේ සෝචි නගරය ආසන්නයේ ඊයේ දෙවන වරටත් භූමි කම්පාවක් ඇති වූ අතර එය ඊට පෙර සිදු වූ ක්‍රඩා භූමි කම්පාවට වඩා විශාලත්වයෙන් වැඩි එකක් විය.එය සැළ වූ වහාම පුටින් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් හදිසි අවස්ථා පිළිබද කටයුතු ඇමති ඉරිනා ගොගොලේවා ට අණ කළේ ඔලිම්පික් තරගාවලිය පැවත්වීමට ඇති බිම පිළිබදව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසයි.
ගොගොලේවා කරුණු දක්වමින් ප්‍රදේශයේ ඉදි කළ පාලම් මෙන්ම විදුලි සැපයුම් මාර්ග වලට ද මෙයින් කිසිදු හානියක් සිදු වී නැති බව සිය අමාත්‍යංශ සේවකයන්ගේ තොරතොරු හුවා දක්වමින් පැවසුව ද,ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ,විශේෂ අවධානය යොමු කර මේ තත්ත්වය පිළිබදව සියළුම තොරතොරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙසයි.දෙසැම්බර් 23 දා මෙන්ම ඊයේ ද මේ ප්‍රදේශයේ භු කම්පා ඇති වීම නිසා සෝචි ඉදිකිරිම් වල ස්ථාවරත්වය පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වසනීය සහතිකයක් ලබා නොදුන්නොත් තරගාවලියේ සහභාගීත්වය අඩු විය හැකි අවධානමක් පවතින අතර ඒ නිසා තත්ත්වය පිළිබදව නිවැරදි වාර්තාවක් ලබා දීම අනිවාර්යය වන්නේය.
www.supirikrida.com

රණබිමෙන් ජපන්නුන්ට අන්දයි

ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ ප්‍රථම බේස්බෝල් ක්‍රීඩාංගණය පරිත්‍යාග කරමින් සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරමින් සිටි ජපන් කනගාවා කණ්ඩායම ඇතුළු එරට බේස්බෝල් බේස්බෝල් ප්‍රේමීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තිළිණ ලෙස ටී ෂර්ට් ප්‍රදානයක් කරන්නට මහනුවර රණබිම රාජකීය විද්‍යාලය විසින් පියවර ගෙන තිබීම ඇගයීමට ලක් විය යුතු කරුණකි.ක්‍රීඩාංගණය විවෘත කිරීම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන තරග කිහිපයකට සහභාගි වීමට සහ පුහුණු කදවුරු කිහිපයක් පැවත්වීම වෙනුවෙන් පැමිණි කනගාවා උසස් පාසල් ඇකඩමි බේස්බෝල් කණ්ඩායම සහ ජපන් දූත පිරිස ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කරද්දී මේ ආකාරයේ සමරු තිළිණයක් හෝ ලබා දීමට කටයුතු කිරීම වැදගත් සහ අගය කළ යුතු තත්ත්වයකි.
කෙසේ හෝ රණබිම පිටියේ සූදානම් කර තිබූ මහනුවර තරුණ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම අතර තරගය වර්ෂාවට සේදී ගිය අතර ඔවුන් විසින් පවත්වන්නට යෙදුණු පුහුණු කදවුර පැවත් වූයේද රණබිම පිටිය සහ එම විද්‍යාලීය කායවර්ධන සහ ශක්තිවර්ධන ශාලාව ද ප්‍රයෝජනයට ගනිමින්ය.එම අවස්ථාවට මහනුවර ප්‍රදේශයේ බේස්බෝල් ක්‍රීඩාව පවතින ත්‍රිත්ව,සිල්වෙස්තර්,රණබිම රාජකීය,කිංස්වු2ඩ් සහ ධර්මරාජ විද්‍යාල වලට සම්බන්ධ 75 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන් අතර බෙදා දුන් ක්‍රීඩා භාණ්ඩ ද ඒ මොහොතේම සියළු දෙනා අතර බෙදා දෙන ලදී.
එසේම ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් කිරීම සදහා ඇප කැප වී ක්‍රියා කළ වත්මන් ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් පුහුණුකරු වටනබේ වෙනුවෙන් සමරු තිළිනයක් ප්‍රදානය කිරීමද එදින සිදු වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවයි.
www.supirikrida.com

Dec 27, 2012

ශ්‍රී ලංකාව තවත් පරාජයක් අභියස

Michael Clarke drivesමයිකල් ක්ලාක් ගේ නායකත්වය ඉදිරියේ වාර්තාගත ජයග්‍රහණයක් මෙන්ම වසරක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා වීමේ අවස්ථාවත් මයිකල් ක්ලාක්ට හිමි කර දෙමින් මෙල්බෝර්න් නුවර ක්‍රියාත්මක දෙවන ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය වන්නට සිදුවනු ඇති බවට මේ වන පෙර නිමිති පහළ වෙමින් ඇත.ඕස්ට්‍රේලියානු වේගය ඉදිරියේ බිද වැටුණු මානසිකත්වයෙන් තරග වැදි ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුළු පූජා කරමින් ලකුණු 156 ට දැවී ගිය පසු පිටියට  පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලකුණු 95 ක සබදතාවයක් පවත්වමින් හොද ආරම්භයක් ලබා දුනි.
නමුත් ලකුණු 117 වන විට ශ්‍රී ලංකාව තරගයට ප්‍රවේශ වෙමින් කඩුලු 3 ක් දවා ගත්තද ඉන් අනතුරුව පිටියට එකතු වූ මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් දෙදෙන දෙවන දින දිවා භෝජනය වන විට ඕසට්‍රේලියානු ලකුණු පූවරුව ලකුණු 238 දක්වා රැගෙන ආවේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් දවා ගැනිමට තිබූ අවස්ථා දෙකක් මග හැරීමේ ආශිර්වාදය ද සමගය.සංගක්කාර සහ මහේල අතින් ගිලිහී ගිය එම අවස්තා දෙකේ වාසිය මැනවින් යොදා ගත් ක්ලාක් (56*) සහ වොට්සන් (60*) නොදැවී අර්ධ ශතක ලබා ගැනිමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට තවත් පීඩනයක් එල්ල කරමින් චානක වෙළගෙදරගේ සේවය ද අහිමි වී ගියේ ඔහු ව ආබාධයකට ලක් කරමින්ය.
මයිකල් ක්ලාක්, රිකී පොන්ටින් වසරක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණය වන 1544 තරග 15 දී ඉණිම 28 දී වාර්තා කර තිබුණු අතර ක්ලාක් මේ වසරේ තමා මුහුණ දෙන 11 වන තරගයේ 18 වන ඉණිමේ දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමේ භාග්‍යය උදා කර ගත්තේ මේ වසරේ ඔහුගේ ටෙස්ට් ඉණිමක සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 100 ට ඉහළින් තබා ගනිමින්ය.
ශ්‍රී ලංකාව ට ජය ගැනීමට අසීරු තරගයක් මෙන්ම පරාජය නොවී සිටීමට අසීරු තරගයක් බවට පෙරළෙමින් තිබෙන මෙම තරගයේදී අමතර පීඩනයක් එල්ල වෙමින් චානක වෙළගෙදර සහ ප්‍රසන්න ජයවර්ධන ආබාධ වලට ලක් වී තිබීම නිසා දෙවන ඉණිමේදී බොහෝ විට කඩුලු 8 ක් අතැතිව පන්දුවට පහර දීමට විය හැකි තත්ත්වයට පත් වී ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573012.html

www.supirikrida.com

අයර්ලන්තයේ ක්‍රීඩා රැජිණ සම්මානය බොක්සිං තරුව 'කැතී' ට


Katie Taylor with Irish flag after winning London 2012 medalදෙසැම්බර් 25 වන දා නත්තල් රාත්‍රිය ආලෝකමත් කරමින් අයර්ලන්ත ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරන්නට යෙදුණ ක්‍රීඩා තරු ඇගයීමේ සම්මාන උළෙලේ දී ‍ලොව ප්‍රථම කාන්තා ලයිට්වේග්ට් බොක්සිං ඔලිම්පික් රන් පදක්කම්ලාභිණිය වූ කැතී ටේලර් වසරේ දක්ෂතම අයිරිස් ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූවා ය.ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රුසියාවේ සොෆ්යා ඔචිගාවා පරාජය කරමින් ලකුණු 10 - 8 ක් ලෙස එම ඓතිහාසික රන් පදක්කමේ උරුමක්කාරිය වූවාය.
ලොව සිටින සුපිරිතම බොක්සිං ක්‍රීඩිකාවක ලෙස පතල කැතී ටේලර් සිව් වරක් ලයිට්වේග්ට් බර පංතියේ ලෝක සූරිය මෙන්ම පස් වරක් යුරෝපීය සූරිය ලෙස කිරුළු පැළදි ක්‍රීඩිකාවකි.තවමත්  26 හැවිරිදි කැතී ඉදිරියේදී බොක්සිං කවය තුළ තවත් බොහෝ වෙනස්කම් කළ හැකි ක්‍රීඩිකාවක් ලෙස ‍ජගත් බොක්සිං විචාරකයන්ගෙන් පැසසුම් ලබන ක්‍රීඩිකාවකි.
www.supirikrida.com