Jan 5, 2012

කේප් ටවුන්වලට ලකුණු වැස්සක්

කුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කේප් ටවුන් හී ක්‍රියාත්මක තෙවන ටෙස්ට් තරගය දෙවන දිනයට නතර වෙද්දී එම තරගයේ පළමු දින දෙකේ දෙපිලේම ලකුණු එකතුව ලකුනු 729 ක් වාර්තා වී ඇති අතර දැවී ගොස් ඇත්තෙ ක්‍රීඩකයන් හයක් පමණයි.තේ පානයෙන් සුළු මොහොතකට පෙර කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා ඉණිම නවතා වූ අතර  පළමු ඉණිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංක කණ්ඩායම දිනය අවසාන විට ලකණු 149 ක් ලබා නොදැවී සිටිනවා.
දකුණු අප්‍රිකා ඉණිමේ දැවන්තම ප්‍රහාරය ජැක් කලිස් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහුගේ දෙවන ද්විත්ව ශතකය (224)වාර්තා කිරීමට ද සමත් වුණා.පන්දු යවන්නනන්ට හිතකර නොවන මෙවැනි තණතීරුවක ශ්‍රී ලංකාව ද වේගවත් ලකුණු ලබා ලැනීමක නිරත වන අතර ඊයේ දිනය නිමා වන විට ඔවුන් වෙනුවෙන්  තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ලකුණු 78 ලබා ක් දැවී ගියා.පහත දැක්නේනේ මේ දක්වා තරගාවලියේ  ලකුණු විස්තරය යිhttp://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html

මුෂ්ටි වන්නමේ පළමු පදය සාර්ථකයි

ලාකේය වේදිකාවට මෙතෙක් විෂය නොවූ ක්‍රීඩාව පාදක කර ගනිමින් නිර්මාණය වන මුෂ්ටි වන්නම වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල කිරුළපොන ගන්ධාරා හී දී පැවත්වුණා.කලා කේෂ්ත්‍රයට මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රයට ද විවිධ අයුරින් දායක වූවන් මෙම මුහුරත් උත්සවයට සහභාගී වී සිටියා.දේශීය නර්තන කලාව සහ ක්‍රීඩාව අතර සහසම්බන්ධතා හදුනා ගැනීමට උත්සාහ කරන පර්යේෂණශීලී වේදිකා අත්දැකීමක් ලෙස හැදින්විය හැකි මුස්ටි වන්නම නිර්මාණය වන්නේ නිශ්මං රණසිංහ සහ සුදත් එස් පහළගම අතින් වන අතර එහි පිටපත රචනා කළේ නිශ්මං රණසිංහ යි.මෙම වේදිකා නිර්මාණය ගෙන ඒම සදහා අර්ථපති දායකත්වයදක්වන්නේ ද සුදම් එස් පහළගමයි.


Jan 4, 2012

මුෂ්ටි වන්නම අද ඇරඹෙයි



දේශීය නර්තන කලාව ක්‍රීඩා පුහුණුව සදහා පදනම් කර ගනිමින් ඔලිම්පික පදක්කමක් සදහා ක්‍රීඩකයෙකු නිර්මාණය කිරීම පසුබිම් කරගත් මුෂ්ටි වන්නම වේදීකා නාට්‍යයේ මුහුරත් උළෙල අද පෙරවරුවේ කොළඹ 06,ස්ටැෆර්ඩ් ඇවනිව් හී පිහිටි ගන්ධාරා හී දී පැවත්වීමට නියමිතය.ක්‍රීඩාව පදනම් කර ගත් නාට්‍ය නිර්මාණයක් පළමු වරට ලාංකේය වේදිකාවට ගෙන එන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක නිශ්මං රණසිංහ විසින් රචිත මෙම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ නිශ්මං රණසිංහ සහ සුදම් එස් පහළගම විසිනි.
සංගිත අධ්‍යක්ෂණයෙන් ගයාන් ගණකධාර දායක වන අතර ආලෝකකරණයෙන් වසන්ත කුමාර ද,අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ ද මුෂ්ටි වන්නමට දායක වෙයි. වේදිකා පසුතල නිර්මාණය මෙන්ම වේදිකා පරිපාලනයද සුදම් එස් පහළගම සහ සුප්‍ර වීරකෝන් අතින් සිදුවන අතර ඇදුම් නිර්මාණය නිශ්මං රණසිංහ ගෙන්ය.නිශ්පාදන කළමණාකරු ලෙස මේ වේදිකා අත්දැකීම යථාර්ථයක් කිරීමට දායක වන්නේ ද සුදම් එස් පහළගමයි.

කලිස් පිබිදෙයි


මෙවර ශ්‍රී ලංකා දකුනු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය තුළ අසාර්ථක පිතිකරුවෙකු බවට පත්ව තිබූ ජැක් කලිස් තෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ දී ඒ සියළු දුර්වලතා මගහැර පරිපූරණ පිතිකරුවෙකු බව ‍ප්‍රදර්ශනය කරමින් අති විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින් ලකුණු 156 ක් ලබා නොදැවී සිටියි.කඩුලු 2 ක් ලකුණු 56 ට බිද වැටී සිටියදී පිටියට පිවිසි ජැක් කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප්ටවුන් තණතිල්ලේ හැසිරීම සියතට ගනිමින් අගනා ලකුණු 109 ක් රැස් කළ ඇල්විරෝ පීටර්සන් සමග තෙවන කඩුල්ලට ලකුණු 205 ක සබදතාවයක් පැවත්වූහ.ඉන් අනතුරුව පිටියට පිවිසි ඒබී ඩිවිලියර්ස් සමග මේ වන විට ලකුණු 86 ක නොබිදුණු සබදතාවයක් දියත් කරමින් සිටින කලිස් මේ වන විට දකුණු අප්‍රිකා ඉණිමේ ලකුණු තත්ත්වය කඩුලු 3 ට ලකුණු 347 ක් දක්වා ඔසවා දමන්නට දායක වී සිටියි.
කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලය ක්‍රමයෙන් සිය අණසක යටතට ගත් කලිස් ඒ සියළු දෙනා තමන්ට ලකුණු සපයන්නන් බවට පත් කරගත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින අතර දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම ධම්මික ප්‍රසාද් විසින් දවාගෙන ඇත්තේ ලකුණු 85 ට ය.චානක වෙළගෙදර ලකුණු හැත්තෑ පහකට එක් කඩුල්ලක් දවාගෙන සිටියි.තරගයේ ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html

Jan 3, 2012

ක්‍රිකට් නිලවරණයේ ජය උපාලි පාර්ශවයට නිතරගයෙන්?


ද වසර හතකට පසුව පැවත්වෙන නිලවරණයේ බොහෝ තනතුරු සදහා උපාලි ධර්මදාස පාර්ශවයේ පිරිස් නිතරගයෙන් පත් විය හැකි බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.ඊට හේතුව වන්නේ අනෙක් පාර්ශවයන් තරග නොවැදි අද නිලවරණයෙන් ඉවත් විය හැකි බවට විශාල ඉඩකඩක් පැවතීමයි.ඊයේ වන විටත් ක්‍රීඩා සමාජ නියෝජිතයන් පත් කිරීම මෙන්ම අපේක්ෂකයන් ගේ නුසුදුසුකම් ගැනද විරෝධතා එල්ල වෙමින් පැවති අතර එම හේතුව ප්‍රධාන කර ගෙන මෙම ඉල්ලා අස්වීම් සිදු විය හැකි බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
නමුත් ක්‍රිකට් කේෂ්ත්‍රයේ තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ යම්කිසි බලවේගයක අවශ්‍යයතාවය මත ක්‍රිකට් නිලවරණය ඡන්දයකින් තොරව පැවත්වීමට අවශ්‍යය වටපිටාව සැකසෙමින් පවතින බවයි.ඒ අනුව ක්‍රිකට් නිලවරණයේ සාධාරණ බව ගැන ප්‍රශ්න කරමින් ඉවත් වීම යනු විරෝධය ප්‍රකාශ කරන පාර්ශව සිය ආත්ම ගෞරවය වෙනුවෙන් ගනු ලබන පියවරක් බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.කෙසේ හෝ තිලංග  සුමතිපාල ඉවත්ව ගිය ද ඔහු ගේ පාර්ශවය නියෝජනය කරන කණ්ඩායමට නායකත්වය දෙන මොහාන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ තම කණ්ඩායම තරගයෙන් ඉවත් නොවී තරග වදින්නේ නම් ක්‍රිකට් ලේකම් ධූරයේ තරගය පිළිබදව යම් තරගකාරීත්වයක් ඇති වුව ද, සෙසු නිල සදහා සිය පාර්ශවය නියත වශයෙන්ම පත්වනු ඇති බව යි.




ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රණයකට යාමේ අවස්ථාවක්


කෙතරම් කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව තිබුණ ද,දකුණු අප්‍රිකාව තුළ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ අවස්ථාව පළමු වරට ඉකුත් ටෙස්ට් තරගයේදී සපුරා ගත් ශ්‍රී ලංකාවට අද ඇරඹෙන ටෙස්ට් තරගය ජය ගැනීමට හැකි වුවහොත් පළමු වරට දකුණු අප්‍රිකාව තුළ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමි වෙනු ඇත.දිගින් දිගටම තරග පරාජය වීමේ සියළු පාපයන් සිය කරමත තබා ගැට ගසා ගන්නට වී සිටි නායක තිලකරත්න ඩිල්ෂාන්ට ද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් සදහා නායකත්වය දීමට ලැබුණු ආකාරයෙන්ම මෙම තරගයද ජය ගන්නට ලැබු‍ණ හොත් ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක‍නොයකත්වය දීමේ අවස්ථාව ද ඔහුට හිමි වෙනු ඇත.
අද තරගයේදී සිය පළමු ටෙස්ට් තරගයෙන්ම සාර්ථකත්වය පෙන් වූ අතළොස්ස අතරට පැමිණි දිනේෂ් චන්දිමාල් ට ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගයට සහභාගී වීමට හැකි වේ දැයි යම් සැකයක් මතු වී තිබෙන බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.හසේම කෙතරම් අසාර්ථක වුව ද කණ්ඩායමේ ස්ථානය අහිමි නොවන භාග්‍යවන්තයෙක් ලෙස කීර්තියට පත් ව සිටින දිල්හාර ප්‍රනාන්දු ද ආබාධයකට ලක් වී තිබෙන බවත් ඔහු ක්‍රීඩා කිරීමද අවිනිශ්චිත බවත් දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.