Aug 20, 2013

මධුෂිකාටත් ලෝකඩ පදක්කමක්

චීනයේ නැන්ජින් නුවර ක්‍රියාත්මක දෙවන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් වූ දෙවන ලෝකඩ පදක්කම දිනා දීමට නිර්මලී මධුෂානි සමත් වුණා.ඒ මීටර් 400 ඉසව්වේදී ඇ‍යගේ හොදම පෞද්ගලික කාලය (55.96) වාර්තා කරමින්.අවසාන තරගයට ඉදිරිපත් වූ අය අතර හොදම කාලය වාර්තා කළ අය අතර දෙවන තැන සිටි මධුෂිකා ට අවසාන තරගයේ සැබෑ තරගකාරී වටපිටාව යටතේ සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කර ගන්නට හැකි වුව ද තරගයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
කතළුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මධුෂිකා මේ ගමන යාම සදහා විශාල වෙහෙසක් දැරූ බව අමතක නොකළ යුතුයි.දිනපතා කළුතර සිටින සිය පුහුණුකරු සොයා පැමිණෙන ගමණම ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග හසර කියාදෙන ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන මධුෂිකා අනාගතය වෙනුවෙන් රැක ගැනීම සදහා වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු විය යුතු ක්‍රීඩකාවක්.
මේ අතර මීටර් 100 අවසාන පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබූ චංචලා දිසානායකට සිය අවසන් පූර්ව තරගයේ දී හිමි වූයේ හත්වන ස්ථානයයි.ඇය එහිදී තත්පර 12.72 ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.එසේම මීටර් 110 කඩුළු පැන දිවීමේ ඉසව්වේ මූලික තරගයේ දෙවන ස්ථානය දිනා ගත් අකිල රවිශංක (14.52) ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.එසේම මිටර් 400 බාලක අවසාන තරගයට ඉදිරිපත් වූ ෂෙහාන් ලක්ෂිත සිය හොදම පෞද්ගලික කාලය (50.51) වාර්තා කළ ද,ඔහුට හිමි වුණේ සිව්වන ස්ථානයයි.
මේ අතර මලල ක්‍රීඩා අංශයේ මීටර් 1500 ඉසව්වට සහබාගි වූ දිල්හානි ප්‍රනාන්දු විනාඩි 5:04.17 කින් තරගය නිම කරමින් 16 දෙනෙකු අතරින් 11 වන ස්ථානයට පත් වන්නට සමත් වුණා.පිහිණුම් තරග වල දී නිදහස් ආර මීටර 200 පිරිමි තරගයට සහභාගි වූ ඩන්කන් මැතිව් මූලික තරගයකදි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.බාලිකා මීටර් 200 නිදහස් ආ තරගයට සහභාගි වූ මචිකෝ රහීම් සිය මූලික තරගයේදී සිව්වන ස්ථානයට පත් වුණා.පිරිමි වෙඩි තැබීම මුදිතා තරග සදහා ඉදිරිපත් වූ මුදිත සමරනායකට 16 දෙනෙකු අතරින් 16 වන ස්ථානයම දිනා සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com

නිර්මලී පදක්කම් බලාපොරොත්තු අතරට

චීනයේ ක්‍රියාත්මක දෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්මලී මධුශිකා මීටර් 400 බාලිකා ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් බවට පත් වෙමින් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් එම ඉසව්වේ මූලික තරගය ජය ගත්තාය.තත්පර 56.62 ක දක්ෂතාවයක් පෙන්වමින් එම ඉසව්ව නිමා කළ නිර්මලී මධුශිකා අවසාන තරගයට තේරීපත් වී සිටින ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතර දෙවන වන්නේ චීන ක්‍රීඩිකාවට පමණි.අහංගම කතළුව විද්‍යාලයේ සිසුවියක වන නිර්මාලි,වර්ථමානයේ ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන්නීය.
මේ අතර ඊයේ බාලිකා මීටර් 100 තරගයට ඉදිරිපත් වූ චංචලා දිසානායක එම ඉසව්වේ පස්වන ස්ථානයට පත් වුව ද,අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලද්දේ ඇයගේ හොදම පෞද්ගලික දක්ෂතාවය සටහන් කරමින් තතපර 12.72 ක දක්ෂතාවයක් දක්වමින්ය.සුරංග කාරියවසම්ද සිය මූලික තරගයේදි සිව්වැන්නා වුව ද,අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබ ගැනීමට සමත් වූ අතර එහිදී ඔහු සිය ඉසව්ව තත්පර 11.35 කින් නිම කරන්නට සමත් විය.
වෙඩි තැබීමේ ඉසව් නියෝජනය කළ කොර්න් ඕමාන් වායු රයිෆල් මීටර් 10 ඉසව්වේ දී 37 ක් අතරින් 34 වැන්නා වූ අතර ශ්‍රී ලංකාවේ රගර් පදක්කම් බලාපොරොත්තුව කණපිට හැරවූ චීන තායිපේ ගැටවරයන් ශ්‍රී ලංකාවට ලකුණු 24 - 17 ක පරාජයක් හිමි කර දුන්නේය.
www.supirikrida.com

රවීන් සේයර් ගේ පන්දු ඉදිරියේ එංගලන්ත ගැටවරයෝ අසරණ වෙති - ලංකාවට ඉණිමක ජයක්!


එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු දෙදින තරගයේදී ද එංගලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ද,අනතුරුව පැවති තෙදින තරගය ජයග්‍රහණයකින් කෙළවර කළේ එංගලන්තයට ඉණිමක සහ ලකුණු 80 ක පරාජයක් අත් කර දෙමින්ය.ඒ සදහා ප්‍රබල දායකත්වයක් සැපයූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වු රවීන් සේයර් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 98 ට කඩුලු 10 ක් බිද හෙළමින් සමස්ත තරගය පුරා ඉණිම දෙකටම එංගලන්තය ලබා ගත් ලකුණු 329 ලබා ගැනීමට වැය කළ කඩුලු 20 න් හරි අඩකටම වග කියන්නට සමත් විය.එංගලන්තය පළමු ඉණිමට ලකුණු 191 රැස් කරද්දී ලකුණු 71 ට කඩුලු 8 ක් බිද හෙලූ රවීන්,දෙවන ඉණිමේදී ලකුණු 28 ට කඩුලු 2 ක් බිද හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 399 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ගැටවරයන් වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කවීන් බණ්ඩාර අගනා ලකුණු 109 ක් එක් කළ අතර නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න ලකුණු 66 ක් ලැබීය.සහන් අරච්චිගේ ලකුණු 60 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් රැස් කිරීමට සමත් විය.
www.supirikrida.com


Aug 18, 2013

නදීකා ට 12 ෙකටි දුර සහය දිවීම් කිරුළත් ජැ‍මෙයිකාවටම

මොස්කව් හී දී නිමාව දුටු ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ ෙහල්ල වීසි කිරීමේ අවසාන තරගය නියෝජනය කිරිෙම් ඓතිහාසික අවස්ථාව දිනා ගත් නදීකා ලක්මාලි ට අවසාන තරගයේ දී සුපුරුදු දස්කම් දැක්වීමට අවස්ථාව නොලැබුණු අතර ඒ නිසා  පළමු උත්සාහයන් තුනේදී තරග අවසාන උත්සාහයන් තුන හිමි වන අට දෙනා අතරට හෝ පිවිසීමට ඇයට නොහැකි විය.අවසාන තරගය සදහා තරග වැදි 12 දෙනා අතරෙන් මීටර් 58.16 ක දක්ෂතාවයක් දැක් වූ නදීකා 12 වැනියා ලෙස තරගය නිමා කළාය.තරගයේ ජයග්‍රහණය ජර්මණියේ ක්‍රිස්ටිනා බබර්ගෆොල් විසින් දිනා ගත්තේ මීටර් 69.05 ක දක්ෂතාවයක් දක්වමින්ය.දෙවන ස්ථානය හිමි වූයේ ඕස්ට්‍රේලියාවේ මයික්ලේ කිම්බර්ලේට වන අතර ඇය මීටර් 66.60 ත දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.තෙවන ස්ථානය රුසියාවේ මාරියා ඇබකුබෝවා විසින් මීටර් 65.09 ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත්තාය.
කෙසේ හෝ කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම ගත් කළ වීසි කිරීම් ඉසව් වලදී වැඩිම ලෝක අවධානයක් දිනා ගත්තේ නදීකා යන්න මේ වන විට විවාදයකින් තොරව පිළිගත යුතු සත්‍යයක් වන අතර ඇය පින්ලන්තයේ ලද පුහුණුව මෙන්ම ලෝකයේ නව ප්‍රවනතා පිළිගනිමින් ඒ ඔස්සේ ස්වීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික හැකියාවන් හදුනා ක්‍රියා කිරීමේ හැකියාව ඇති ඒජේ රොද්‍රිගෝ නම් වන පුහුණුකරුවාද මේ ජයග්‍රහණය පිටුපස දැවැන්ත සෙවනැල්ලක් විය.
එසේම තරගාවලිය නිමා කරමින් පැවති කාන්තා සහ පිරිමි 100 සහය දිවීමේ තරග වල දී කිසිදු අපහසුවකින් තොරව රන් පදක්කම් පැළද ගැනීමේ අවස්ථාව ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි විය.මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයම කාන්තා (ෂෙලී ඈන් ප්‍රෙසර්) සහ පිරිමි (උසෙයින් බෝල්ට්) ලෙස ජැමෙයිකාවට දිනා ගත් අතර මෙම සහය දිවීමේ ඉසව් ජයත් සමග තරගාවලියේ කෙටි දුර සම්බන්ධ සම්පූර්ණ ගෞරවය කිසිදු විවාදයකින් තොරව ජැමෙයිකාවට හිමි වන්නේය.
www.supirikrida.com

පළමු පදක්කම මිහිලියාගෙන්

චීනයේ පැවත්වෙන දෙවන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට පළමු පදක්කම එකතු කිරීමට ස්කෝෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි සමත් වුණා.බාලිකා ස්කොෂ් රන් පදක්කම සදහා වන සටනට පිවිසෙන ක්‍රීඩිකාවන් දෙදෙනා තෝරා ගැනීම සදහා පැවත් වූ අවසාන පූර්ව තරගයේදී මැලේසියාවේ වැනීසා රාජ් ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබීම නිසා ඇයට ලෝකඩ පදක්කමෙන් නවතින්නට සිදු වුණා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන මිහිලියා මීට පෙර ද ආසියාතික මට්ටමෙන් දක්ෂතා දක්වා තිබෙන අතර ඇය එම දක්ෂතාවයන් සුරැක ගනිමින් ඇය මෙවර ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමේ ගෞරවණිය අවස්ථාවට සමීප වුණා.
මේ අතර ස්කොෂ් තරග සදහා ඉදිරිපත් වූ ලක්සිරි කවිදු අද මැලේසියාවේ කමල් මොහොමඩ් අතින් වට 3 - 0 ක පරාජයක් ලැබුවා.මේ අතර මේස පන්දු තරග වලදි දක්ෂතා දැක් වූ උදය රණසිංහ මොංගෝලියාවේ කුස්ලේන් ඔට්ගොන්චුන්ජ්ට එරෙහිව නිතරග ජයක් ලැබූවද තායිලන්තයේ සුසනට් විසුත්මයිනොකොන්ජ් ඉදිරියේත්,තායිපේ ක්‍රීඩක හුවාන්ග් වෙයින් ටූ අතිනුත් වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වුණා.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරන මේස පන්දු ක්‍රීඩක විමුක්ති විජේසිරි,සවුදි අරාබියේ අල්කද්වාරි අලි ඉදිරියේ වට 3 - 1 න් පරාජයට පත් වුණා.මේස පන්දු ක්‍රීඩිකා රුවිනි කන්නන්ගරට ද සිය ප්‍රතිවාදි ක්‍රීඩිකා රිසෝවා යුලී  වෙතින් හිමි වූයේ වට 3 - 1 ක පරාජයක්.
ටෙනිස් තරග සදහා ඉදිරිපත් වූ ෂර්මාල් දිසානායක වට 2 - 1 ක් ලෙස මූලික තරගයේදී ආසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වදින අමාන් අගාර්වල් අතින් පරාජය වු අතර යොවුන් ක්‍රීඩිකා නෙත්මි වඩුගේ පරාජයට පත් වුණේ වට 2 - 0 ක් ලෙසයි.ඒ මැලේසියාවේ යලිසා නූර් වෙතින්.එසේම වෙඩි තැබීමේ ඉසව්වට ප්‍රනීතා වාසුදේවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වෙමින් 39 දෙනෙකු අතරින් 19 වන ස්ථානයට පත් වුණත් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ නැහැ.පළමු දිනයේ චීනයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් රගර් ක්‍රීඩකයන් අද පිලිපීනය ද ලකුණු 47 - 0 ක් ලෙස පරාජයට පත් කළා.එහෙත් හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ලකුණු 29 - 0 ක පරාජයක් විදින්නට සමත් වුණා.
www.supirikrida.com

   

ලෝක ප්‍රවීනයන්ගේ මේස පන්දු සූරතාවලියට තිදෙනෙක්

තාලියේ ටොරිනෝ හී අගෝස්තු 2 දා සිට 10 දා දක්වා පැවත්වෙන ලෝක ප්‍රවීනයන්ගේ මේස පන්දු සූරතාවලියට ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ උප සභාපතිණියක මෙන්ම සිව් වරක් ජාතික සූරතාවය දිනූ හිටපු ජාතික සූරියක වන තමාරා හේවගේ ඇතුළුව ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වීමට නියමිතව ඇත.ඒ අනුව තමාරා ට අමතරව විජිතා ජයරත්න සහ නිල්මිණි විජේතුංග යන ක්‍රීඩිකාවන් දෙදෙනාද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com


ක්ලිෆර්ඩ් 25 දා සුගතදාස භූමියේදී

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා ඉසව්වක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය මෙම 25 වන දා සිට 29 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.කාන්තා සහ පිරිමි බර පංති 10 ක් බැගින් අයත්වන මෙම තරගාවලිය වීවෘත වන්නේ අවුරුදු 19 න් ඉහළ සහ 40 න් පහළ තරගකරුවන්ට පමණි.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති රීති වලට අනුව පැවත්වෙන තරගාවලිය තුළ ජයග්‍රාහකයන් අතරෙන් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම මෙන්ම වැඩි දක්ෂතා දක්වන ක්‍රීඩා සමාජයද ඇගයෙන බැවින් තරගාවලියේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවත්වෙනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com