Apr 8, 2013

රන්දෙණිය ඉහළ කඩුල්ලෙනුත් පනියි

 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන දිනයේ දී ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 110 කඩුලු දිවීම තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී සුපුන් විරාජ් රණ්දෙණිය ප්‍රථම වරට මීටර් 1.06 උස කඩුල්ල සහිත ජාතික මට්ටමේ තරගයකට ඉදිරිපත් වෙමින් තත්.14.49 ක දක්ෂතාවයක් දක්වමින් ජය ගැනීමට සමත් වුණා.ආසියාතික පදක්කම මෙන්ම යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ මෙම ඉසව්වේ අවසාන තරගයද නියෝජනය කළ සුපුන් එහිදී තරරග වැදුණේ මීටර් 0.990 ක උසින් යුතු කඩුල්ලක් තරණය කරමින්ය.
ආසියාතික යොවුන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දකුණු ආසියාතික මට්ටමෙන් ඔබ්බට ගොස් මීටර් 110 කඩුලු ඉසව්වෙන් දිනා ගත් පළමු පදක්කම ලෙස සැළකෙන අතර එම පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කාරණාව වූයේ සුපුන් ජාත්‍යන්තරය ජය ගැනීම සදහා ඉහඵ උසින් යුතු කඩුල්ල කෙසේ තරණය කරාවිද යන්නයි.නමුත් සිය පළමු තරගයෙන්ම ඊට පිළිතරුදුන් සුපුන් මේ දක්වා එම ඉසව්වේ ආධිපත්‍යය දරා සිටි එස් රන්දීව දෙවන ස්ථානයට (තත්.14.81) පත් කරන්නට සමත් වුණා.
එසේම ඊයේ පැවති කාන්තා මීටර් 800 තරගය ඩබ්ලිව් කේ එල් නිමාලි විසින් ජය ගැනීම ද කැපී පෙණුනා.කලක් මිටර් 300 බාධක දීවීම ඉස්ව්වේ ජාතික වාර්තාලාභිණය ව සිටි නිමාලි ජාතික මට්ටමේ තරග වලදී වරින් වර ඉසව් වෙනස් කරමින් මීටර් 1500 මෙන්ම මීටර් 400 කඩුලු ඉසව්වේද ජාතික මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබමින් ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නද සමත් වී ඇති නිමාලි ද ශ්‍රී ලංකාව සතු දුර්ලභ ධාවිකාවක ලෙස හැදින්විය හැකියි.
අද තරගාවලියේ අවසාන දිනය වන අතර කලෙකට පසු පිටියට පිවිසි ෂෙහාන් අඹේපිටිය ඊයේ මීටර් 100 මූලික තරග ජය ගනිමින් දක්ෂතා අතරට පිවිස සිටින අතර අද ඔහු අෂාන් හසරංග,එම් සෆ්රාන් වැනි ක්‍රීඩකයන් අතර මෙම ඉසව්වේ ජයග්‍රහණය සදහා තියුණු තරගයක් ඇති විය හැකියි.එසේම 2006 වසරේ මිටර් 100 ඉසව්වේ දකුණු ආසියාතික ජයග්‍රාහකයා වන උමංග සුරේන්ද්‍ර ද ඊයේ මීටර් සිය තමාගේ මූලික තරගය ජය ගෙන සිටින අතර ඔහුට ද මෙය සිය ඉසව්වේ අනාගතය පිලීබදව තීරණය කරන්නට හොද අවස්ථාවක් විය හැකියි.
www.supirikrida.com

No comments: