Mar 17, 2012

සචින් 100 යි - ඉන්දියාවට 0 යි බංගලාදේශය ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ඉතිරි කර දෙයි


බංගලාදේශයේ ක්‍රියාත්මක ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය බංගලාදේශය තරගයෙන් කඩුලු 5 විශිෂ්ඨ ජයක් වාර්තා කළ බංගලාදේශය තරගාවලිය තුළ තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදා කර දුන්නේය. කගෙක සිට පෙරුම් පුරමින් සිට සචින් තෙන්දුල්කාර් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ශතක ශතකයක් පසු කළ පළමු වැන්නා වීමට බංගලාදේශයට එරෙහිව ලකුණු 114 ක් ලබා ගනිමින් සමත් වීම ඊයේ තරගයේ විශේෂ සිදුවීම විය.එම ඝතකය ද සමග ඉන්දියාව සිය ලකුණු පූවරුව 289 දක්ව වර්ධනය කර ගත්තද බංගලාදේශය දැඩි ආක්‍රමණශීලී පිතිකරණ රටාවක නියැලෙමින් තරගයේ අවසන් පන්දු ඕවරයේ දෙවන පන්දුවේ දී ඉන්දියාවට පරාජය ගෙන දෙමින් තම ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 293 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය.ඒ අනුව සචින් තෙන්දුල්කාර් ශතක සියයක් සම්පූර්න කළ මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බංගලාදේශයට ලකුණු 4 ක් හිමි වන අතර ඉන්දියාවට කිසිදු ලකුණක් හිමි වන්නේ නැත.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට තව දුරටත් බලාපොරොත්තු ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙන අතර එහිදී පකිස්තානය ඉදිරියේ ඉන්දියාව පරාජය වීම සහ බංගලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සමග ජයක් ලබා ගතහොත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් උදා වනු ඇත.නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂතා වලට වඩා මෙහිදී වැදගත් වන්නේ පකිස්තානය ඉන්දියාවට එරෙහිව කෙතරම් දක්ෂතා දක්වන්නේ ද යන්නත් බංගලාදේශය හ්‍රී ලංකාව ඉදිරියේ කෙතරම් දුර්වල වෙනු ඇත්දත් යන්න කාරණා ය.
ඉන්දීය - බංගලාදේශ තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගෙන පිවිසීමට හැකිය.



29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය ගල්කිස්සේ දී


ඩීඑස්අයි ආයතනයේ AVI  ක්‍රීඩා නිෂ්පාදන තෙවන වරටත් අනුග්‍රහය දක්වන වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 21,22,23, 24 සහ 25 යන දින පහ තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.තරගාවලියට ඉකුත් වසරේ සහභාගි වූ තරගකරුවන් සහ තරගකාරියන් 352 ඉක්මවමින් මෙවර 407 ක් සහභාගි වීම කැපී පෙනෙන අතර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය ද ඉකුත් වසරේ සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 37 සිට 46 දක්වා ඉහළ නැග තිබීමද කැපී පෙනෙයි.

තරගාවලියේ ජයග්‍රාහකයන් ට වෙන වසර වල දී වගේම විදේශ සංචාරයක් ලබා දීමට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ආයතන වල අනුග්‍රහයෙන් සිදු කිරීමට සැළසුම් යොදා ඇති අතර එම සංදාර වසරක කාලයක් ඇතුළත දී සිදුවනු ඇත.
මෙම තරගාවලිය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව www.supirikrida.com වෙබ් අඩවියේ සංවිධානත්වයෙන් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ඩී ශාලාවේදී පැවති අතර එහිදී ඩීඑස්අයි ආයතනය වෙනුවෙන් එහි දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග විසින් වෙළදසේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝද ද කොස්තා වෙත භාරදුන් අවස්ථාව ප්‍රධාන ඡායාරූපයේ දැක්වේ.පිළිවෙළින් වමේ සිට ඩීඑස්අයි ආයතනයේ වෙළද ලාංඡන විධායක දේවින්ද කුලතුංග,එම ආයතනයේ දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග,වෙළද සේවා බැඩ්ම්න්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා,තරගාවලියේ තරග ලේකම් සහ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොසාන් ප්‍රනාන්දු,එම සංගමයේ ලේකම් රොහාන් සන්තානම් සහ එහි භාන්ඩාගාරික රහ්මික අබේසුන්දර ඡායාරූපයේ දැක්වෙන අතර පහත ඡායාරූපයේ මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මාධ්‍යවේදීන් පිරිසක් දැක්වේ. 
ඡායාරූප - එස් සුන්දර්රාජ් 

සොදුරු සිහිනයක් සැබෑ කිරීමේ වග කීමට තරුණ සේවා සභාවේ සවිය



රුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහිනය’ ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා උළෙල මාර්තු 20 සහ 21 යන දිනවල මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.පූර්ණ දෘෂ්‍යාබාධිත තරග,අර්ධ දෘශ්‍යාබාධිත,මන්ද මානසික,රෝද පුටු,සහ ශ්‍රවණාබාධිත ලෙස තරග අංශ කිහිපයකට ප්‍රබේද කර අදියර 5 කින් තරග පැවත්වෙන අතර අවුරුදු 20 න් ඉහළ සහ පහළ වශයෙන්  පැවත්වෙන අතර මේ සදහා මීටර් 75,100,200,400,යන ධාවන ඉසව්ද,දුර පැනීම,උස පැනීම,බෝලය වීසි කිරීම,යගුලිය වීසි කිරීම සහ රෝද පුටු තරග ද අතුළත් ය.

අවුරුදු 13 – 29 යන වයස් ඛාණ්ඩවලට අයත් විහේෂ අවශ්‍යයතා ඇති තරුණ තරුණියනට විවෘත මෙම තරගාවලියේ දී එක් තරග කරුවෙකුට සහභාගි විය හැකි උපරිම ඉසව් ප්‍රමාණය 3 ට සීමා කර ඇත.දිවයිනේ සියළුම පළාත් නියෝජනය වන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 ක් පමණ සහභාගි වෙනු ඇතැයි අපේක්ෂා කරන මෙම ක්‍රීඩා උළෙල යෞවන කටයුතු සහ නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ උපදේශකත්වය හා නියෝජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ගේ අධීක්ෂනය යටතේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් ‍පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැගෙන්නේය.තරගාවලියේ වයස 20 න් ඉහළ සහ පහළ සූරතාවය සහ අනු සූරතාවය ද,සමස්ත සූරතාවය සහ අනු සූරතාවය ද ඒ ඒ වයස් ඛාණ්ඩ ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවද ඇගයීමට ලක් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය 20 දා පෙරවරු 10.00 ට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ අමත්‍ය ඩලස් අලහප්පෙරුම ය.  

ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි අවසන් තරගයට තරු යුගළක්

ගම්පහ සියනෑතරු
දෙබෑගම රන්තරු
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව පවත්වන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ අවසාන තරගයට ගම්පහ සියනෑ තරු කණ්ඩායමත් රුවන්වැල්ල දෙබෑගම රන්තුරු කණ්ඩායමත් තේරීපත් විය.සියනෑ කණ්ඩායම තරග වට 3 – 2 ක් ලෙස නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමත් බොරලැස්ගමුව බලරැස් කණ්ඩායම වට 3 – 1 ලෙස පරදවා දෙබෑගම රන්තරු කණ්ඩායමත් ඒ අනුව අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසාන තරගට හෙට (මාර්තු 18) දා ආර්ථික සංවර්ධන කටයුතු අදාත්‍ය බැසිල් රාජපක්ෂ,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වොලිබෝල් සම්මේලන සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය යන අයගේ ප්‍රධානත්වයෙන් ප.ව. 3.00 ට නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වේ.


කාන්තා 20 / 20 තරගාවලිය 19 දා ඇරඹෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා 20 / 20 ක්‍රිකට් තරගාවලිය එලැඹෙන මාර්තු 20 දින පනාගොඩ දී ආරම්භ වීමට නියමිතය.උතරු මැද,බස්නාහිර,දකුණ, මධ්‍යම සහ ඒකාබද්ධ පළාත් ලෙස කණ්ඩායම් 5 ක් තරගාවලියට ‍නම් කර ඇති අතර පනාගොඩ,තර්ස්ටන්,මුවර්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා පිටි ආශ්‍රිතව තරගාවලිය ක්‍රියාත්මක වේ.

 



දිනය
          තරගය
ස්ථානය
වේලාව
                               
                                                                         උතුරු මැද පළාත
මධ්‍යම පළාත
පනාගොඩ
පෙ.ව.10.00

                                                                            බස්නාහිර පළාත
ඒකාබද්ධ පළාත්

ප.ව.2.00  
20-
                                                                          උතුරු මැද පළාත
දකුණ පළාත
පනාගොඩ
පෙ.ව.10.00

                                                                           මධ්‍යම පළාත
බස්නාහිර පළාත

ප.ව.2.00  
21-
                                                                           උතුරු මැද පළාත
ඒකාබද්ධ පළාත්
මුවර්ස්
පෙ.ව.10.00

                                                                            මධ්‍යම පළාත
දකුණ පළාත

ප.ව.2.00  
22-
                                                                           බස්නාහිර පළාත
උතුරු මැද පළාත
තර්ස්ටන්
පෙ.ව.10.00

                                                                           දකුණ පළාත
ඒකාබද්ධ පළාත්

ප.ව.2.00  
23-
                                                                           බස්නාහිර පළාත
දකුණ පළාත
තර්ස්ටන්
පෙ.ව.10.00

                                                                           ඒකාබද්ධ පළාත්
 මධ්‍යම පළාත

ප.ව.2.00  
26-
                                                                          අවසන් පූර්ව තරග
කෝල්ට්ස්
පෙ.ව.10.00



   
ප.ව.2.00  
27-
                                                                         අවසාන තරගය
කෝල්ට්ස්
ප.ව.2.00  
www.supirikrida.com

Mar 16, 2012

පකිස්තානය ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු සුන් කරයි


සියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූරතාවය පිළිබදව තැබූ බලාපොරොත්තු සුණු විසුණු කර දැමූ පකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඒ සදහා මේ වන විට අභියෝගයක් නොමැති අතර ඊයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක් ද සමග හිමි කර ගනිමින් පකිස්තානය ලකුණු සටහනේ ලකුණු 9 ක් දිනා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය ලැබූ හ්‍රී ලංකා පිතිකරු බල ඇණිය කලෙකට පසු අසාර්ථක වූ අතර ලකුණු 200 සීමාවෙන් මෙපිට නැවතිණ.ආරම්භක පිතිකරුවාගේ භූමිකාවෙන් මිදුණු පසු එක දිගට ලකුණු අතර සිටින උපුල් තරංග (57) සහ කුමාර සංගක්කාර ( 71) පසුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සබදතාවයක් පවත්වමින් ලකුණු 65 ට කඩුලු 4 ක් බිද වැටී තිබූ ශ්‍රී ලංකාවේ ඉරණම යහපත් ස්ථානයකට ගෙන ඒම සදහා සාධනීය උත්සාහයක් දැරුවද ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 5 ලකුණු 27 ක් තුළ අහිමි විය.
අයිසීස් චීමා පන්දුවෙන් පෑ දක්ෂතා ඉහළ මට්ටමක පැවති අතර මහේල,ඩිල්ෂාන්,සංගක්කාර වන ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ ප්‍රබලතම තුරුම්පු තුන සහ ලසිත් මාලිංග ගේ කඩුලු ලකුණු 43 ක් තුළ දවා ගත් ඔහු පකිස්තානයේ ජය මාවත විවර කළ ක්‍රීඩකයා හැටියට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු 33 ට කඩුලු 3 ක් අහිමි කළ ද,ශ්‍රී ලංකාව ඊයේ දවසේ ප්‍රදර්ශනය කළ ඇතැමි දුර්වලපන්දු රැකීම් ද වාරු කර ගත් නායක මිස්බා උල් හක් සහ උමාර් අක්මාල් සිව්වන කඩුල්ලට ලකුණු 152 ක සබදතාවයක් පවත්වමින් පකිස්තානය ජය මාවතට සමීප කළේය.ඒ අතරින් වඩාත් ප්‍රවේගකාරී වූ උමාර් අක්මාල් පන්දු 72 දී ලකුණු 77 ක් ලබමින් පකිස්තානයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක් සමග සහතික කිරීමට මූලිකත්වය ගත් අතර නායක මිස්බා නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ. http://www.espncricinfo.com/asia-cup-2012/engine/match/535796.html

www.supirikrida.com

ඩයලොග් ජනාධිපති රන් කසලාන කාන්තා අවසාන තරගයට විජය සහ ගෝල්ඩන් බ්ර්ඩ්ස්

කොස්වාඩිය විජය
රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස්

යලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසාන තරගයට කොස්වාඩිය විජය සහ රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ ඊයේ පැවති තරගවලදී පිළිවෙලින් ‍දෙනියාය ශාන්ත මේරි ක්‍රීඩා සමාජය සහ ඇහැළියගේාඩ ධර්මපාල කණ්ඩායම් පරාජයට පත් කරමින් වූ අතර මෙවර අවසාන පූර්ව තරග සදහා පිවිසි ධර්මපාල සහ ශාන්ත මේරි කණ්ඩායම් ඉතා ලාබාල පාසල් ක්‍රීඩිකාවන්ගෙන් යුතු කණ්ඩායම් වීම කැපී පෙණුනා.
මේ වසරේ ජයග්‍රාහකයින් තීරණය කරන තරගය 18 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැව්වෙනවා.
www.supirikrida.com