Aug 27, 2013

මව්බිම රිදී පැහැ ගැන් වූ සීවලි පුතුට විදුබිමෙන් උපහාර

චීනයේ පැවති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම දස්කම වන රිදී පදක්කම දිනා ගත් රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංක සිසුවා ඇගයීමේ උත්සවයක් විද්‍යාලයේ සිසු - සිසුවියන් ආදි ශිෂ්‍යයන්_ ගුරු භවතුන් සහ රත්නපුර ප්‍රදේශයේ හිතවතුන් විසින් සංවිධානය කර තිබිණ.ඇහැලියගොඩ සිට රිය පෙරහැරකින් රත්නපුර නගරයටත් නැවත විද්‍යාලයටත් පැමැණෙමින් නිමා වූ මේ උපහාර උත්සවයට විශාල රිය පෙරහැරක් එක් වූ අතර අමාත්‍ය සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි හිෂය ප්‍රේමලාල් ජයසේකර ද එක් විය.
ල්‍රදේශවාසීන් සියල්ලගේ ආදර්ශයට ලක් විය යුතු මීටර් 110 ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වන අකිලගේ ජය සමස්ත රත්නපුර ප්‍රදේශයටම ආඩම්බර විය හැකි ජයක් මෙන්ම රටේ ක්‍රීඩාව සහ අකිලගේ ඉසව්ව ලද විශාල ප්‍රගතියකි.ඒ ජයග්‍රහණය වෙනුවෙන් අකිල මෙහෙය වූ පුද්ගලයා ද සීවලියම බිහි කළ එිටපු ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයෙකු වන අතර, අද වන විට සීවලියේ ශාරිරික අභ්‍යාස ගුරුවරයෙකු ලෙස සේවය කරන ඉන්දික ජයසිංහ ය.ඡායාරූපයේ දැක්වෙන්නේ ආසියාවට අභියෝගයක් එල්ල කළ අකිල ඒ සදහා මාර්ගෝපදේශකත්වය දුන් ගුරු පාද නමස්කාරයේ යෙදෙමින් ඉන්දිකට උපහාර දැක් වූ අවස්ථාවයි.
මතුපිටින් එක්වර නොපෙණුනද,මේ උපහාර රිය සංචාරය සදහා ප්‍රදේශවාසීන් මෙන්ම විද්‍යාලයට විවිධාකාරයෙන් සම්බන්ධතා ඇති ආදි සිසුවන්ගේ සිට විවිධ අය ද අනාරාධිතව හැගීම්බරව වියදම් කරන්නට යෙදුණ මුදල විශාලය.රතිඤ්ඤා කරලේ සිට වාහන ඉන්ධන සදහා ආදියට මෙසේ මුදල් වැය කරමින් අකිල වෙනුවෙන් දැක් වූ උපකාරය තවත් පියවරකින් වඩාත් පලදායි මෙහෙයුමක් කරන්නට ද ඔවුන්ට හැකියාව ඇත.ඒ අකිල සුරැකීමේ ජනතා ව්‍යාපාරයක් දක්වා එය වර්ධනය කිරිමෙන්ය.එවැනි ස්වෙච්ඡා සංවිධානයක් නිර්මාණය කරමින් අකිල ගේ මලල ක්‍රීඩා ජීවිතය මෙන්ම රත්නපුර ප්‍රදේශයෙන් බිහිවන ක්‍රීඩකයන් සුරක්ෂිත කරමින් දක්ෂතා වර්ධනයකට යොමු කිරීමට ද හැකිනම් අකිල ගේ ජයග්‍රහණය හරහා රටට තවත් ජයග්‍රාහී ගමන් මාවතක් විවර කර දෙන්නට රත්නපුර ජනතාවට හැකි වන බව නිසැකය.
www.supirikrida.com 

1 comment:

Unknown said...

ඔබ ක්‍රීඩාව සදහා කරන මේ පෑන මෙහෙය වීම අපේ පුංචි රටට ලෝකයට විවර වෙන්න හේතුවක් වෙයි.
මම කැමතියි ඔබ වගේ කෙනෙක් හදුනා ගන්න.