Feb 4, 2012

ලක්ෂ දෙකේ ජය මල්ල යුධ හමුදාවේ ගයාන් කුමාර ට


දැයට කිරුළ පාපැදි සූරතාවයේ සමස්ත සූරතාවය දිනා ගැනීමට ශ්‍රී යුධ හමුදා පාපැදි කණ්ඩායම නියෝජනය කළ ගයාන් කුමාර සමත් විය.පැය 10:03:07 ක කාලයක් ගත කළ ගයාන්ට වඩා තත්පර 09 ක් පිටු පසින් සිටි එම කණ්ඩායමේ ම තිළිණ ද සිල්වා මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේය.තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ මොහොමඩ් සාලි හිමි කර ගත්තේ පැය 10:03:18 ක කාලයක් ගත් කරමින්ය
තරගයේ අවසාන අධියර මාතලේ සිට අනුරාධපුරයට පැමිණි අතර එම අදියර ජයගත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කිවිසුරු කරුණාරත්න සමස්ත තරගයේ ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ද විය.එසේම අවසාන අදියරේ දෙවන ස්ථානය දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිරාන් නදීර සමස්ත තරගයේ ස්ප්‍රින්ට් ජයග්‍රහණ අංශයේ දෙවන ස්ථානය ද දිනා ගත්තේය.සිව්වන අදියරේ තෙවන ස්තානය දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව නියෝජනය කළ ආසිරි කැළුම් දිනා ගත් අතර සමස්ත ස්ප්‍රින්ට් ජයග්‍රහණයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග ට හිමි විය.

මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරී හතරවන පියවරේ විභාග අයදුම් පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන්


ලල  ක්‍රීඩා සහය තාක්ෂණික නිලධාරීන් ගේ සිව්වන අදියර විභාගය සදහා පෙනී සිටින පිරිස ට ඒ සදහා අවශ්‍යය ඉල්ලුම් පත්‍රය සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව ඇත.විභාගය මාර්තු මස 18 දා පැවත්වෙන අතර ඒ සදහා ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය පෙබරවාරි 28 දා වෙයි.
රුපියල් 500 ක ඇතුළත්වීමේ ගාස්තුත් සමග වෙබ් අඩවියෙන් බා ගන්නා ඉල්ලුම්පත්‍රය පුරවා ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනයට ප්‍රථම,ලේකම්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය,නො.281,මීරානියා වීදිය,කොළඹ 12 යන ලිපිනයට යොමු කිරීමෙන් ඔබට මෙම විභාගය සදහා පෙනී සිටීමේ අවස්ථාව උදා කර ගැනීමට හැකිය.අප වෙබ් අඩවියේ ‘මලල ක්‍රීඩා සහය තාක්ෂණ නිලධාරී  විභාගය’ යන බැනරය තෙරපා ඉල්ලුම් පත්‍රය ප්‍රදර්ශනය කර ගැනීමට හැකිය. 

Feb 3, 2012

නැන්ජින් වලින් හම්බන්තොටට



තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටට දිනා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළවෙනවා.ඒ වෙනුවෙන් සාකච්ඡාවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආසියාවේ ක්‍රීඩා ප්‍රධානින් සමග සමීප සම්බන්ධයක් ඇති ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රමුඛව කටයුතු කරන බව ක්‍රීඩා කේෂ්තුය සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.මීට පෙර හම්බන්තොටට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය දිනා ගැනීමට ගත් උත්සාහයේ දී හේමසිරි ප්‍රනාන්දු වැනි චරිත නිසියාකාරයෙන් යොදා නොගෙන කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු අතර මේ වනවිට 2017 පැවත්වීමට නියමිත් මෙම තරගාවලිය වෙනුවෙන් සටන් වදින්නට සිටි මැලේසියාව සහ වියට්නාමය තරග බිමෙන් ඉවත් කළ හැකි මට්ටමට සිය ජාත්‍යන්තර මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් හේමසිරි කටයුතු කරමින් තිබෙන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. 
මෙහි ප්‍රථම තරගාවලිය සිංගප්පූරුවේ පැවති අතර එහිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නට හැකි වුණා.දෙවන තරගාවලිය චීනයේ නැන්ජින් හී පැවත්වෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රථම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ඉදුනිල් හේරත් ය.

සුධීර ගේ කහ ජර්සිය තිළිණ ට

දැයට කිරුළ පාපැදි සවාරියේ දෙවන දිනය නිමා වන විට තරගයේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ තිළින ද සිල්වා ට හැකි වී තිබෙනවා.තංගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා ක්‍රියාත්මක වූ තරගයේ ප්‍රථම දිනයේ ජයග්‍රහකයා වෙමින් ඊයේ රුවන්වැල්ලේ සිට මාතලේ දක්වා වූ තරගයේ දෙවන දිනයේ කහ ජර්සිය පැළද තරග කළ ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංගට අද තරගයේ අවසාන දිනයේ තරගයේ දී එම ජර්සිය යුධ හමුදාවේ තිළිණ ද සිල්වා ට ලබා දෙන්නට සිදු වුණා.ඒ අනුව අද මාතලේ සිට අනුරාදපුරය දක්වා වන ගමන් මාර්ගයේ දී තරගකරුවන් අතර කහ ජර්සිය පැළද තරග කරන තිළිණ,සමස්ත තරගයේ ජයග්‍රාහකයන් අතර තත්පර දෙකක කාල පරතරයකින් ඉදිරියෙන් සිටිනවා.
තරගයේ දෙවන අදියරේ ජයග්‍රහකයා වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසන්ත හරිස්චන්ද්‍රයි.තත්පර 30 ක පමණ කාල සීමාවක විහාල තරගකරුවන් පිරිසක් දකින්නට ලැබෙන නිසා අද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගැනීම නිසැකයි.වර්ථමානයේ තරගයක් ඇතුළත කණ්ඩායම් ක්‍රියාවලියක් ක්‍රියාවට නැගෙන නිසා සිය කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් වැඩි වෙහෙසකට පත් නොකොට සෙසු තරගකරුවන් වෙහෙසී තරග කිරිම සාමාන්‍ය දසුනක් වී තිබෙනවා.ඒ නසි අද තීරනාත්මක දිනයේදී කාල පරතරය අඩු කර ගැනීමට ස්ප්‍රින්ට් ජයග්‍රහණ තම කණ්ඩායම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ට ජය ගැනීමට හැකි වන ලෙස සෙසු තරගකරුවන් සහය දැක්වීම නිසා අද තරගයේ පෙරමුණේ සිටින ක්‍රීඩකයන් අභිබවා විශාල කාල පරතරයක් තබා ගෙන යමෙකු ඉදිරියට එනු ඇතැයි සිතීම අපහසුයි.නමුත් මාර්ගයේ ඇති යම් දුෂ්කරතා ප්‍රයෝජනයට ගෙන යමෙකු ඉදිරියට පැමිණියහොත් එය අද තරගයේ මුල් සැතපුම් 50 පමණ දුර දී සිදුවිය යුතුයි.
www.supirikrida.com

IPL වෙන්දේසිය හෙට


මෙවර IPL තරගාවලිය වෙනුවෙන් පැවත්වෙන ක්‍රීඩක වෙන්දේසිය හෙට පැවත්වීමට නියමිත බව වාර්තා වෙනවා.මෙවර ක්‍රීඩක ලංසු තැබීමේ දී වැඩි මිළක් එංගලන්තයේ ග්‍රෙහැම් ස්වෝන් ට සහ ශ්‍රී ලංකාවේ මහේලට හිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.අප්‍රේල් 04 දා ආරම්භ වි මැයි මස 27 නිමාවට පත් වීමට නියමිත මෙවර IPL තරගාවලිය සදහා කණ්ඩායමක් අවම වශයෙන් ‍අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් ක්‍රීඩකයන් මිළ දී ගැනීම වෙනුවෙන් වැය කළ යුතු වෙනවා.
මෙම මිළ දී ගැනීමට ක්‍රීඩකයන් 144 දෙනෙකු ඇතුළත් වන අතර ඒ පිරිස ජාත්‍යන්තර පිටියෙන් සහ ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සොයා ගැනිමට නියමිතයි.

Feb 2, 2012

ප්‍රසාද්’ ගත් ‘නෙත්මිණි' ‍ගේ වොලිබෝල් ඡායාරූපයට ජාත්‍යන්තර ඇගයීමක්


ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය 2011 වසරේ දී එම සම්මේලනයට අනුබද්ධිත රටවල් 220 තුළම ක්‍රියාත්මක වූ Volley All Festival වැඩ සටහන ශ්‍රී ලංකාවේ හාලිඇල ජාතික පාසලේ දී ක්‍රියාත්මක වෙමින්  පැවතෙද්දී ප්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡායාරූපයක් එම වැඩ සටහනට අදාළ හොදම ඡායාරූපය ලෙස තෝරා ගන්නට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් තීරණය කර ඇත.


ප්‍රසාද් විසින් ගන්නා ලද මෙම ඡායාරූපයට හාලිඇල මුගුණුමන විද්‍යාලයේ නෙත්මිණි ශාක්‍යා පෙනී සිට ඇති අතර මෙම ඡායාරූපය මේ වසරේ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රකාශිත සියළු ග්‍රන්ථ වලට යෙදීමට ද එම සම්මේලනය තීරණය කර ඇත.එසේම ප්‍රථම වරට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ආශ්‍රිතව හිමිවන සම්මානනීය අවස්ථාව මේ ඡායාරූපය සමග ප්‍රසාද් විසින් හිමි කර ගන්නා අතර ඒ අනුව ඔහු මෙවර ඇමෙරිකාවේ දී පැවත්වෙන 33 වන ජාත්‍යන්තර වොලිබෝල් සමුළුවේදී එම ඓතිහාසික අවස්ථාව උදා කර ගන්නවා ඇත.

ප්‍රසාද් දැනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරන්නේය.






නිලූක උපරිමයට


සිය බැඩ්මින්ටන් ජීවිතයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වල උපරිමයට ළගා වීමට ඉකුත් සතිය නිමාවන විට නිලූක කරුණාරත්න සමත් වී සිටිනවා.මීට පෙර වරෙක 71 වන ස්ථානයට පත් වී ඇති නිලූක, මෙවර සිය ස්ථානය 69 වන ස්ථානය දක්වා ඉහළට ඔසවා ගෙන තිබෙනවා.
මෑත කාලීන ඉතිහාසය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ වැඩි ප්‍රමාණයකට සහභාගී වීමේ අවස්ථාව ලබා ගත් නිලූක ජාත්‍යන්තර තරගාවලි කිහිපයකම ජයග්‍රාහකයා වෙමින් ද තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් ගණණාවක් පරාජය කරමින් ද ජගත් බැඩ්මින්ටන් පිටියේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් වුණා.එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටින නිලූක,මේ වන විට ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට හැකි නිර්‍දේශිත සීමාවේ සිටිනවා.නමුත් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව නොලැබී ගියහොත් ශ්‍රේණිගත කිරීම්වල පහතට වැටී එම අවස්ථාව නිලූකට අහිමි වී යන්නට ඉඩ තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබදව බැඩ්මින්ටන් පරිපාලනයේ මෙන්ම ක්‍රීඩා ප්‍රධානීන් ගේද අවධානය යොමු විය යුතුව ඇති අතර දැනට මැක්ලරන්ස් සමාගමේ වෙළද ලාංඡන තාතපති ලෙස එම ආයතයෙන් ලැබෙන අනුග්‍රහය ඇතිව සහ මනිලාල් ප්‍රනාන්දු ගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත නිලූක ජාත්‍යන්තර තරගවලට සහභාගි වන්නේ පුහුණුකරුවෙක් භෞත චිකිත්සකයෙක් හෝ නොමැතිව බැවින් ඔහු ගේ දක්ෂතා එම තරගවලදී උපරිමයෙන් දැක්වීමට ඉඩ නොලැබෙන්නේය.